Posts from the ‘චැට් සෙට්’ Category

චැට් සෙට් 2

හුදෙක් විනෝදය පිණිසම පමණි.. අතිශයින්ම වැඩිහිටියන්ට සහ වැඩිහිට්යන්ට පමණයි කියා තිබෙන ඒවා බලන්නට කැමති වැඩිහිටියන් නොවන ඕනෑම නොසන්ඩාලයෙකුට පමණි.

කතුවරයා 1: මාව මරන්නද යකෝ හදන්නේ
කතුවරයා 2: මම ගව ඝාතන නොකරමි.
කතුවරයා 1: එහෙනම් හොඳයි… උඹ සියදිවි හානිකරගන්න එකක් නෑ කවදාවත්
කතුවරයා 2: ගෑණු අප දෙදෙනාව හූරන් කෑහ. උන්ට හෙණ ගහපන් ගනන් බලාපන්. ( හිනා හිනා )
කතුවරයා 2: මොන මඟුල උනත් සිය දිවි හානි කරගන්නේ නම් නෑ.මම ගොනෙක් උනාට එච්චරම ගොනෙක් නෙවෙයි.
කතුවරයා 1: මඟුල උනා කියන්නේ දෙවරක් තෙවරක් නොව සියවරක් සියදිවි හානි කරගත්ත වැනිය කියා
දැනටම මා අවබෝධ කරගෙන සිටිමි
කතුවරයා 2: අනේ අපොයි යැ. කුමක් කරම්ද ? Bamba ketu hati thama ithin.
කතුවරයා 2: බඹා කෙටූ හැටියට ලූ බබා වැනෙන්නේ.
කතුවරයා 1: මොනාවත් කල යුතු නැත.. උඹට බේරිලා ඉන්නට උඹේ හිත වත්, ස්වභාව ධර්මයාවත්, උඹේ
දෙමාපියන්වත් වැඩිකල් ඉඩ නොදෙනු ඇත. කොහේ හෝ යන අටමගලක් උඹේ කරේ ගසනු ඇත.. කරනට
දෙයක් නැත ඒ අපි ලබා උපන් ආකාරයයි
කතුවරයා 2: මම කඩේට ගොස් අධිරාජයවාදී කලු කඩකාරයා පෝසත් කිරීමට වැඩි මිලට ග්‍රැමොක්සෝන් ගෙන
උඹටද භාගයක් දී ඉතිරි ටික තනිවම බොමි. ( අර කෙල්ලටද භාගයක් දෙන්නට වටී)
කතුවරයා 1: ග්‍රැමක්සෝන් ගන්නා සල්ලි වලින් සූදු කෙලියානම් අඩු ගනනේ පරාද වෙන්නවත් ඉඩ තිබේ… ඒවා
බීලා මැරෙනවාට වඩා මැරෙන එක සැපය
කතුවරයා 1: කෙල්ලට 1/2ක් දුන් කල්හී අපි දෙදෙනාට ඉතිරි වන්නේ 1/4 ක් පමණි.. ඔය ජුන්ඩක් බී බඩේ රුදාව
හදාගෙන කොත්තු කෑමට ඇති එකම ලයිසන් එක කැන්සොල් කොරගන්ට මම ගොනෙක් නොවෙමි.
කතුවරයා 2: දැන්නම් අප දෙදෙනා චැට් කොරන්නේ චන්ද්‍ර අනගිරත්න මහතාගෙ භාශාවෙනි. උන්නැහේ ජීවත්ව හිටියා නම් අපි කපෝතිය නැත නැත අප කපෝතිය
කතුවරයා 1: උන්දෑ ජීවත්ව සිටියානම් අප තිදෙනාම කපෝතිය… .. අපිද පොර ගිය
මගෙහිම ගියානම් මෙලහකටත් ලෝක පූජිත. අන්ත කිජීත පොරවල් වන්නට තිබුණා කියා පාරේ යන පිස්සෙක්
කියූ කතාවක් මට අමතක විය.
කතුවරයා 2: අප තිදෙනාට අමතරව XXX කියා තවත් ඔරිජිනල් පිස්සෙක් ද වේ.
කතුවරයා 1: ඌටනම් පිස්සු ඩබල් යැ… අනික ඌට ඇත්තේ වෙනම පිස්සුවකි
කතුවරයා 2: කසාද නොබැඳපු එවුන් දකින විට මට ඇතිවන ඉරිසියාවක මහත ( බැඳපු එකෙක් )
කතුවරයා 2: උගේ පිස්සුව හොඳ කල හැක්කේ ගොඩ වෙදෙක්ට යැ. නැත්නම් ලෝක වෙදෙක්ට යැ.
කතුවරයා 1: කසාදය හෝ දැඩි ප්‍රේමය පොදු වැසිලිකියක් වැනිය යැයි මා වරක් උඹ හා සමඟ කියා තිබේ.. එලියේ
ඉන්නා එවුන් ඇතුලට යාමට දහදුක් විඳියි…එලෙසම ඇතුලේ ඉන්නා එවුන් හිතන්නේ එලියට එන්නේ කෙලෙස,
කොයි මොහොතේද කියාය
කතුවරයා 2: ලෝකයම පිස්සන් කොටුවකි. අපි එහි පිස්සෝ වෙමු. :- කතුවරයා 2 ගේ නම (නිසි බලධරයා කපා
හරින ලදී)
කතුවරයා 1: පිස්සන් කොටුවට පිස්සන් බිහි කරන්නේද, පිස්සන් බවට පත් කරන්නේද, පිස්සු හොඳ කරන්නේද , පිස්සන්ව නැත්තටම නැති කරන්නේද එකම එක සත්වයෙකි.. ඕ තොමෝ ගැහැණිය නම් අපූරු සත්වයා මිස අන්
කවරෙක් විය හැකිද ?? :-කතුවරයා 1 ගේ නම (නිසි බලධරයා කපා හරින ලදී)
කතුවරයා 2: ඔබත් සමඟ චැට් කිරීමෙන් මගේ හිතේ සියලු දොම්නස් පහවූ සේක.
හෙට (*පාඨමාලාවක නමක්.. *) කිරීමට වුවද මගෙ හිත දැන් පෙර පරිදිම සවිමත්යැ. හරියට මහවැලි කොන්ක්‍රීට්
දැම්මා වැනියැ.ප්‍රීතියෙන් ඉපිලේයැ. හඃ හඃ හඃ
කතුවරයා 1: අම්මට සිරි.. මහවැලිය හොර වියාපාරයක් බැවින් හි කොන්ක්‍රීට් එතරම් සුවර් නැත…
කතුවරයා 2: මේ චැට් එක ඉතා වටිනා බැවින් මම මෙය ඔබ කරනා ලෙසම සේව් කර තබාගමි.
කතුවරයා 1:නිදි දෙව්දුව මෙතෙක් කල් සඟවා සිටි ඇගේ ගැහැණු ලක්ෂණ එලි දක්වමින් මාහට වද දෙයි… මා හට දස වද දෙයි…. තවත් නම් ගෑණුන්ගේ කරදර ඉවසන්නට නොහී මා නිදි දෙව්දුව වැළැඳ ගන්නේ කොතරම් බැන්නත් ගෑණු නැති ලොව අපටැ ද පැවැත්මක් නොමැති නිසාවෙනි.
කතුවරයා 2: එය නම් සත්‍යක් මයැ. ගෑණුන්ට මෙච්චර වෙලාවක් බැන ( නිකම් නොවේ සල්ලි වියඩම් කොට )
උන්ටම නහින අපට ( අපි දෙදෙනාට )කාණු දෙකේ තුවක්කුවක් කුලියට හෝ ගෙනවිත් වෙඩි තැබිය යුතුය.
කතුවරයා 1: සැබැවින්ම කාණුදෙකේ තුවක්කුවට දැමිය යුත්තේ සීනිය…අපි දෙදෙනා මිය යා යුත්තේ කූඹි
කෑමෙන්ය
කතුවරයා 2: එසේ නම් දැන් අප දෙදෙනා දොයියමු. ( වෙනවෙනම )
කතුවරයා 1: පැහැදිලිවම.. එසේ නොමැති වුවහොත් අර නිතර දෑත් පිරිමදින එක්කෙනාත් අපිත් අතර වෙනසක්
නැති වෙන අතරෙම එය ඉතාමත් පිළිකුල් සහගත වීම සහතිකය.
කතුවරයා 2: හෙට හමුවෙමුයැ. එතෙක් ආයුබෝවන් ………………..
කතුවරයා 1: ආයුබෝවන් … සුබ රැයක්.. සිහිනෙන් මොනා පෙනුනත් ගැහැනුන් නොපෙනේවා
sweet dreams
කතුවරයා 2:Night mears !!!!!!!!!!!!!!!!!!!!!11

චැට් සෙට් 1

කතුවරයා 2: පළමු ජවනිකාව
කතුවරයා 2: ප්‍රමාදය පසුතැවිල්ලට හේතුවිය හැක.

කතුවරයා 1: ජවනිකාව රඟ දක්වන්නට නොහැකි සේය.
මගේ හිමිකාරිය මා හා සමඟ කලෙකට පසු දොඩයි.. 10 ට XXXXX එනවායැයි කීවේය එවිට ඌ සමඟ වැඩ කළැ යුතුයැ

කතුවරයා 2: කසාය බීපු ගොලුවා වගේ ඉන්න එපා ඕයි.
කතුවරයා 2: අනේ අම්මපා මට එන කේන්තියට තෝව කෑවත් මදිය. ( ඉරිදා පන්තියේ එවුන්ව ඩෙවල් දමා කෑ යුතුය.ඩෙවල්

දැමීමට පෙර දෙහි දමා පිලී ගඳ යනතුරු සේදිය යුතුයැ. )

කතුවරයා 1: අම්මපා ඒකනම් මසුරන් කතාවය.
කාව කෑවත් මාව සහ මගේ ප්‍රියාවිය ඉතිරි කරනු මැනවි
කතුවරයා 1: තවද මට උබ හා විනාඩි 10ක් දෙඩීමට හැක

කතුවරයා 2: මා හරක් මස් නොකනා බැවින් තොපි දෙදෙනා බේරුණාහුයැ

කතුවරයා 1: අම්මපා එලය

කතුවරයා 2: එල නේන්නම්

කතුවරයා 1: අපේ ඊයේ චැටයට ප්‍රතිචාර අපමණය

කතුවරයා 2: මේ ඉරිදා පොහෝ දිනයකි. එදින පන්තියේ සාකච්ඡා කල හැකිද ?

කතුවරයා 1: වැඩේනම් කෙරෙන පාටය. වෙනදාට වඩා උනන්දුවද ඇත

කතුවරයා 2: චැටය කල කතුවරයා 2 මා බව දනගත් දිනෙක උන් මාව කනු ඇත. ( එය නුදුරේදීම වනු ඇත )

කතුවරයා 1: කට්ටියම සෙට් වනු ඇත… මොනා උනත් එදාට වඩානම් පිරිස එනු ඇත. ඉරිදා නිසාවෙන්

කතුවරයා 2: තොගේත් මගේත් හම යනු ඇත.

කතුවරයා 1: උන් ගවමස් බුදින බව මා දන්නේ නැත

කතුවරයා 2: ගවමස් නම් නොබුදින බව සැබෑවකි. නමුත් උන් අපේ හම ගලවා රබන් ගසනු ඇත.
කතුවරයා 2: මේ චැටය පලවූ කල්හි ඉරිදා පන්තියේ අයගේ පිත කුපිත වනු ඇත.

කතුවරයා 1: රබන් ගසන්ටනම් උන් උපන් දස්සයෝ ය

කතුවරයා 2: ඔබගේ හාමිනේ පැමිණි සේක්ද ?

කතුවරයා 1: එසේය. දැන් ඈ යන්නට සැරසෙයි

කතුවරයා 2: රබන් ගසන්නට පමණද ? කියූ දිනයකදී කියූ වේලාවට පැමිණීමටද ඔවුන් උපන් හපන්නුයැ.

කතුවරයා 1: එයනම් සැබෑවකි

කතුවරයා 2: කෙලෙස් රැහැණින් පිරිමින් බැඳ තබාගන්නා ගැහැණුන් මට නම් එපාමය.

කතුවරයා 1: මට පෙනෙනුයේ උඹේ පිට් එකද එලෙස බවය.. ඌද 10ට එන්නේයැයි කිව්වද තාම නැත

කතුවරයා 2: ඌට ෆිට් එක හෙවත් මීමැස්මොරය සෑදුනාද දන්නේ නැත.

කතුවරයා 1: දැන් අරයා ගිය බැවින් මා සම්පූර්ණ නිදහසේ අදහස් පළැ කරමි

කතුවරයා 2: එසේය ස්වාමීනී,
කතුවරයා 2: ඉරිදා පන්තිය මහ පුදුම පන්තියකැ.අප වෙන එවුන්ගේ විභාග කලවිට උන්ගේ දැනුම වැඩිවේයැ.මහත් පුදුමෙකි

!!!!!!!!!!!!!!!!!!!!!!1

කතුවරයා 1: එයනම් සැබෑවකි.නමුදු තවත් වාර දෙකක් ඇති නිසා කෙළෙස හෝ සමත් කර දුන් කල්හි උන් තම අභ්‍යාස

කිරීමෙන් තමාව දියුණු කර ගත යුත්තේ‍යැ

කතුවරයා 2: මෙය ඔබගේ මූණු පොතේ පලවූ විට සමහර අක්කලාගේ හිත ප්‍රීතියෙන් ඉපිලී ගොස් පිටාර ගලා ගොස්

කෙත්වතු සරුසාර වනු ඇත. ( දන්නෝ දනිති නොදන්නෝ හූල්ලති )

කතුවරයා 1: එලෙස නොවේයැ.. ගැහැණිය හිතාගැනීමටැ අමාරු දේකි.. එයට හදිසියේ වෙනස් වන්නට හැක්කා දේම අපවද

වෙනස් කළැ හැකිය

කතුවරයා 1: මා ඊයේ කී දේ හරිම වෙනස් දේකි.. අද කියන්නේ ඊට වඩා හොල්මන් කතාවකි.මාගේ උපදෙසනම් ප්‍රේම

කරන්නට එපා යන්නය.ඔබ මොන්ගල් කෙලින එක නවත්වාගන්නට බැරිවනු ඇත

කතුවරයා 2: ගැහැණිය යනු අපට බෙර ගස්සන තැනැත්තියකි.එවිට අපි ද උන්ගෙ බෙර පද තාලයට නටමු.

කතුවරයා 1: ඛේදවාචකය වන්නේ අප එසේ නැටීමටැ නොගන්නා උත්සාහයක් නොමැති වීමය

කතුවරයා 2: ඔබගේ කතාව 98.567265987566% නිවැරදිය.

කතුවරයා 1: ඉතිරි 1.432734012434% ට මොකක් උනාද

කතුවරයා 2: මෙ දැන්ද එකෙක් මට උගේ සියලු විභාග කර දෙන ලෙස දැන්වීය. මට උගේ බොටුව මිරිකා රීරි මාංශය උරා

බොන්නට සිතුණි.ඉතිරි ගණන අපේ බල්ලා කෑවේය.

කතුවරයා 1: එසේනම් බොනු… රසට ඇතියැයි විස්වසමි.බල්ලාට හෙන 6ක් සහ උබට එකක් ගැසිය යුතු නොවේයැ

කතුවරයා 2: ඒ අපේ බල්ලා නොවේ.වෙන බල්ලෙකි. ඌට නම් වැහි නැති හෙණ ගැසිය යුතුයැ.

කතුවරයා 1: කොහොමත් උඹේ ඔය ඉලෙක්ට්‍රොනික් වැඩක් එහෙ මෙහෙ උන වෙලාවක ඌට වැහි නැති හෙන වදිනු ඇත

කතුවරයා 2: ඔබගේ ජංගම දුරකථනය ලොව ඇති අතිශය සුරක්ශිතම එක නොවේද ?

කතුවරයා 1: හා හා .. ප්‍රසිද්ධියේ ඕවා කියන්නට එපාය.. සැබැවින්ම එය එසේම‍යැ.. මට හැර මොන ජගතෙකුටවත් එයින් වැඩ

ගත නොහැකිය (විටෙක මටද බැරිය).

කතුවරයා 2: බල්ලාගෙ ඉලෙක්ට්‍රික් වැඩ වලින් සමහර විට මටද විදුලි සැර වදී. අල්ලපු ගෙවල් වලින් පිඟන්, කෝප්ප,ජොග්ගු,

කේතල් ගුවනේ පාවී අපේ නිවසට දිශානුගතවෙයි.

කතුවරයා 1: අපි තවත් චන්දුල එකක් අරඹමු

කතුවරයා 2: එහි තිරය නොපෙනන සුලු ද්‍රවයකින් සාදා ඇත්තේ නොවේද ?
කතුවරයා 2: චන්දුල ඇරඹීමට ගොස් සින්ගර් එක උද්ඝෝශණය කලොත් මල කෙලි 7 1/2 කි…….

කතුවරයා 1: ජංගම දුරකතනයකට ඒ තාක්ෂණය හඳුන්වා දීමේ ගෞරවය හිමිවන්නේ අපේ අක්කාගේ පුතාටය… මගේ

දුරකතනය කීප වරක් ම බිම දමා ඔහු ඒ අති විශිෂ්ට නිර්මාණය කළේය. එසේ වන එකක් නැත… උන් අපි ගැන හොඳට දන්නා

නිසා අප ගැන වද නොවනු ඇත.

කතුවරයා 2: ඔබගේ පරිගනකයටද ඒ අද්විතීය තාක්ශණය හඳුන්වා නොදෙන්නේ මන්ද ??????????

කතුවරයා 1: ඒකාට තවම මොනිටරය උස්සා පොළොවේ ගැසීමට ශක්තිය මදිය… නිසි සහය ලැබෙන්නේ නම් පොඩි එකා

එයද කරනු ඇත

කතුවරයා 2: මේ චැටය පිලිවෙලට සැකසීම ඔබට බාරයැ

කතුවරයා 1: අපිළිවෙලේ පවතින පිළිවෙල ගැන චිත්‍ර ශිල්පියෙකු ලෙස උඹට මට වඩා අවබෝධයක් ඇතැයි සිතුවෙමි

කතුවරයා 2: අපිලිවෙලේ ඇති නියම රසය දන්නෝ අපි වැන්නෝමයැ. අනික් උන්ට 33 කෝටියක් දෙවිදේවතාවුන්

වහන්සේලාගෙ පිහිටයැ හඃ හඃ හඃ

කතුවරයා 1: හං හං හං

කතුවරයා 2: සුරාවෙහි අගයත්

එහි ඇති මනා ගුණයත්

බොන සුදනෝ මිසක්

නොබොන අනුවන දුදන නොදනිත්…..

කතුවරයා 1: අපේ අනුවන කම් අපිටය.. ඔය බොන උතුමන්ලා සළු වූ පසු උන්ගේ සාක්කු පිරිසිඳු කරමු

කතුවරයා 2: ඕක පරණ කවියක්….ඒ උනාට අගේ නම් අඩු වෙලා නෑ නේද ?

කතුවරයා 1: කවියෙන් කියවෙන දේ වගේමයි පරණ වෙන්ට පරණ වෙන්ට අගේ වැඩි වේ.

කතුවරයා 2: සාක්කු පමණක් නොව ගෙදරක් වුවද සුද්ද කිරීමට මම එමි ? සුද්ධෝදන පාරක් දමීමටයැ….

කතුවරයා 1: අදනම් නිදි මතය…. මම යන්නේය..

කතුවරයා 1: අදනම් නිදි මතය…. මම යන්නේය..මෙය සේව් කිරීම උඹට බාරය.

කතුවරයා 2: ඔබ නිදන්න ඔබ නිදන්න සුවෙන් සැතපිලා ඉහ ඉද්දර මම ඉන්නම් උකුණො බලබලා.එසේයැ ස්වාමීනි

කතුවරයා 1: jaya haa satuta good night macho.

කතුවරයා 2: අද රෑ මාව හීනෙනුත් පෙනෙයි. මොකද මම අහලා තියෙනවා තනිකන් දෝශ තියෙනකොට ප්‍රේත,

කුම්භාණ්ඩයන්ව පේනවලු……..

කතුවරයා 1: වෙලාවට ඈ හිත ලඟ ඇත. මට තනිකම් දෝශ නැත….