Archive for May, 2010

මේ විදිහට කියන්න පුලුවන්ද ????

ගුරුවරු….

මේකනම් මගේ පුද්ගලික ලිපියක්…

මට මගේ ජීවිතය මේ තත්වෙට ගොඩනඟා ගන්න මාව මෙහෙයවපු ගුරුවරු පිරිසක් ඉන්නවා. මගේ පූරුවේ කරපු ආනන්තරීය පාප කර්මයක් නිසා හැම දෙනාවම මතක නොතියෙන්න ඉඩ තියෙනවා. මම අග ඉඳන් එන්නම්…

මේ ලිපිය මේ හැම ගුරුවරයෙක්ටම උපහාරයක් වේවා !!!!!!!!!!!!!!!!!!!!!

OpenArk ආයතනයේ පින්ටො සර්,අරුණ සර්, චතුර සර්, සිළු මිස්.සදානා මිස් කියන මේ අය තමා මේ දවස් වල මගේ දෑස් පාදන්නේ.

මගේ ඩිග්‍රී කට්ට ගොඩදාගන්න..

ඊට කලින් මගේ ඩිප්ලෝමා එකේදි මට උගන්නපු ගුරුවරු තමා IDM එකේ අජිත් සර්, චරිත් සර්.

මම උසස්පෙළට කලේ ගණිතය. උසස්පෙළ දෙවනි වතාවෙ මට සංයුක්ත ගණිතය ඉගැන්නුවේ ප්‍රජා රේණුක සර්. භෞතික විද්‍යාව ඉගැන්නුවේ සුනිල් මෙන්ඩිස් සර්. රසායන විද්‍යාව ඉගැන්නුවේ ප්‍රසන්න බද්දේවිතාන සර්.

උසස්පෙළ පලවෙනිවතාවෙ මට හැම විශයකටම ගුරුවරු කීප දෙනෙක් හිටියා.

ඉස්සෙස්සෙලාම මම පන්තියකට කියලා සහභාගි උනේ අපේ පොඩි අක්කා කරපු සංයුක්ත ගණිතය ( ත්‍රිකෝණමිතිය )පාඩමට. ඇත්තටම එයා නැත්නම් මම  F 3 ක් වත් ගන්නේ නෑ. ඊටපස්සේ මම උදේපාන්දරම ගියේ අමිත් පුස්සැල්ල සර්ගේ භෞතික විද්‍යාව පන්තියට. ඒක ඉවරවෙච්ච ගමන් ප්‍රජා රේණුක සර්ගේ සංයුක්ත ගණිතය පන්තිය. ඒක ඉවර වෙලා තමයි ප්‍රසන්න බද්දෙවිතාන සර්ගේ රසායන විද්යාව පන්තිය පටන් ගත්තේ.

එකම දවසේ පන්ති තුනම.

කොහොමහරි ඊටපස්සේ මම ගියේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට . එහේදි මට සංයුක්ත ගණිතය ඉගැන්නුවේ අපේ කලුපහන සර්. රසායන විද්‍යාව ඉගැන්නුවේ සුභාෂිනී ජයතිලක මිස්. භෞතික විද්‍යාව ටික දවසක් ප්‍රේමරත්න සර් ඉගැන්නුවාට ඊට පස්සේ සිල්වා සර් තමා ඉගැන්නුවේ.

මම සාමාන්‍යපෙළ ඉගෙනගත්තේ කොට්ටාව ධර්මපාල මහා විද්‍යාලයෙන්.

ඒකේදි මට අත දුන්න ගුරුවරුන් මේ විදිහට ලියන්නම්

එහෙදි අපි අපේ ගුරු මෑණිවරු ඇමතුවේ මැඩම් කියලා.

සිංහල  –  මෙරායා මැඩම්.

ගණිතය  –  ජයතිස්ස සර්

විද්‍යාව  –  සුමිත්‍රා මැඩම්

සංගීතය  –  සද්ධාමංගල රූපසිංහ සර්

සමාජ අධ්‍යයනය  –  ආරියසිංහ සර්

බුද්ධ ධර්මය – පූජ්‍ය කරපුටුගල ඉන්ද්‍රරතන අපේ හාමුදුරුවෝ

යාන්ත්‍රික තාක්ෂණය  –  සමරතුංග සර්

ඉංග්‍රීසි  –  සුනිල් සර්

අවාසනාවකට මට අතිරේක විශයන් උගන්නපු ගුරුවරු දෙන්නගේ නම් මතකයේ නෑ. ඒකනේ මට ඒවට C 2ක් තියෙන්නේ.

මේ ලිපියේ ඉතුරු ටික පුලුවන් ඉක්මනින් Complete කරනවා…………

අපි සදා ඔබට ණයගැති වෙමු…


දවසක් ලහියට මාර දෙයක් උනා..
මේකේ නිධාන කථාව මෙන්න මේකයි. ලහියා ඉස්සර හැමදාම උ.පෙ පන්ති ගියා.(ඇත්තටම දෙවනිපාර ) මේ කාලේ තමයි අපේ රටේ මෑත කාලයේ භයානකම කාලය. ඉතින් බස් එකට නැගලා ලැබිල තිබ්බ ආරක්ෂක උපදේශ පිලිපැද්ද ලහියා නුගේගොඩ බලා පිටත් උනා. ලහියා ගිය බස් එකේ හිටියා වැඩිය සිංහල කතාකරන්න අකමැති වගේ පෙන්නන සිංග්ලිෂ් ඇන්ටි කෙනෙක්. මගදි බසේ හිටෙව්වෙ මාර්ග බාධකයකදි පරික්ෂාකරන්න.
ඒ දවස් ටිකේම මම ගිය බස් එක නැවැත්තුවා. මට ඒ කට්ටියව හොඳට දැකලා පුරුදුයි. මොකද ඒ දවස් කීපයේම වගේ DUTY හිටියේ එකම කට්ටියක්. පොඩ්ඩක් හෙමින් තමා බස් එක පරික්ෂාකළේ. බස් එකේ සෑහෙන්ට සෙනඟත් හිටියා. විනාඩි පහක් යන්න ඇති, මම ඉස්සල්ල කිව්ව ඇන්ටිට යකා වැහුනා. අපේ හැඳුනුම්පත් බල බල හිට්ය සහෝදරයට බැන්න මෙන්න මෙහෙම. ” මොනාද ඕයි තමුසෙලා කරන්නේ මිනිස්සුන්ව රස්තියාදු කර කර. අපි දැන් කොයි වෙලාවෙ ඉඳන්ද බලාගෙන ඉන්නෙ මෙතන…… @^%&^@%#%*%#^*% “. මුළු රටක් බය කරගෙන හිටපු එකාට දුවන්න ගහන්න හයිය තිබ්බ උනාට ඒ හමුදා සෙබලා නෙවේ අර ගෑණිට වචනයක් වත් කිව්වේ. වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවිදේවතාවුන් වැනි මිනිසුන් ඇත…….
අච්චර දවස් ගාණක් හිටගෙන හිටපු කොල්ලටනේ මේ විනාඩි පහක් හිටන් ඉන්න බැරි ගෑණි කෑගැහුවේ…
පව් වැස්සට තෙමිතෙමී අව්වට වේලි වේලි එයාලා කලේ සල්ලි හම්බකරපු එක නෙවේ කියල අපි කවුරුත් මතක තියාගන්න ඕනි. අපේ ජීවිත රැකගන්න දහදුක් වින්ද එයාලට මෙහෙම කතාකරපු එකට ලහියා හිතින් කැමති නෑ. එදා ඒ ගෑණිගේ කණ පලන්න හිතේ හයියක් නොතිබ්බ එක ගැන ලහියාගේ හිත නිතර වදදෙන නිසා තමයි මේකේ ලිව්වේ.

මේ රටේ දමිළ සිංහල ආදී සියලු ශ්‍රී ලාංකිකයින් රැකදුන් මුරදේවතාවෙනි…..ඔබට දිවි ඇති තෙක් අපි ණයගැතිවෙමු.

කූඩු හැදිල්ල

අඹගහේ ලේනෙක් කූඩුවක් හදනවා. තව තැනක කුරුල්ලෙක් කූඩුවක් හදනවා.
අපි වෙසක් කූඩු හදනවා වෙසක් එකට එල්ලන්න.
පොලීසියත් හරි හරියට කූඩු හදනවා. වෙසක් එකට පස්සෙ එක එකාව එල්ලන්න. අනේ එකෙක්වත් දාන්න නොලැබේවා. (හොරු නැතිවේවා !!)

වෙසක් පැතුම

වෙසක් පුන්සඳින් ලොව නැහැවෙන දිනයේ ..

කරමු එක්ව පැතුමක් අප සැවොම මෙලෙසින්….

බුදුන් වැඩිය මේ පින්බිම….සැමදා

ලෝකයේ හොඳම මිනිසුන් ඉන්නා තැනක් වේවා ! !…..

කිසිවෙක් කිසිවෙකුට වෛර නොකරත්වා ! !..

හිංසා නොකරත්වා ! !….

දුක් පීඩා නොකරත්වා ! !………

2010-05-27 අද වෙසක්

මුලින්ම අද ලහියා ප්‍රාර්ථනා කරන්නේ.. හැම දෙනාගේම හිත්වල බුදුදහමේ මූලික දේවල්වත් තැන්පත් වේවා කියලයි. අපි ඔයාලා මොන ආගමේ උනත් බුදුදහම කියන්නේ Schedule එකක්. ඒකට අනුව වැඩකරොත් අඩුම තරමේ කාටවත් කරදරයක් නොකර කාගෙන්වත් කරදරයක් නොවී ඉන්න පුලුවන් බව ලහියා අත්දැකලා තියෙන දෙයක්. කෙනෙක්ට දුක් දීල අපිට කොච්චර කාලයක් සතුටින් ඉන්න පුලුවන් වෙයිද ඒකෙන්… මේකට ඔයලට හරි උත්තරයක් දෙන්න අමාරු උනාට පොඩි කාලයක් බව කවුරුත් දන්නවානේ. ඒත් කෙනෙක්ට සතුටක් දීලා අපිට ජීවිත කාලෙම සතුටින් ඉන්න පුලුවන් නේද ??.

ඊළඟට කියන කතාව මම ඇහුවේ මගේ ගුරුවරයෙක් ගේ බ්ලොග් එකකින්. අපි කෙනෙක්ට උදව්වක් කරලා ප්‍රති උපකාරයක් හැටියට තව තුන්දෙනෙක්ට උදව් කරන්න කියල ඉල්ලීමක් කරොත්, එයාලටත් ඒකට ප්‍රතිඋපකාරයක් ගන්නේ නැතිව තව තුන් දෙනෙක්ට උදව් කරන්න කිව්වොත්….. මෙතන ගුණෝත්තර ශ්‍රේණියක් නේ තියෙන්නේ… කොහොමද පොදුඅනුපාතය 3ක් වෙච්ච මුල් පදය 1ක් වෙච්ච ගුණෝත්තර ශ්‍රේණ්යක 10 වෙනි පදය වගේ එද්දි…

නිකන් ට්‍රයි එකක් දාලා බලමුද ආහ් මොකද කියන්නේ…. ???.

අද උදේම මහා ගාල ගෝට්ටියක් ,අපේ කිරිකැට්යා…(කිටියා) දෙමලිච්චෙක්ව අත් අඩංගුවට අරං.දෙමලිච්චා කරලා තියෙන්නේ එසේ මෙසේ වැරැද්දක් නෙවේ. මරණ දඬුවම දෙන්නයි යන්නේ. කිරිකැටියා කිව්වා. ඒ ප්‍රකාශය හෙලා දකිමින් දෙමලිච්චෝ පරපුර අඛණ්ඩ විරෝධතා රැළියක. මමත් දෙමලිච්චාගෙන් පරණ ණයක් අරන් ඉන්න ඇති අපෙ මව්යානය කෑගහනවා දෙමලිච්චාව බේරගන්න. මාත් ඉතින් උද්ගෝෂණේට එකතු උනා. මොකද පුරුදු නැති දේවල් යැ.. ඔන්න ඉතින් සුපුරුදු පරිදි ගලක් ගැහුවා කිරිකැටියාට. වියායාමය සාර්ථකයි. නමුත් දෙමලිච්චාටනම් කෙලවෙලා. මොනා කරන්නද අවසන් කටයුතු කිරිකැටියා ගානේ කරන්න ඉඩ ඇරලා. මම ශෝකය ප්‍රකාශ කරනවා බ්ලොග් එකේ.

ඒක ඉවර වෙලා බොලොගේ අලුත් පෙනුම බල බල ඉන් ඉන්දෙද්දී මගේ අසල්වාසී සහනා ආවා . අම්මට උඩු… මම දත් මැදලා, මූන හෝදලාවත් නෑ. නිවාඩු දවස් වල ඔය අනවශ්‍ය වැඩ කරන්න ලහියා කැමති නෑ නෙව. දැන් මොනා කරන්නද. බොහෝම අකමැත්තෙන් ගඳ නැතිකරගත්ත ලහියා පටන් ගත්තා උගන්නන්න. JඅVඅ (JAVA) මුල ටිකට සහනා ආවෙ නෑ නේ. මූට ලූප්ස් ඇරෙන්න ඕනි මලදානයක් තේරෙනවා ගින්දර වගේ. ඒත් ඕනිම එක නැතුව වැඩක් නෑ නේ.

තරු ත්‍රිකෝණෙ එක එක අතට ප්‍රින්ට් කරා. නොදන්න එවුන් දැන් අහන්න එපා තරු ත්‍රිකෝනෙ කියන්නෙ මොකක්ද කියලා. දැන්නම් කොල්ලා ෂේප් වගේ..ඇරේස් පටන්ගත්තා. ඒකනම් එල කිරි වගේ කලා.

ලහියා එහෙම තමා, වලට තනියෙන් ගියාට තනියෙන් ගොඩයන්නේ නෑ.

ඒක නෙවෙයි……. අක්කලව බන්දලා දුන්නම මස්සිනා කෙනෙක් නොමිලේ හම්බවෙනවනේ. මේ……….ඕක නොගෙන ඉන්න බැරිද අප්පා….

11ත් පහුයි නේ.. මම සාමාන්‍යයෙන් 11ත් පහුයි කියන්නේ 11.53 වගේ වෙලාවල් වලට. මගේ නිර්මාණයක් නෙවේ මම Combined Maths වලට ක්ලාස් ගියේ ප්‍රජා රේණුක සර් ගාවට. සර් තමා ඔය ෆොර්මැට් එකෙන් වෙලාව කියන්නේ..

2010-05-26

ඔන්න ඉතින් “ලහියා” ජීවිතේ හා හා පුරා කියල පටන් ගත්ත ජොබ අද අත ඇරියා. පට්ට දුකයි. මම හිතන්නේ ජොබ් එකෙන් එලවපු එකෙක්ටයි, පෙන්ශන් යන එකෙක්ටයි ඇරුනම රස්සාවෙන් කැමැත්තෙන්ම අස් වෙන එකෙක්ට මේ තරම් අස්පට් ගහන්නේ නෑ. නිකන් උගුරේ ටෙනිස් බෝලයක් හිරවෙලා වගේ. මට පට්ට දුකක් ආවාම මෙහෙම තමා. පලවෙනියටම බූට කාපු දවසෙත් මෙහෙම අස්පට් එකෙන් තමයි හිටියෙ… අම්මප ..

කොහොම උනත් ලහියට එහෙදි සලකපු විදිහ මැක්සා. කියලා වැඩක් නෑ. මම කල්පනා කරන්නේ මට වගේ බොස් කෙනෙක් හැමෝටම සෙට්වෙන්න කියලා.

මට ඩිග්‍රි කට්ට ගොඩදාගෙන නමේ අගට පොඩි ජුන්ඩෙක් (B.Sc.) දාගන්න ලොකු කැහිල්ලක් නොතිබ්බනම් මේ ජොබ මළාට දාල යන්නේ නෑ අප්පා.

කොහොම හරි මම වැඩ(නො)කරපු (එහෙම කිව්වේ මට සෑහෙන්ට නිදහසක් ජොබේ තිබ්බ නිසා) මොකක්ද කිය කිය හිටියේ…….. ආහ්……..ඇත්තටම මම වැඩකරපු තැන තව තවත් දියුණු වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා… හදවතින්ම.

මේ බ්ලොග් එක කියවන ඔයාලත් කිරුළපන අවට අයනම් ගෙදරට ගෘහභාන්ඩ හොයනවානම් ගොඩවෙලා බලන්න මේ වෙබ් Site එකට. Traa.lk. මූනු පොතේ ඉන්නවානම් මෙන්න මේ ලින්ක් එකේ Click කරන්න Traa Home Store – Facebook Page .

මේ මගේ අවංක අදහස්. මම ඉතින් බෙල්ල කැපුවත් කියන්න ඕනිදේ, කියන්න ඕනි එකාට, කියන්න ඕනි තැන නොතැන නොබලා කියන එකානේ. අනික මම ඉතින් බොක්කෙන්මනේ වැඩ.

කොහොම නමුත් මේක ලියාගෙන ලියාගෙන යනකොට අපේ මව් යානය රේඩියෝ සිලෝන් එක ඔන් කලා. කාපිය… කාපිය… අනෙ අම්මප නෑ…….. නෑ….. ඇන්ට්ප… මේ රටේ මාද්යවේදීන්ට මෙලෝ හසරක් ලියන්න නිදහසක් නැති හැටි. එහෙනම් කාලා එන්නම්. අප්පා මේ දවස් වල දවල්ට දවල්ට අපේ ලොකු අක්ක වැඩට යන නිසා එයාගේ පොඩි එකා අපෙ ගෙදර ඒනිසා අපෙ මව් යානය මේ දවස් වල BUSY. හොද්ද ලිපේ තියල පස්සෙ අමතක වෙලා. කැටිගැහිලා කියන්නේ තිස්සමහාරාමේ මීකිරි වගේ.

අද ගෙදර එද්දි පට්ට අස්පට් එකේ ආවෙ.අපේ පොඩි අක්ක මම ආපු බස් එකටම ගොඩවෙන්න ගිහින් බැරිවෙලා පස්සෙ බස් එකට නැග්ගා. බොරලැස්ගමුවෙ ට්‍රැෆික් නිසා අලුතින් පාලමක් හැදුවා. දැන් පාලම නිසා ට්‍රැෆික්. කොහොම හරි හන්දියට එදී අපේ පියානෝ සැපත් වෙලා හන්දියට.. අපරාදෙ කියන්න බැරි ලයිට් එකක් තියෙන මෝටාර් සයිකලේ. මළා අක්ක බැස්සෙ වැස්සත් ඉහලගෙන. මොනා කොරන්නද පියානන් මඳකට හන්දියේ නතර කරලා ආව දඬු මොනරෙ ගෙදරට අක්ක එක්ක. අක්කව දාල අයෙ ගියා. පාර පෙන්නේ නැති උනාට මොකද වේගෙ එහෙම පාලනය කරන්න හිතුනෙම නෑ නෙව.

කොහොමින් කොහොම හරි වැස්සෙන් ශේප් එකක් දාගෙන ගෙදරට ගොඩ උනා. කිඹුලගෙන් බේරුනාට ගෙදර ඉන්න හූනාගෙන් බේරෙන්න බෑ කියනවානේ. ගෙදර එනකොට හිම කිරම (Ice cream)දන්සලක් ගෙදර. වෙසක් හෙට. අද මොකෑ කියල බලද්දි තමයි වැඩේ මීටර්. ලොකු අක්කට පඩි. පර්මනන්ට් උනායින් පස්සෙ පලවෙනි එක. පොහ්. වැඩිය කෑම මට දෙවිදිහකින් බලපානවා. එකක් පීනසේ අනික උෂ්ණ බිබිලි. ඒක නිසා සංකේතාත්මකව පොඩ්ඩක් කටේ ගාගත්තා. කොහොම උනත් අද හිම කිරම කන්න පුලුවන් දවසක්ද නැද්ද කියන එක පස්සෙ දවසක කියන්නම්.. එතකල් K.I.T…… දැනටනම් බෑ….. කොහොම හරි මූනු පොතේ සැරි සැරුවා. ඒකෙත් දැන් කිසි මෙව්ව එකක් නෑ. ඔන්න එතකොටයි මතක් උනේ බ්ලොගාව. මේ ලියනව මේ ලියනවා.

දැන් සිරාවටම කියනවම්නම් මම අද ජීවිතේ තීරනාත්මක සන්ධිස්ථානයක ඉන්නෙ. අද ගත්ත තීරණ හරි ගියාද වැරදුනාද කියල පස්සෙ දවසක කියන්නම්.

දොයි මතායි… දැන් ඇති… ඉතුරුවා පස්සේ.. අපෝ තාම ලිව්වයින් 1000 ගුණයක් ලියන්න තියෙනවා. C U Later…..

පොහොර කෑවෙමි.

මේකත් වෙලා තියෙන්නෙ භූමිතෙල් බීපු සිද්ධියට මාස දෙකකට වගේ කලින්.
පොඩි කාලේ මම සීනි එක්ක පාන් කන්න ගොඩාක් ආසයි කියලයි තතු දත්තන් කියා සිටින්නේ. ඉතින් දවසක් තනියම පාන් වලට සීනියැයි සම්මත කරගත් යමක් දමාගෙන මම කෑවාලු. තතු දත්තන් කියන්නේ ඒ අල වවන්න යොදාගන්නා යූරියා නම් පොහොර වර්ගයක් බවයි. මම නම් තාමත් හිතන්නේ ඒ සීනි කියලායි.

This slideshow requires JavaScript.

මම භූමිතෙල් බිව්වෙමි.

මේක වෙලා තියෙන්නේ මම ගොඩාක් පොඩි කාලේ. අපෙ ගෙදර ඉතින් ඒ තරම් පරිස්සමින් ඔය භූමිතෙල් වගේ දේවල් ගබඩා කරලා තිබිලා නෑ. කොහොම හරි මම දවසක් ගෙදර තිබ්බ කුප්පි ලාම්පුව සම්පුර්ණයෙන්ම හිස් වෙනකල් රහ බලලා. හෙහ් හෙහ්. කොහොම හරි සාහෙන්න දවසක් ඉස්පිරිතාලෙ ඉන්න වෙලා තියෙනව.. ඕනිනම් ඔය සිද්ධිය වෙනකොට මම යන්තම් තනියම ඇවිදින්න පටන් ගත්තා විතරයි කියලා තමයි තතු දත්තන්, අදටත් කියල හිනාවෙන්නේ…

තාක්ෂණ රන්කිරි

මම කලින් Information Technaolagy & අපි දී කිව්ව වැඩසටහනේම අපේ සූරියප්පෙරුම මහත්තයා කිව්වේ දැයේ දරුවන්ට තාක්ෂණයේ රන්කිරි කටගාන්න ඉඩ දෙන්න කියාය.

එතුමා කියන්නට ඇත්තේ තාක්ෂණ ලෝකයට පිවිසෙන්නට ඉඩ දෙමු කියා වෙන්නට ඇති. නමුත් මා එම ප්‍රකාශයේ තව පැත්තක් දැක්කෙමි.

රන්කිරි කටගෑම, දැනට අභාවයට ගොස් තිබෙන පැරණි චාරිත්‍රයකි.

මම අසා ඇති ආකාරයට එය මෙසේය.

පැරණි විවාහ චාරිත්‍ර වල මනමාලයාගේ පය සෝදන මනාලියගේ සොහොයුරාට තෑග්ගක් ලෙස රන් මුදුවක් ලැබේ.කලක් ගතවී ඔවුන්ට ලැබෙන දරුවාට සතියක් පමණ වයස පිරෙන විට, මාමා ( පෙර කී මනාලියගෙ සොහොයුරා ) සතුව පවතින රන් මුදුව ගලගා රන් කුඩු ස්වල්පයක් ලබාගෙන එය මව්කිරි ස්වල්පයක් සමග මිශ්‍රකර දරුවාට පොවයි. ඒ රන් කුඩු සමඟ සුලබ විෂබීජ ද ශරීරගත වේ.

මේ ක්‍රියාවම අද BCG නම් එන්නතෙන් සිදුවේ. මෙහිදී සිදුවන්නේ මිනිස් ප්‍රතිශක්තීකරණ පද්ධතියට එක් එක් විෂබීජ වල ස්වභාවය හඳුන්වාදීමයි.

තාක්ෂණය ඉගෙනගැනීමද හරියටම මේ වාගේය. දහස්වාරයක් වැරදීමෙන් පසුත් එක්වරක් කල උත්සාහය නිසා අද ලෝකයම ආලෝකවත් වී ඇත.තෝමස් අල්වා එඩිසන් නාමය ලොව බබලන්නේ ඒ නිසාය.

විශේෂයෙන්ම පරිගණක තාක්ෂණය ඉගෙනගන්නා විට ඉහත තත්වය තදින්ම අත්විඳිය හැකිය. පරිගණක තාක්ෂණයේ එන ගැටළු වලට අවම උපකාර ලබාගනිමින් ඒ දැනුම සොයායන්නට, තනිව අත්දකින්නට ඉඩහැරීම අනාගතයේ පරිගණක වැඩකාරයෙක් (GENIUS) බිහිකරනු ඇත.