පලාබබා සටන කිට්ටු කිට්ටුලු.. අපෙ අප්පේ අපේ පැත්තේ වෙන දේවල්… දේසපාලකයො ටික මැතිවරණයක් එනකම් බොහොම පරිස්සමින් තියාගෙන හිටිය කැඩිච්ච පාරවල් හදනවා.. තව කට්ටියක් නොදී නොදී පරීස්සමින් ඉතුරුකරගෙන හිටපු සහනාධාර බෙදනවා..

ජනාධිපතිවරණයට ඔන්න මෙන්න කියලා තියෙද්දී අපේ පැත්තේ ප්‍රජා ශාලාවකට මුල්ගල තියනවා.. ඔන්න ජනාධිපතිවරණය දවසේ උදේත් යසට ඒකේ වැඩ ගියා.. හැබැයි පහුවෙනිදා ඉඳන් අද දක්වාම එක ගලක් තව ඒකෙ බැඳලා නෑ..

මම ඒ උදාහරණේ ගත්තේ අපේ රටේ මිනිස්සු චන්දේ දෙන හැටි ගැන කියන්න ආරම්භයක් විදිහට…

ඇත්තටම අපි මේතරම් මෝඩ ජාතියක්ද.. හැමදාම මේ හැටි රැවටෙන්න.. හොඳම වැඩේ රවටන බව දැන දැනම රැවටීම..
“ඕක ඉතින් චන්ද ගුංඩුවක් තමා, ඒත් ඉතින් ඒ මිනිහ එහෙම හරි කරනවනේ… මම මේපාර මැතිතුමාට”

ඇත්තටම අපි මෝඩ නෑ.. හැබැයි අන්තිම මොහොතේ අපි මොකක්දෝ ක්ෂණික ඔලමොට්ටල කමකට තැන දෙනවා..

මේ හැමදේටම හේතුව මම දකින හැටියට සර්වජන ඡන්ද බලයයි.. අඩු ගණනේ උසස්පෙළ සමත් අයට පමණක් ඡන්ද බලය සීමා කළයුතුයි කියන දේ මට හිතෙනවා.. ඇත්ත කුඹුරේ ජේමිස් අයියට, කම්මලේ හරමානිස්ටත් තමන්ගේ නායකයා තීරණය කරන්න අයිතිය තියෙනවානම් හොඳයි.. හැම ජන කොටසකම නියෝජනයක් තියෙන්න ඕන කියලා පරණ තියරියක් තියෙනවා.. ඒත් එහි කිසිදු තර්කයක් මට පෙනෙන්නේ නෑ.. ඒත් මේ සංකල්පයට මුවා වෙලා යමක් කමක් නොතේරෙන බහුතර ජනතාව ගොනාට අන්දලා දිනන ගොබ්බ තකතීරු දේශපාලකයො නිසා තමයි අපේ රට මේ තැනට වැටිල ඉන්නේ..

අනික් රටවල් නවීන තාක්ශණය ගොඩනඟනකොට එහි අතුරුපල භුක්ති විඳින නිවට ජාතියක් වෙලා අපි.. අපි මොනාද කරන නව නිර්මාණ.. වලං හෝදන යන්ත්‍ර.. පොල් ලෙලි ගහන යන්ත්‍ර.. මතක තියාගන්න ඒවට අපිට පේටන්ට් ලැබෙන්නේ අනික් ජාතීන්ට ඒවා නොහැකි නිසා නෙවේ.. ඔවුන් එවැනි ප්‍රාථමික දේවල් නව සොයාගැනීම් ලෙස නොසලකන නිසයි..

මම මේ අපේ හැකියාවන් අපහාසයට ලක් කරනවා නොවේ.. අපි හැදිය යුතුයි.. අපි ඉන්න තැන කොතනද කියල පැහැදිලිවෙන උදාහරණයක් ගන්නම්..
අපි යමක් මිලදී ගනිද්දී බලනවා ඒක ඔරිජිනල්ද ලෝකල්ද කියලා.. බලනවද නැද්ද?.. බලනවා.. මොකක්ද ලෝකල් කියන්නේ? .. දේශීය කියන එක නේ?.. එහෙනම් මේ මොකක්ද බලන්නේ?.. මේක මේ හොඳ නිශ්පාදනයක්ද නැත්නම් අපේ රටේ හදපු එකක්ද කියලා.. ඒ කියන්නේ අපි හදන්නේ බාල දේවල් නේ?
මේ මම කියන දෙයක් නෙවෙ .. දශක ගණනක් තිස්සේ අපි අපිම කියන දේවල්.. එදා ලෝකෙන් උතුම් රට ලංකාවයි කියලා කිව්වට ඇත්තටම එදා අපි ගාව තිබ්බේ උතුම් මිනිස් ගුණාංග තියෙන මිනිස්සු.. ඒත් දැන් ඒකත් නෑ.. දැන් කොහෙද උතුම්?..

අපි හැමදාම කළේ අපි තමා උතුම්ම කියලා කකුල් උඩ දමාගෙන බලන් හිටීම.. එක එක මෝස්තරේ ආණ්ඩු පත්කරපු එක.. වඩාත් නිවැරදිව කියනවානම් එක එක ගුංඩු දැන දැන ගිලලා ගිලපුවා රීගන්න බැරුව තැටඹීම..

හැමදේම ඉබේ සිද්ධ වෙන්න දීලා බලන් ඉන්නවා.. ඒක වැරදියි කියන එකාව කන්න හදනවා.. ඕං උතුම් ජාතිය..

මේ හැමදේම මේරටේ දේශපාලන ප්‍රතිපත්තියේ වැරදි.. සියළු ව්‍යාපෘති තම පාලන කාලයට විතරයි.. රටක් හැටියට අරමුණක් නෑ.. තිබ්බත් එය ගැලපෙන්නේ නෑ.. ගලපගන්න දේශපාලකයින්ට බුද්ධියක්, දැනුමක් නෑ.. දැනුම තියන අය දිනන්නේ නෑ.. දිනුවත් ජීවත් වෙන්නේ නෑ.. ජීවත් උනත් ඒ දැනුම තම යහපතට බඩට මිස රට වෙනුවෙන් යොදවන්නේ නෑ..

තෙවැනි පක්ශය අළුත් ගමනක් යන්න හදනවා.. හොඳ කරුණු ගෙන එනවා.. ඒත් ඔවුන් දිනන්නේ නෑ.. ඇයි.. ඔවුන්ගේ කිල්ලෝටයෙත් හුණු තියෙනවා.. ඩිංගක් නෙවේ ගොඩක්.. ඔවුන්ට පාලනය දෙන්න මිනිස්සු අකමැතියි/බයයි.. ඔවුන්ගේ නායකයාට හොඳ ප්‍රතිපත්ති තියෙනවා.. යන සිස්ටම් එකට ගහන්න හොඳ කරුණු තියෙනවා.. නමුත් ඔවුන් දිනන්නේ නෑ අර අතීතය නිසා..

මේ රට හැදීමටනම් කවදා හෝ මහා යුග පුරුශයෙක් පැමිණිය යුතුයි.. ඔහු මුල් කාලයේ ජනතාව රැවැටිය යුතුයි.. පොඩි තැන සිට ඉදිරියට ආ යුතුයි.. නොමැරී ශේප් එකේ ඉහලට යා යුතුයි.. හසල දැනුමක් එකතු කරගත යුතුයි. අවසානයේ මේ රටේ අවසන් ඒකාධිපති පාලකයා විය යුතුයි.. සැබෑ ජනතා ප්‍රේමයෙන් ඒකාධිපති කම කල යුතුයි.. බුද්ධිමත් උගතුන්ට පමණක් රට කරවන තැනට පත්වෙන්න/පත් කරවන්න හැකි ක්‍රමයක් හැදිය යුතුයි. විශය පථය අනුව පමණක් ඇමතිධූර ඇතිකළ යුතුයි සහ ඒ ඒ ක්ශේත්‍රයේ ඉහලම සුදුස්සා පමණක් එයට පත් කළ යුතුයි. රට කරවන තැනට පත්වීම වරප්‍රසාදයක් වීම වැලකිය යුතුයි.. එවිට සැබෑ ජනතා සේවකයින් ඒ සඳහා පත් වේවි. මේ හැම දෙයක්ම සමඟ..පක්ශ මාරුවට ඇති ඉඩ ඇහිරිය යුතුයි.. පවත්නා ක්‍රමය.. නීති වෙනස් කිරීමට නම් ඒ බව පැහැදිළිව පෙන්වා..කරුණු දක්වා ඡන්ද දායකයින්ගේ කැමැත්තද ඇතිව සිදුවිය යුතුය..

කිසිදා ඉටුවේයැයි සිතිය නොහැකි මේ හීනයත් සමඟ මමද ඔබ මෙන් මෙවරත් ඡන්ද ගුංඩුවකටම රැවටෙමි