Archive for May, 2011

මා දුටු විශිෂ්ඨ ගණිත ගුරුවරු තිදෙනා 2

මා දුටු විශිෂ්ඨ ගණිත ගුරුවරු තිදෙනා 1- අවසානයේ එක් අයෙක් ගැන වෙනමම පොස්ටුවකින් කියන බව කිවා මතක ඇති..
ඔහු අන් කවරකුත් නොව මාගේ ආදරණීය පියාණන්ය….
වසර 32කට අධික සේවාකාලයක් සපුරා මීට වසර කීපයකට පෙර විශ්‍රාම ගනිද්දී ඔහුට සිටි ගෝල පරපුර අතිමහත් එකක් විය..
ඔහුද මා වැනිම ගණිතයේ අමුතු පැති දකින්නෙකි… දිනක් ජාතික රූපවාහිනියේ පැණයක් ඉදිරිපත් විය. මම එම පැණයම ඔබටද ඉදිරිපත් කරමි…


1 සිට 25 දක්වා සියලුම ඉලක්ක්ම් ඉහත කොටුවල පිළිවෙලකට සකසා තිරසට, සිරසට හා විකර්ණ ඔස්සේ සමාන එකතුවක් ලැබෙන අයුරු සකසන්න.
මේක ටිකක් ලේසි කරන්න මම උදව්වක් කරන්නම්, එකතුව එන්නේ 65.

 

 


ඔන්න ඉතින් ලංකාවෙම අය දැන් ඔයා කරනවා වගේ දත කාගෙන මේක හදනවා.. එක එක උත්තරත් දෙනවා.. මමයි අපේ අක්කයිත් මැරෙනකම් කල්පනා කරනව යකඩෝ මේ ජිමික් එක කරන්නෙ කොහොමද කියලා.. අවසාන්නයේ සුපුරුදු පරිදි පැණය තාත්තාට.. තාත්තාගේ සාක්කුවේ කාසි අඩු උනාට දඩකාසි එමටයි.. ඔයින් කෑල්ලක් අරන් ලිව්වා 1-25ට. ඇන්දා කොටු ටිකක් එහෙමම තියෙද්දී.. නිකන් දාන් අදිනවා වගේ ඉලක්කම් මාරු කරලා හැදුවා කියන්නකො ඔය කොටුව.. කවදාවත් ඉගෙනගෙන නැතිදෙයක් එහෙම හිතේ අනුමානෙට කරන්නේ කොහොමද කියලා මට ප්‍රශ්ණයක් උනා. ඒත් ඒක නැතිඋනේ මේ විදිහට ඕනෑම ඔත්තේ සංඛ්‍යාවක වර්ග සංඛ්‍යවට හැම අතටම සමාන එකතුවක් ලැබෙන ජාලයක් අන්දින්න පුළුවන් කියලා මම හොයාගත්තම. මේක කවුරු හරි කලින් හොයාගත්තද කියලනම් මම දන්නේ නෑ.

මා දුටු විශිෂ්ට ගණිත ගුරුවරු තිදෙනා – 1

මා උපතින්ම ගණන්කාරයෙක් යැයි සමහරු කියති.. ඒත් ඒවායේ ඇත්ත නැත්ත මම නොදන්නේ සා.පෙ ගණිතයට ගන්න හැකි වැඩිම සාමාර්තය ගේමක් නැතුවම ලබාගත් මම උසස් පෙළදී අසමත් වන එකම විෂයයද ගණිතයම වීම, නැවතත් උපාදියේදී ගණිතයට B+ එකක් තිබීම නිසා ඒ තිබෙන ව්‍යාකූල තත්වය මම එහෙම එකෙක්දැයි මටවත් පහදා ගැනීමට බාධා කරන හෙයිනි.

නමුත් මම ගණිතයට පට්ට ආසය.. ගණිතයෙන් සෙල්ලම් දමන්නට ආසය… නිර්මාණ ගණන හදාගන්නේ කොහොමදැයි අනික් සිසුන් සිතද්දී , උපතින් ම රට හාවෙක්වත් හරියට ඇඳීමට නොදත් මා කවකටු පෙට්ටියේ ඇති දේ ඇසුරෙන් ජ්‍යාමිතික රූප වල රුව සෙව්වෙමි.

මගේ ගණිතය වෙනස්ය.. මම එකතු කරන්නේද මටම ආවේනික මහා කුප්පම කුජීතු විදිහකටය..
කිසිදිනක මගේ මේ වෙනස සාමාන්‍ය ගණිත ටීචර්ලාට ගෝචර නොවීය.

සාම්ප්‍රදායික චක්කරේ මට කිසිදා පාඩම් නොවන මහා අපබ්‍රංසයකි.. අද 2 x 3 = 6 කියා උගන්නා හෙට 3 x 2 = 6 උගන්වයි. එකම කාරණේට දෙපාරක් මෙමරි වේස්ට් කරන්නේ ඇයි කියා මම දන්නේ නැත..

රටා වලට මම මාර ආසය.. වාහනයක නොම්බරයක් දුටු විගසම එහි මොනයම් හෝ රටාවක් සෙවීම මාගේ සිරිතයි.
ටීචර්ලාට මේවා ජිමික්ය.. කොමික්ය. චක්කරේ පාඩම් නැති මා මී හරකෙක්ය..
මගේ වෙනස් ගණිතය අද වෙනතුරු හඳුනාගත් ගුරුවරු තිදෙනෙකි.

ඒ එම් ජයතිස්ස ගුරුපියාණන්.. කොට්ටාව ධර්මපාලයේ දිගුකලක් සේවය කළ අසම සම ගුරු පියෙකි. මේ ප්‍රදේශයේ මෙතුමාව නොහඳුනන අය අල්පය. මෙතුමා තවමත් තරුණු වුවද ගුරු ගොලයින් පවා සිටින සාඩම්බර ගුරුපියෙකි. මෙතුමා නොවන්නට මට පමණක් නොව අප කාට වුවද ගණිතය තිත්ත වීමට ඉඩ තිබුණි.

දෙවැනුව බ්ලොග් අවකාශයේ ආදරණීය ගුරුපියාණන්… කුමුදු පින්තු…. මෙතුමා මට හමුවන්නේ මගේ බාහිර උපාධියේදී ඕපන් ආර්ක් ආයතනයේදී.. “අති විශිෂ්ටයි”… “ෆැන්ටෑස්ටික්”… “ලහිරු හිතන මහා ජරා විදිහට නැතුව අපි සම්මත ක්‍රමෙන් උත්තරේ හොයමුකෝ” මේ ආකාරයෙන් මගේ හොර ගණිතය හඳුනාගෙන සිටි මෙතුමන්ලාගේ විශේෂත්වය වන්නේ මගේ හොර ගණිතයට අමතරව හොඳ ගණිතයද අතැඹුලක් මෙන් දැන සිටීමය.. මේවා ට මාස්ටර් බ්‍රේන්ස් කියා කීමේ කිසිදු වරදක් නැත.

තෙවැන්නා මට මේ ලෝකේ වටිනම පුද්ගලයින් අතලොස්සෙන් එක් අයෙකි.. එතුමා ගැන කියන්නට තවත් පෝස්ටයක් උවමනාය… මතුසම්බන්ධයි

මගේ ජංගම දුක..

හ්ම්ම්…. මතක ඇතිනේ මගේ ගාව ඉන්න දුරකතන රාජයා ගැන ලිව්වා… මේ බලන්නකෝ මතක නැතිනම්..
ඒ ලෙවල් කරන කාලේ ඉතින් යාළුවෝ ෆෝන් ගෙනාවම හරි ආසයි.. අනේ මටත් එකක්… අනික් අය තමන්ගෙ පුද්ගලික නම්බර් එක දෙද්දි මට උනේ එක්කො ගෙදර අංකේ හරි තාත්තාගේ අංකේ හරි දෙන්න. ඒත් ඉතින් කෙල්ලෙක්ට ඕවා දෙන්න ඇහැකිය.

ඉතින් ඔන්න කාලයක් බර බර දාල ඒ ලෙවල් ඉවරවෙන්න ඔන්න මෙන්න තියලා,මම දැන් ලොකු ලමයෙක් හින්දා ෆෝන් එකකට අවසර ලැබුණා. කවුදෝ අලුකුත්තේරුවෙක් අපේ අම්මට කියපි, ඔය වැඩකෑලි තියෙන එව්ව දුන්නම ලමයි නරක් වෙනව කියල.. අනේ එතකොට මම ළමයෙකුත් නෙවෙයි.. 19යි… අනික ඒ වෙද්දි මම හොඳටම නරක්වෙලා ඉවරයි… ඉතින් ඔන්න පාස් උනේ 11000 යි කාලේ පෝන් හෙන ගහන ගනන් නේ… ඉතින් සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකට ඔලුව දැම්මා.

මේ තියෙන්නේ එයාගේ කොම්පැනි පෙනුම.. මෙයාලා හැමෝම එක වගේ නේ නේද?

මාස දෙක තුනක් වෙන කෙනෙක් ලඟ හිටිය මෙයා මගේ ගාවට ආවා… එදා ඉඳන් මගේ ගාව දුකේදි සැපේදි මගේ අයව මට ලං කලේ මෙයා.

පොඩි පහේ අසනීප ටිකකුත් තියෙනවා. මේකට වෙන්න තියන සංගෙඩි හැම එකක්ම උනා.. මම දුරකතන කුළුණු වල වැඩකළ බව දන්නවානේ. එයින් එකක නගිද්දි මීටර් 6-7ක විතර උඩ ඉඳන් වැටුනා. දවසක් බයික් එකේ යද්දී වැටිලා කෑලි කෑලි ගියා, හැමදාම උදේට අම්මට තාත්තාට මම වඳිනකොට මෙයාත් අනිවාර්යයෙන් වඳිනවාම තමා.. අපේ අක්කගේ පුතා විසිකිරීම කියන ක්‍රියාකාරකම පුරුදු උනෙත් ඕකෙන්. එහෙම වැටිලා කෑලි හැලෙන මට්ටමේ තිබුණත් අදටත් මගේ අලුත් ෆෝන් එක දෙවනි කරන්න මෙයා සමත් වෙලා තියෙනවා.. ඒත් මෙයා මට වාසනාව ගෙනාවා. ඉල්ලන්න එපා පණ ගියත් විකුණන්නේ නෑ.

ඇත්තටම Sony Ericsson K750i කියන්නේ මම දන්න විදිහට ආපු හොඳම ෆෝන් එකක්. පහසුකම් අතින් ගත්තත් අදටත් අනික් එව්ව එක්ක හැප්පෙන්න මෙයාට අමරුවක් නෑ.