Archive for November, 2011

ලැජ්ජයි…

සිස්සත්තෙන් සතියකට…
සා\පෙළින් අවුරුදදකට… රැකුණු එය
උසස් පෙළ පලමු වර නැත්තටම නැති විය..
දෙවනිවර වෙහෙසවී ඩිංගක් ඉපයුවෙමි
උපාධිය අරඹා තව ටිකක්..
ඩිප්ලෝමාව දිනා තවත් ඩිංගක්
නුදුරු දිනයේම උපාධිය ලබා
උපයාගනිමි මට නැති වූ ලැජ්ජාව…
(බිමකට වැටෙන්නට පෙර)

බෙයියන් බීපු හැටි…

කලින් දවසක කියලා ඇතිනේ ලහියා තෙල් ගහපු හැටි, ලහියා පොහොර දාපු හැටි වගේ කතා.. එන්න ඒවගේ මට වෙච්ච හු*නියම් කතාවක් තමා මේ බෙයියන් බීපු කේශ් එක.

මේක වෙද්දී මම වයස් අවුරුදු 6ක් වගේ ඇති.. අපේ තාත්තා ගුරුවරයෙක් නිසා මේ වෙද්දී අපි උන්නේ බොරලන්ද ධර්මපාල විද්‍යාලයේ ගුරුනිවාසයේ.. නොදන්න අය දැනගන්නකෝ. ඔය ජාතියේ නිවාස තියෙන්නේ ඉස්කෝල ඇතුළේ. ඉතින් පදිංචිය අමාරු ගුරුවරයෙක්ට මේකේ නැවතිලා පාසලේ වැඩකරන්න පුළුවන්. මේ වෙද්දී එකවසරේ ටීචර්ට අමානුසික ලෙස පහරදීම, එතුමියගේ සැමියා වෙච්ච විදුහල්පති තුමාට කොස්සෙන් පහරදීම, තාත්තාට සභාතොමෝ මැද හුරතල් විදිහට කුනුහරුපයක් කීම වගේ පොඩි පොඩි වීරක්‍රියා පමණක් නෙවේ අර ටීචර්ට පහරදීලා දුවගෙන ආවේ ගෙදර අය මාව දාලා කොහේ හරි ගිහින් ඇති කියලා හිතලා.. ගෙදරත් තිබුණේ ඉස්කෝලේ ඇතුලේනේ.. ගෙදර යද්දී මෙන්න බොලේ හැබෑවටම අම්මලා මාව දාලා දුර ගමනක් ගිහින් තිබුණා (හංදියේ නානගේ කඩේට) ඉතින් මක්කැයි කොරන්නේ සනික කෝප්පෙන් දමලා ඇරියා ඉස්සරහා ජනේලේ වීදුරුවට. ජනේලේ අම්බ්‍රැල්ලා පවුඩර්..(කුඩේ කුඩු) හරි සෝයි සන්තෝසේ බැරුවා.. අඩෝ කවුද යකෝ මගේ ඇඳුමේ රතුපාට ගාපු එකා.. ආ නෑ නෑ මේ මගේ අත ඩිංගක් කැපිලා (හොඳ ඩිංග.. තව ඩිංගෙන් මෙව්වා ලියන්න වෙන්නේ පොලිස් පොත් වල.) ඉතින් මේ වගේ මහා වීරක්‍රියා බොහෝමයක් කොරලා ඉන්න හින්දා තව වීරක්‍රියා කොරන එකත් කජ්ජක්ද..

අපේ අම්මට මම වාගේ නාහෙට නාහන පුතෙක් ඉපදෙන්න කිට්ටු කාලේ ඉඳන්ම පෙසර් තිබිලා තියෙනවා. මගේ පණපොජ්ජ බේරගත්තේත් අම්මගේ ජීවිතේ අනතුරේ දාලලු. තාත්තා මොනවා කීවත් අම්මා කියලා තියෙන්නේ ලහියව බේරගන්න කියලලු ඕං. අනික මම උපන්නේත් මහ කුඩුකේඩු දවසක. අම්මප මම ඩොකා උනානම් ඒදාට කවදාවත් වැඩට යන්නේ නෑ.(ඇයි යකෝ එදා මගේ උපන්දිනේනේ). ලහියා උපන්නේ දෙසැම්බර් 31 දාවක. එහෙමත් ඩොකෙක් තමා එදාට වැඩකලේ.. ආයෙත් පැන්නානේ පිට
ආ ඉතින් අපේ අම්මා ඒ දවස් වල පෙසර් පෙති බොනවා. පෙසර් පෙති ඉවර නිසා තාත්තා හිස් පෙට්ටිය පාමසියට අරන් ගිහින් ඔන්න ගෙනාවා අලුත් පෙති.. එතනින් එහාට ලහියට ගානකුත් නෑ කාටත් ගානක් නෑ. ඔන්න බෙහෙත් බොන වෙලාව.
“කෝ මේකේ තිබ්බ බෙහෙත්” මළා අතුරුදහන්.. නොදරුවෙක් වීමේ පාපයට මා ගොදුරු උනා.. “පුතේ ඔයා බිව්වද මේකේ තිබ්බ ඒවා ? ” …
අපි ආයේ කවදාවත් නෑ බෑ කියන මිනිස්සු නෙවේනේ.. ඉන්ටව් එකකට ගියත් හැම දේටම යැස් සෑර් කියල උස්සලා දෙනවනේ.. පස්සේ කියනවා “යස් බට්….”

ඉතින් කීවා “ඔවු මම බිවුවා කියලා”… කෙළියා තාප්පෙට.. බුම්..

දැන් ඉතින් මම මළා හා සමානයි.. ඔක්කොම එවුන් මගේ උගුරට ඇඟිල්ල දානවා.. ඕක්… ඕක්… ඈ ඈ ඈ ..
ටික වෙලාවකින් ඈත සිටන් එන්නේ සෙල්ලි සෙල්ලියේ … මිඩ් පයිස් නෝනා… අඳුරන ඇන්ටියෙක්.. මට මතුවෙච්ච මුල්ම ප්‍රශ්ණේ අපේ ගෙදර කොයි දොරෙන්ද මෙයාව ගන්නේ කියලා. (මහත නෑ බන් ඒ ඇන්ටි, අලිය තරම්).

ඉතින් පොඩි එකෙක්ට කරදරයක් උනාම ඉස්සෙල්ලාම දුවගෙන එන්නේ එතුමියනේ..
“මේ කොල්ලාත් කරන වැඩ. මිස් ඔහොම කබරයා දම්මලා හරියන්නේ නෑ.. ගේන්න වතුර ජෝග්ගු කීපයකුයි ලුණුයි”
කික්ම තමා. ඇන්ටි මාව තම්බයි වගේ..
මොනවද මේ කතා ගත්තා දියකළා පෙව්වා.. ඕක් ඕක්.. ඈ ඈ ඈ … ඊඉ හී හී හී..
පදමට ලුණුවතුර ජෝග්ගු දෙකක් බීලා කබරයා වෙච්ච ගමන් මගේ තත්වය සෝචනීය උනා.. ක්ලාන්තය… තාම බෙහෙතේ විස ගිහින් නෑ.. අනේ..
බෙහෙත් ගත්ත පාමසිය අඳුරන තැනක්. එතනම ඉන්නවා ඩොකෙක්. සාන්ත මහත්තයා.. (මට විටමින් සී පෙති දෙන නිසා සාන්ත මහත්තයා සෝයි) එතනින්ම මේකට කරන්න ඕන දේ අහන්න ලෙඩා සහ පිරිස ගියා එතනට.
එතනට ආපු පාමසියේ කොලුවා මෙන්න මෙහෙම කියපි තාත්තාට…
“සර්… සර් අර බෙහෙතේ අලුත් පෙට්ටිය තියලා හිස් පෙට්ටියනේ ගෙනියලා තියෙන්නේ”

අමුවෙන් කොපි නොකර සංකල්පයක් කොපි කිරීම කොතරම් සුන්දරද..

අද කාලේ හැමදේම කොපි කරනවනේ.. සමහරු හිතනවා ඇති කොපි කලාම අපි දන්නේ නෑ කියලා. මේ 2011 කියල එයාලට අමතක වෙලා ඇති. ඉන්දියාවේ චිත්‍රපට නිකුත් වෙන්නත් කලින්ම ටොරන්ට් තියෙන අදකාලේ ගෝල්මාල් රිටර්න්ස් අමු අමුවේ කොපි කරලා නහින්න හදන චිත්‍රපටියකුත් මේදවස්වල තිරගත වනවා නෙව.
අදකාලේ ලංකාවේ චිත්‍රපට කලාව ආදායම් ලබන්නේ පෙම්වතුන් නිසාමයි. බොක්ස් නොතිබෙන්න සමහර චිත්‍රපට වලට ගිය තේ වියදමවත් හොයාගන්න පුළුවන් වේවි කියලා හිතන්න අමාරුයි. ඒත් ඉඳලා හිටලා එහෙමත් වෙලාවක තරමක් හොඳ චිත්‍රපටියක් හොයාගන්නත් ලැබෙනවා.. ගාමිණී ෆොන්සේකා වැනි මහා චරිත, ජෝති වගේ හඬවල් නොමැතිකම අපේ චිත්‍රපට කලාව කුමන තැනකට ගෙනයා තිබේදැයි හිතාගත නොහැක.

කොහොම උනත් මට ජීවිතේ මල් සහෝදරීගේ මේ පෝස්ට් එක කියවද්දී මෙන්න මේ ටික හිතට ආවා.

ඉස්සෙල්ලා අහන්න මේ ගීතය

සඳට අහස ආදරේදෝ ? (හ්ම්..හ්ම්ම්)
මලට බමරු ආදරේදෝ ? (හ්ම්..හ්ම්ම්)
දෙනෙතට වත ආදරේදෝ ? (හ්ම්..හ්ම්ම්)
සොඳුරියෙ මට ආදරේදෝ.. ? (නෑ නෑ නෑ....)

සිය හිස මල් තුරුලිය සුරකින්නේ ආදරෙන් නේදෝ? (හ්ම්..හ්ම්ම්)
දුහුවිලි පිස මැණිකක් අහුලන්නේ ආදරෙන් නේදෝ? (හ්ම්..හ්ම්ම්)
ඔබ මගෙ හදවත් කුටියට එන්නේ ආදරෙන් නේදෝ ? (නෑ නෑ නෑ.....)

සයුරෙහි දිය කඳුලක් තරමින්වත් ආදරෙයි නේදෝ? ( නෑ නෑ නෑ...)
එහෙනම් මා මුමුණන ගී පද පෙරලා යලි කියනවදෝ ? (ම්ම්....)

පඳ සහනයි.... සඳ පහනයි
පද මවනයි.... මඳ පවනයි..
වසර සසන තුරු... සසර වසන තුරු
අම මාදරෙයි.. මම ආදරෙයි...

මම ආදරෙයි (ම්ම්ම්...ම්ම්...ම්ම්)
උපුටාගැනීම : සංසාරේ අපි

ඔය ගීතය වගේම ගීතයක් තියෙනවා ඉතා ජනප්‍රිය හින්දි චිත්‍රපටයක් වන ආරාධනා චිත්‍රපටයේ. මේ තියෙන්නේ ඒකේ පද මාලාව එක්ක මම දන්න විදිහට දාපු තේරුම. පහල තියෙන ගීතයේ සංකල්පයම අපේ භාෂාවට ගැලපෙන විදිහට අපේ සාහිත්‍ය වචන දාලා ලස්සනට ගයලා එක්කරපු අලංකාරයට වික්ටර් රත්නායකයන්ට ස්තූති කරන්න ඕන. බලන්නකෝ මේක

achha toh yeh bat hai, tum bhi sun lo
jo jo sawal mai puchhu unaka sach sach jawab dena, hah, hah
achha, toh bago me bahar hai, kya
mai ne pocha bago me bahar hai, ha hai
kaliyo pe nikhar hai, ha hai
toh, toh tumko mujhse pyar hai
naa naa naa naa naa naa………

(දෙබසක් : ඇත්තද ඒකයි මේ කාරණාව. එහෙනම් මේ අහන්න
මේ මම අහන ප්‍රශ්ණවලට ඔයා ඇත්තම උත්තර දෙන්න හරිද. හරි.
කැලේට වසන්තය උදාවෙනවද. මොකක්
මම ඇහුවේ කැලේට වසන්තය උදාවෙනවද කියලා.. ඔව්.?
මල් පිපෙනවාද . ආ..ඔව්
එහෙනම් ඔයා මට ආදරෙයිද .. හීතය :නෑ නෑ නෑ නෑ)

o.. bago me bahar hai. hai
(කැලේට වසන්තය උදාවෙනවද .. ඔව්.)
kaliyo pe nikhar hai. hai
(මල් පිපෙනවාද . ..ඔව්)
o.. tumko mujhse pyar. hai
(එහෙනම් ඔයා මට ආදරෙයිද )
naa naa naa naa naa naa………
(නෑ නෑ නෑ නෑ)
o.. bago me bahar hai
(කැලේට වසන්තය උදාවෙනවද.)

chhodo hato, jao pakdo naa bainya
aau naa mai tere bato me sainya.
(මේ ටිකනම් මට මීටර් නෑ. කෙල්ල කියනවාද කොහේද යන්න යන්න මාව අල්ලන්න ලේසි නෑ. ඔයාගේ ඔය මායම් වලට මම අහුවෙන්නේ නෑ පෙම්වත කියලා. )
tumne kaha hai dekho, dekho mujhe sainya.
(ඔන්න කොල්ලගේ ** මලක් පිපෙනවා.. සික් වනචරයො.. ** කිවේ ඉහේ කියන එක. කොල්ලා කියනවා “ඔන්න කෙල්ලේ බලන්න ඔයා මට පෙම්වත කිව්වා“)
bolo tumko ikrar hai,ha hai
(කියන්න ඔයා එකඟයි නේද. ආ ඔව්)
phir bhi inkar hai, ha hai.
(ඒත් එකඟ නෑ නේද..ආ ඔව් )
o.. tumko mujhse pyar hai.
(ඔයා මට ආදරෙයි නේද..)
naa naa naa naa naa naa nahee nahee nahee.
(නේ නේ නේ අප්පා නේ.. ඉල්ලේ.. (මූට එකපාරක් කීවම ශිංගල තෙරි ඉල්ලා) නෑ නෑ නෑ)
o.. bago me bahar hai
(කැලේට වසන්තය උදාවෙනවද.)

tumne kaha tha mai sau duhkh sahungi.
(ඔයා කිව්ව නේද ඔයා මම වෙනුවෙන් දුක් විඳින්න ලෑස්තියි)
chupke piya tere mann me rahungi.
(නිහඬවම මගේ හිතේ රැඳෙන්නම් කියලා)
mai sab kahungi lekin woh naa kahungi.
(“මම ඔක්කොම කියනවා. ඒත් අරක විතරක් කියන්නේ නෑ නෑමයි හා.)

tumko jiska intzar hai, hai.
(ඕන් මේපාර කෙල්ල ගේමට බැහැලා.. අහනවා ඔයාට කාගැන හරි බලාපොරොත්තුවක් තියෙනව නේද අයියා කියලා. කොල්ලත් පැනලා ඔව් කියනවා)
phir bhi takrar hai, hai.
(මේකනම් මතක නෑ. )
o.. tumko mujhse pyar hai
(ඔන්න කොල්ලා පැනලා අහනවා අර හැමතිස්සෙම අහන ප්‍රශ්නය)
naa naa naa naa naa naa………
(කෙල්ලත් ලේසි පහසු බඩ්ඩක්යැ. නෑ නෑ නෑ)
o bago me bahar hai
(කැලේට වසන්තය උදාවෙනවද.)

achha chalo, chhedo aage kahani.
(කෙල්ල කියනවා: ඕකේ අයියා අපි කතාව නවත්තමු)
hoti hai kya bolo pyar kee nishani.
(මට කියන්නකො ආදරේ ඇති උනාම වෙන දේවල්(කට්ට නෑ කෙල්ල))
bechain rehati hai prem diwaani
(නංගී ආදරෙන් පිස්සු වැටුනම හෙන නොසන්සුන් අප්පා. )

ඔන්න දැන් කොල්ලා හයියෙන් හයියෙන් කරනවා .. ප්‍රශ්ණ අහන එක

bolo kya dil bekarar hai, hai.
(කියන්න ඔයාගෙ හිතත් නොසන්සුන් නේද..ඔව්..)
mujhape aitbar hai, hai.
(මගේ ගැන බලාපොරොත්තුවක් තියෙනවද.. හ්ම්ම්)
jina dushavar hai, hai, hai.
(නිකන් ජීවත් වෙන්න අමාරුයි අමාරුයි වගේ නේද... ඔව් ඔව්)
aaj somavar hai, are baba hai.
(අද සඳුදා.. ඔව් අනේ බබෝ ඔව්)
tumko mujhse pyar hai. HAI …naa naa naa naa naa……….
(ඔයා මට ආදරෙයි.. ඔව් .. ආ නෑ නෑ නෑ හි හි හි)

.සිංදුව මෙතනින් ගන්න
ඊට පස්සෙ දෙන්නා කැමරාවෙන් ඈතට යනවා.. මේන් බලන්නකෝ

Download this mp3 from Beemp3.com