Archive for February, 2011

මගේ ලමයාට නම දෙන්න කැමතිද

මම අදහස් වලින් මත් වෙලා හිටපු වෙලාවෙ වර්ඩ්ප්‍රෙස් අඩවිය මට ඇවිල්ලා ඉඟි බිඟි කළා.. මීට කාලෙකට කලින්…
ඒ වෙලාවෙ මට මාවම පාලනය කරගන්න බැරි උනා.. වර්ඩ්ප්‍රෙස් එක්ක එදා ගොඩක් වෙලා මම හිටියා. ඉල්ලන හැමදේම මම ඇතුල් කළා.. එවෙලේ මම ගොඩක් කල් මගේ හිතේ හිරවෙලා තිබ්බ හැමදේම ඉෂ්ඨ කරගත්තා.
එහෙම හැදිච්ච මේ බ්ලොග් එකට ගැලපෙන හොඳ නමක් යොජනා කරන්න අනේ. කුණුහරුප හිත හිත ඉන්නෙ නැතුව. කෝ දාන්න දාන්න කොමෙන්ට් එකක්. මගෙන් ගුටි නොකා. කෝ කෝ.

Advertisements

ගොනෙක් විකිණීමට තිබේ..

තරමක් නාඹර වයසැති නියම කේප්ප හරකෙක් විකිණීමට තිබේ. රැකබලාගන්නට කැමති අවංක අහිංසක මහත්මයෙකු සොයමි.
කෙල්ලන් වෙනුවෙන් ඕනෑම ගොන් වැඩක් කිරීමට උපන් හපන් කම් දක්වයි. තනිකඩයින්ට විශේෂයි. නැට්ට කපා ඇත. පැය ගණන් ෂොපින් යෑම සඳහා අනුවර්තනය වී ඇත. ටොන් ගණන් රෙදි මළු ඔසවාගෙන යා හැකිය. බිල් ගෙවීම, සහ අනෙකුත් සියළු වියදම් දැරීමට මහත් රුචියක් දක්වයි

කෙල්ලගේ ගෙදර ඇච්චෝ බැච්චෝ පාසල්, පංති රැගෙන යාමට , ඕනෑම කට්ටක් ආදරයේ නාමයෙන් උපේක්ෂාවෙන් විඳීමට පුහුණුකර ඇත.

තවත් මෙකී නොකී අගනා ගතිගුණ රැසකි.. වහාම විමසන්න. ලහියා..

(මුදලට නොව, මා හට රැකබලාගැනීමට අපහසු හෙයින් විකුණමි. නැතිනම් පණ මෙන් රැකගත් සතාය. විහිළුවට නොලියන්න.. )

ගැහැණු අය ඇමතීමෙන් වලකින්න.. මෙය පිරිමි අයට පමණි.. නමුත් ඔතරම් කැමතිනම් අරගෙන ආදරයෙන් බලාගත්තාට වරදක් නැත නමුත් පොඩ්ඩක් පරිස්සම් විය යුතුය. ඇන්නොත් ඇන්නාමයි බව තරයේ මතක තබා ගත යුතුය

සැ. ‍යු. : මෙම පෝස්ටය හුදෙක් රසවින්දනය පිණිස පමණි. කෙවදාවත් මා සතුව එවැනි ගොනෙක් සිට නැත. එනමුත් එවැනි ගොනුන් හදා වඩාගන්න අය දැක ඇත්තෙමි. මේ ඔවුන්ට අනුකම්පාවෙනි !!

මම ආයෙත්…

කාර්යබහුල ජීවිතයට සමුදීලා, ඔන්න ලහියා ආයෙත් ඔයාලට සමීප වෙන්නයි හදන්නේ. ආයේ නම් දාලා යන්නෙ නෑ නෑ නෑමයි.. 🙂

ඒත් ඉතින් ලහියට තියෙන ප්‍රෂ්න තමා කියන්න තියෙන්නේ. කමක් නෑ නේ. ඔයාලා ඉතින් මගේ දුකේදී හිටිය විදිහ මට අමතක නෑ. දැනට නවතින්නම් පස්සෙ හම්බවෙමු