Archive for June, 2010

මගේ ජංගම දු.ක

දැං කොල්ලොන්ට වගේ නෙවේ… ඒ ලෙවල් ඉවර වෙනකල් මට පෝං එකක් අරන් දෙන්න අපේ ගෙදරිං මනාප උනේ නෑ ඕං..
සෑහෙන්ට දතකාලා ඔන්න ඉල්ලගත්තා පෝං රාජයෙක්.. ඒකාලේ හැටියට හැමදේම වගේ කරන්න පුළුවන් සෝනි එරික්සන් කේ

750 අයි..


එදා ඉඳන් මගේ ළඟමයි මෙයා…
ඔන්න දවසක් බලද්දී ඉස්ක්‍රීන් එක සුදුම සුදු පාටයි..
රී ඉස්ටාට් කරලා බැලුවා.. මීහුප්…
පොඩ්ඩක් ඇදේට බැලුවා… අනේ යාන්තමට පේනවා… බොහෝම යාන්තමට…
රෙපෙයාර් කොරන්ට දෙන්නත් විස්වාස නැති නිසා ඒ විදිහට ඉස්ක්‍රීං එක බලන්න පුරුදු උනා..
මැසේජස් බලන්න යවන්න නම් කොම්පුටරේට ගහලා මයි ෆෝන් එක්ස්ප්ලෝරර් වලින් තමා…
ඔහොම පුරුදු වෙලා ඉන්න කාලෙ මේක ගත්ත තැනට දුන්න හදල දෙන්නෙයි කියලා..හදලා ඕනිම නම් මාසයක් පාවිච්චි කොරන්න

ඇති… ආයේ ලෙඩේ ආවා….

ඔන්න ෆිල්ම් එකේ කොල්ලාට තද වුනා…
දැන් හිටපු ගමන් හොඳ වෙනවා නරක් වෙනවා…
මමත් ඉතින් නරක් උනාම ඇද කොරලා බලනවා….
හොඳට තියෙද්දී පොඩ්ඩක් සන්තෝසෙන් වැඩ කරනවා….
කොටින්ම කියතොත් අස්පට් වෙලාවට පොටෝ අල්ලන්න, මූණුපොතේ චැට් කරන්න උනත් ගේමක් නෑ….

ලද දෙයින් සතුටු වෙන්නේ එහෙමයි……..

Advertisements

කුණුහරුප


මේ ළඟදී මම ඉස්කෝලේ දන්සලක් තිබිලා ඒකට ගියා..
දන්සල අතරේ පරණ පාප මිත්තරයො දෙන්නෙක් මුණගැහුණා…හිකිස්…
මිගා & ලකී…:
මුණගැහුණ ගමන් මෙන්න මේ වගේ දෙබසක්…
අරුන් : “ආ… කොහොමද ******* .. දැන් හොයාගන්නවත් බෑ නේද *******…”
මම : “යකෝ කුණුහරුප කියන්න එපා ******* ” හිකිස්..
අරුන්: “අනේ උඹයි මමයි දන්න ***** කුණුහරුප..”
මම : ” ඒක නෙවේ ******, අපි කොච්චර කෑගැහුවත් දන්නේ වචන 10 කටත් අඩු ප්‍රමාණයක් නේ ”
අරුන් : “***** දාලා… ඇත්ත නේන්නම්… “

***** ලකුණෙන් දක්වා ඇති දේවල් උපකල්පනය කරගැනීමෙන් මහත් ඵල අත්වේ

දැන් ගිය වැඩේ පැත්තක….
කට්ටිය ගණන් කරනව දන්න එව ඔක්කොම කියල…
නාම පද, ක්‍රියාපද වශයෙන් කිව්වොත්
නාම පද 8ක් වගේ………….
ඒවයින් හැදුන ක්‍රියාපද කීපයකුත් තියෙනවා..

දන්නවද හිනා යන වැඩේ මොකක්ද කියලා
මේක කියවපු හැම එක්කෙනාම තම තමා දන්න ඒවා මතක් කරලා 8 ට වැඩියෙන් හොයන්න උත්සාහ කළා…

මම මේක කියන්නේ වල්කම ප්‍රදර්ශණය කරන්න නෙවෙයි..
මේවාත් නාමපද සහ ක්‍රියාපද කීපයක් විතරයි නේ…
වෙනස තියෙන්නේ කට්ටිය එක්ක කියද්දි පොඩ්ඩක් විනෝදයි…
ඇත්තටම ඔය වචන පාවිච්චි වෙන්නේ මොනවා හඳුන්වන්නද කියලා අමුතුවෙන් කියන්න ඕනි නෑ නේ…
හැබැයි ඒ දේවල් හඳුන්වන තවත් වචන අපේ භාෂාවේ තියෙනවා වගේම ඒවාට නම් කවුරුත් මොකක්වත් කියන්නේ නෑ..
මට මේ වෙනස තේරෙන්නේ නෑ. හැමෝම දන්න, කාටත් තේරෙන වචන කීපයකට ඇයි මෙච්චර තහංචියක් කියලයි..
හැබැයි ඉඳලා හිටලා විනෝදවෙන්න තියෙන්නෙත් ඔය තහංචිය නිසාමද කියලාත් හිතෙනවා. අනේ මන්දා ඔයාල හිතන්නේ මොකක්ද ??

කොමෙන්ට් සීයයි….

ඔන්න පටන් අරන් මාසයක් වගෙ වෙච්ච අද කොමෙන්ට් සීයක් සටහන් උනා..
අසභ්‍ය නිසා ඉවත් කරපු ඒවත් තිබ්බානම් මේක මීට කලින් වෙලා…
හැබැයි අවාසනාවකට 100 වෙනි එක දාලා තිබ්බේ මම…

පළවෙනිදා සිට මේ දක්වා ඩයරි මල්ලි

කාලෙකින් නොලියපු නිසා ඩයරි මල්ලියා තරහ වෙලාද මන්දා..
අද ලියන්නම්…
මේ දවස් වල ලහියාගේ ලයිෆ් එක මල් කියලා කවුරුත් දන්නවා නේ.

ඒ අස්සේ තමා මේ විභාගයක් එන්නේ.. මොනා කරන්නද පහුගියකාලේ මානසිකත්වයේ වෙච්ච හදිසි වෙනස නිසා ටික කාලයක් පාඩම් වැඩ කරේ නැතත් දැන් දැන් හැමෝගෙම ආශිර්වාදය මැද ආයෙත් ඇන්ජිම දුවන්න අරන්.
ඒ කියන්නේ අළුත් තත්වයට දැන් ලහියා අනුගත වෙලා.
කාලෙකින් මගේ වල් පල් ඇරුනාම වෙන දෙයක් දාන්න බැරි උනා.. මට අගෝස්තු 8 වෙනකල් කල් දෙන්න.. කියන්න දේවල් නම් ගොඩයි.. අදහස් , විද්‍යාව… හ්ම්ම්ම්ම්..

මේ දවස් ටිකේ කියන්න තරම් විශේෂ දේවල් සිද්ධ වුනේ නෑ..
මේකේ වැඩි දුර ලියාගෙන යන්න හිත දෙන්නෙම නෑ. ළඟ ළඟ එන විබාගේ මතක් වෙනවා. විදුපියස පැත්තකින් වැඩ.. හි හි..

 

කොහොම උනත් ෆනට බර ලහියා නිවාඩු පාඩු වෙලාවක් ලැබුණම සින්දුවක් අහලා, මලක් කඩලා ගතකරපු බව අවසාන වශයෙන් කියන්න ඕනි.

මෙන්න උත්තරේ.

මෙහෙම හරි,

මෙහෙමත් හරි…

හි හී……….

ඇත්තටම අපේ ජීවිත වල ගොඩක් සරල දේවල් සංකීර්ණව හිතන්න ගිහින් වරද්දාගන්නවා නේද ?

තවත් වෙලාවකට අපි හැම සිද්ධියම අපි මුහුණදීපු සිද්ධි වල රටාවෙන්ම හිතන්න යනවා නේද.. ?

අපිට රාමුවකින් හිතන්න පුරුදු කලාම ඒ රාමුවෙන් පිට හිතන්න අපි මැලි වෙනවා නේද ?

බොරු කියන්නේ මොකටද මටනම් මුල් අවස්ථාවේ මේකට උත්තරේ ආවේ නෑ… ඔයාලා ගොඩ දෙනෙක්ට එහෙම වෙන්න ඇති…

🙂


මරේ මරු

ලහියාට අද මරේ මරු ගැටළුවක් හම්බවුනා.. හිතුවා ඔයාලත් එක්ක බෙදාගන්න.

ඔන්න මේ වගේ සමචතුරස්‍රයක් තිබ්බාලූ…

මේක මෙන්න මේ විදිහට හතරට බෙදුවාලූ…

මේවායින් කොටස් තුනක හතරෙන් එක ගානේ අඳුරු කළා ලූ…

එක සමචතුරස්‍රයක අඳුරු නොකරපු කොටස දෙකට බෙදන්නේ මෙහෙමයි…

තව ඒ හා සමාන කොටසක් තුනට බෙදන්නේ මෙහෙමයි…

තව කොටසක් හතරට බෙදන්නේ මෙන්න මෙහෙමයි….

ඉතිරි කොටස හතකට බෙදලා පෙන්නන්න…. පහසු ක්‍රම දෙකක් තියෙනව …. බලන්න හොයාගන්න පුලුවන්ද කියලා .

උත්තරේ මෙතනම දැම්මොත් හරි නෑ නේ. ඒක වෙනම දැම්මා… මෙතනින් ගිහින් බලන්න

මිදි තිත්තයි ෆේස්බුක්

මගේ නෑදෑයෙක් සමඟ ඔය ජනාධිපතිවරණෙ කාලෙ මාත් එක්ක මගේ දේශපාලන මතය ගැන වාද කර කර ඉන්දෙද්දි මම කිව්වා, උඹ බලපන් දැන් ෆේස් බුක් ෆෑන්ස්ලා උනත් වැඩිපුර ඉන්නේ XXXX ට නේ. එයා තමයි දිනන්නේ කියල. මෙන්න මේකා කියපි මෙන්න මෙහෙම. ෆේස්බුක් කියන්නේ සල්ලි කාරයොන්ට සුදු කෙලින්න, මිනිස්සුන්ව මුලා කරන්න හදපු දෙයක්.
ඈ මොකා…………………..
ඊට පස්සෙ මම දැනගත්ත හැටියට මේ යකාත් ෆේස් බුක් එකේ නෑ.
මේ වෙලාවෙ මට මතක් වෙනවා මම බලපු ප්ලැනට් 51 කියන ඉංග්‍රීසි චිත්‍රපටියක්. ඒකෙ පෙන්නන්නේ පිටසක්වල ලෝකයක්. පෘථිවියෙන් ගගනගාමියෙක් එහෙට යනවා. ඒ ලෝකයේ අය ඔහුව පිටසක්වල ජීවියෙක් ලෙස හඳුන්වා ඔහුට බියවී කරන සිදුවීම් දාමයක් තමා මෙහි තිබෙන්නේ.
ඒකෙ අවසානයේවගේ එහි තරුණයෙක් මේ ගගනගාමියා ඒ ලොවට හඳුන්වා දෙන්නේ “ඔබ බය වී තිබෙන්නේ මේ ගගනගාමියාට නොව. ඔබ නොදන්නා දෙයටය.” යනුවෙනි.
මොහුද මොහු නොදන්නා දෙයක් ගැන බියවී හෝ වෙනත් හැඟීමකින් සිටී.
ෆේස්බුක් වනාහී හුදෙක් සමාජ ජාල වෙබ් අඩවියකි. පවුලේ මිතුරන්ට, නෑදෑයින්ට ගෙදරට එක්ව සතුටු සාමිචියේ යෙදෙන්නට හැකිනම් ෆේස්බුක් හිද එයම කිරීමේ කිසිදු වරදක් නැත. තමාට නුවමනා අය ගෙදරට වද්දාගන්නේ නැතුවා වාගේම තම ෆේස්බුක් ගිණුම තුළට නොගැනීමට වගබලාගත යුතුය.

ගෙදර ඉන්දෙද්දී මොනා හෝ ක්‍රීඩාවක් කිරීමට හුරුවී සිටින ඔබ ෆේස්බුක් තුළද එයම කිරීමේ වරදක් නැත.
දිනෙන් දින කාර්යබහුල වන ජීවිතයේ සබඳකම් පවත්වාගැනීමට නොමිලේම මේ ලබාදෙන තාක්ෂණ අත්වැල පරිස්සමින් පාවිච්චියට අපි දැනගත යුතුය.

දුප්පත් පොහොසත් භේදයක් මෙහි නැත. ෆේස්බුක් පමණක් නොව තවත් මෙවැනි සමාජ ජාල වෙබ් අඩවි රාශියක් පවතී.

ජය වේවා !!!