පු* ඉරාගැනීම…

තුන්සක රියට නගිද්දී ඇසුනු බරාස් නඳ…
මෙතරම් දුරක් ආ සඳ…
අඟල් හතරකුත් තවත් මඳ…
විදා පෙන්නවයි මගේ හඳ…

මට ආගමක් නැත…

මට ආගමක් නැත…ආගම් ගැන මාගේ කියවීම අල්පය.. මා එක්තරා ධර්මයක් විස්වාස කරමි.. ඒ අනුව ජීවත් වෙමි. මා අදහන ධර්මය කාලය සමඟ විහිළුවක් බවට පත් නොවන එකකි.. මා අදහන ධර්මය කාලය ගෙවෙද්දී ලොව දියුණු වෙද්දී මැනවින් තහවුරු වන සහ විද්‍යාවේ දියුණුවට කරුණු සපයන එකකි..සක්විති රජෙකුගේ සියළු සතුන්ට සර්ව සාධාරණවූ ව්‍යවස්ථාව, හැම පැණයකටම පිළිතුරු ඇති විශ්ව කෝෂය මා අදහන ධර්මයයි..

එම ධර්මය දේශනා කරන ලද්දේ ශ්‍රේෂ්ඨ ප්‍රඥාවන්තයෙක්ය… එතුමන්ගේ ජීවිත කතාව තුළම පිළිගත නොහැකි කිසිවක් නොමැත.. එතුමන් රජ පවුලක ඔටුන්න හිමි කුමාරයාය.. ශ්‍රේෂ්ඨතම රාජ්‍ය පාලකයෙකි, ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයෙකි, ශ්‍රේෂ්ඨතම දාර්ශණිකයෙකි. උන්වහන්සේ ශ්‍රේෂ්ඨතම සැමියාය, ශ්‍රේෂ්ඨතම පුතණුවන්ය, ශ්‍රේෂ්ඨතම පියාය, උන්වහන්සේගේ බිරිඳ ශ්‍රේෂ්ඨතම බිරිඳය, මව ශ්‍රේෂ්ඨතම මවය.. උන්වහන්සේගෙ සකල පිරිවරම ආදර්ශමත් චරිත වන්නේය.

මෙවැනි ධර්මයක් අදහන්නෙකු වී ඉපැදීමට මා ඉතා වාසනාවන්ත වී ඇත්තෙමි.. ඔවු මම බුද්ධ ධර්මය අදහන්නෙමි.. ඉතා ආඩම්බරෙන් ඒ මහා උත්තමයාණන් වහන්සේ වූ ගෞතම බුදුරජාණන් වහන්සේගෙ තෙමඟුල සමරමි…

images

Facebook තහනම

පසුගිය දිනවල සිදුවුන යම් සිදුවීම් කීපයක් නිසා ජනප්‍රියතම සමාජ ජාල වෙබ් අඩවියක් වන facebook මෙරට තුළ තහනම් කිරීමට (වසා දැමීමට) යාම පිළිබඳව හා හෝවක් යමින් පවතී.. සැබැවින්ම එවැන්නක් සිදුවිය හැකිද, ඒ කෙසේද හා එහි ඇති වැදගත්කම කවරේද යන්න පිළිබඳව ඔබ හා බෙදා ගැන්මට මා හටද යමක් ඇත..

මීට වසර කීපයකට පෙර තිබුණු තාක්ශණය භාවිතය සලකා බලන කල්හි වෙබ් පිටු එකතුවක් හෙවත් වෙබ් සයිට් එකක් මිස වෙබ් සර්විසස් ලෙස ගැනිය හැහි දෑ එතරම් ජනප්‍රියව නොපැවතිණ.. මෙම වෙබ් පිටු ඉතා සුළුවෙන් වෙනස් වන පෙර සැකසූ ස්තිථික සංයුතියක් ඇති ඒවා වීම නිසා ඒවා වසා දැමීම පහසු වූවා සේම ඒවායේ සමාජ, ආර්ථික බලපෑම සාපෙක්ශව අවම විය.. එලෙසින් සෙක්සි එල් කේ.. ටියුබ් 8 , ගොසිප් ඊ ලංකා වැනි අඩවි මෙරටට වසා දැමුණු අතර ඒවායෙන් වැඩිමනක් යහපතක් මිස බලපෑමක් නොවිය. එවැනි එයින් සමහරක් තහනම් කිරීමට පියවර ගත් අයට ඒ සඳහා මල් තියා වැන්දත් කමක් නැත.

නමුත් ෆේස්බුක් යනු එවැන්නක් නොවේය.. එක් මාධ්‍යකින් පමණක් නොව විවිධ අයුරින් සම්බන්ධ විය හැකි තාක්ශණිකව බෙහෙවින් පැතිරුණු වෙබ් සේවා (Web Service) මෘදුකාංගයකි.. ඊටත් වැඩි ප්‍රමාණයකින් සමාජය තුළටද මෙම සේවාව පැතිරී ගැටගැසී අවසන්ය.. ෆේස්බුක් සෘජුව හා වක්‍රව භාවිතයට ගැනෙන අනෙකුත් තාක්ශණික මෙවලම්/ වෙබ් සේවා (අතිශය ප්‍රයෝජනවත්) කොතෙකුත් ඇත.. ඒ අතර ගූගල්+, ස්කයිප්, ට්විටර්, ලින්ක්ඩ් ඉන් ආදිය වේ.. මේ මෙවලම් තුළින් පවා තම ෆේස්බුක් ගිණුමට යම් යම් සම්බන්ධවීම් කිරීමට ඉඩකඩ ඇත.. දැන් පැමිණෙන දුරකතන වල උපතින්ම ෆේස්බුක් පැමිණෙන්නේද ඉහත කී ෆේස්බුක් හි සමාජ කිඳාබැස්ම නිසාවෙනි..

ෆේස්බුක් එසේ ලේසියෙන් තහනම් කළ හැක්කක් නොවන්නේ වැඩිමනක්ම එය පුද්ගල ජීවිත හා සමාජය සමඟ මේ ඇතිකරගෙන තිබෙන බැඳීම නිසාවෙනි. ඒ හැරුණුකොට එහි තාක්ශණික පැතිරීමද සුළුපටු නොවෙන නිස මෙලෝ සිහියක් නැතුව ෆේස්බුක් වල සියළු සේවා මාර්ග අපේ රට තුළට අවහිර කිරීම යනු ඒ හා බැඳුණු අනෙකුත් සේවාවන්ටද ඇතැම් බලපෑම් සිදුවන කාරණයකි.. ඒ පිළිබඳව මීට වඩා යමක් කීමට networks, internet security , information system security, systems ආදී කොටස් විශේෂයෙන් ඉගෙන ගත් අයෙකුට මට වඩා හැකියාවක් පවතී.. මා මේ අදහස් පලකරන්නේ දත්ත හා ඒවායේ සබඳතා සලකා බැලීමෙනි..

කෙසේ වෙතත් එවැනි අමර කට්ටක් කා ෆේස්බුක් අවහිර කිරීමද ගඟට ඉණි කැපීමකි.. පය බරවායට පිටිකර බෙහෙත් බැඳීමකි.. මෙහිදී මා පය බරවාය ලෙස කෝණ දෙකක් දක්වමි.. එකක්නම් මේ මතුපිටින් පෙනෙන දරුවන් විපතට පත් වීමය.. ඊටත් වඩා ඇතැම් අයට හානිකර වන්නේ මේ හරහා බිහිවන විකල්ප මාධ්‍යයන්ය.. විරුද්ධ අදහස් සමාජගත වීමය.. තමන්ට පෙන්වන්නට උවමනා දේට වඩා සත්‍ය හෝ විකෘති කරන ලද සත්‍ය සමාජයට ගැලීමය. ඔවුන්ට උවමනා ප්‍රමාණයට වඩා ගැඹුරින් ජනතාව සාකච්ඡා කිරීමය.. නමුත් ෆේස්බුක් අවහිර කිරීමෙන් මේවා වෙනස් වෙන්නේ නැත.. අද ගූගල් + ෆේස්බුක් මට්ටමටම ඇවිත් ඇත.. ස්කයිප් වෙනම පාරක ඊට වඩා ප්‍රබල මාධ්‍යයක් වී ඇත.. වයිබර්, ලින්ක්ඩ් ඉන්, ට්විටර් ආදී නොයෙකුත් ආදේශක පවතිද්දී ෆේස්බුක් පමණක් තහනම් කිරීමට යන්නේ ඇයිදැයි නොවැටහේ..

ඇතැම් විට මේ විකල්ප පිළිබඳව නොදැනුවත්ද? මේ සියල්ල තහනම් කරන්නේනම් ඉන් පසු දුරකතනද වසා දමන්නට වෙන්නේ නොවේද.. පසුගිය කාලයේ මිස්කෝල් ඔස්සේ දිවි නසාගත් අයද මීට වැඩියෙන් වාර්ථා විය.. දුරකථන ඇමතුම් ඔස්සේ සියල්ල නැතිකරගන්නා කෙල්ලන් අතරට මෙය කියන වෙලාවේ පවා කීදෙනෙක් එකතුවෙනවාද යන්න කිව නොහැකිය.. එක දුරකථන ඇමතුමෙන් දෙකෙන් හෝටල් කාමරයක තනිවෙන්න අද කෙල්ලන් පසුබට නොවේ..
ශ්‍රී ලංකාවේ ප්‍රධාන දුරකතන සේවා සමාගමක සේවය කරන නන්නාදුනන තරුණියෙකු හා දුරකතන සංවාදයකට මුලපුරා එදිනම “මාව බලන්න එනවද ?” යන්න කියවා ගන්නා පුද්ගලයෙක් මා පුද්ගලිකවම දැක ඇත්තෙමි.. එසේ බලන්න එනවා යන්නෙහි අරුත මෙය කියවන ඔබට තේරෙනවා ඇතැයි සිතමි.. ඉන්පසු සිදුවූ දේද ඔබ අවබෝධ කරගනු ඇතැයි විස්වාස කරමි.

ඉහත මා කී පය බරවායවල් දෙකටම ෆේස්බුක් තහනම් කිරීමෙන් පිළියමක් ලැබෙන්නේ නැත.. ඉන්පසු සිදුවන්නේ ගූගල්ද වසා දැමීමටය.. බොහෝ වෙබ් පිටුවල ඇතැම් කොටස් ගූගල් භාවිතා කරයි.. බොහෝ නූතන වෙබ් අඩවි වල භාවිතා වන ජේකුවරි ආදිය කෙලින්ම ගූගල් සර්වරයේ සිට ක්‍රියාත්මක වන ලෙස සකසා ඇත.. මෙසේ කිරීමට බොහෝ තාක්ශණික වාසි හේතු වේ.. රාජකාරී සඳගා ගූගල් භාවිතා වේ.. සිතියම්, දිනපොත් ආදී නොයෙකුත් වෙබ් සේවා ගණනාවක් පිරිනමන ගූගල් මත අප රටේ බොහෝ ආයතන යැපෙන නිසා ගූගල්ද වසා දැමුණොත් එය රටේ අර්ථ ක්‍රියාවලියට පවා බලපාන බරපතල කරුණක් වනු ඇත ෆේස්බුක්ද එසේමය.

එබැවින් ෆේස්බුක් වසා දැමීම පහසු නොවන, ගැටළු මතුකරන හා මෙලෝ තේරුමක් නොමැති දෙයක් වන නිසා බුද්ධිමත් රජයක් එය වසා දමන්නට පියවර නොගනු ඇති බව මම සිතමි..

ළමුන් පිළිබඳ කාරණාවේ වගකීම දෙමාපියන් ගත යුතුය.. ෆේස්බුක් යාමට නොදී සිටීම නොව එහි හමුවන විශේෂ මිතුරන්ගේ අවශ්‍යතාවය දරුවන්ට නැතිකිරීම, දරුවා තුළ ගොඩනඟන විස්වාසය, ආදරය සහ දරුවා පිළිබඳව විමසීමෙන් ඉවසීමෙන් සිටීම ප්‍රමානවත් වන්නේ නොවේද ?

අනෙක් කාරණාවටනම් ඉතින් කරන්න දෙයක් නැත.. තමන් හොඳ කරානම් මිනිස්සු කතාකරන දේ ගැන බයවෙන්න දෙයක් නැත්තේය..

ප.ලි මෙය ලියා අවසන් වනවාත් සමඟම මා ඉහත කී වර්ගයේ කෙනෙක් මේ කාරණාව ගැන විග්‍රහ කර තිබුණා මේ සබැඳිය ඒ වෙතයි

ප්‍රොක්සි සර්වර්ස් සම්බන්දව මා කිසිවක් ප්‍රකාශ නොකලෙමි.. ඒ ඒවා පිළිබඳ මාගේ එතරම් ප්‍රසාදයක් නොමැති නිසාය.. නැතිනම් හයිඩ්මයි ඈස් හෝ ඊබඩී වැනි දෑද විකල්ප ලෙස භාවිතා කළ හැකි නිසා ෆේස්බුක් තහනම පලක් ඇත්තේම නැත 😀

අපි රැවටෙන්නේ නෑ… අපි මෝඩ නෑ….. :D සර්වජන මෙව්වා එක

පලාබබා සටන කිට්ටු කිට්ටුලු.. අපෙ අප්පේ අපේ පැත්තේ වෙන දේවල්… දේසපාලකයො ටික මැතිවරණයක් එනකම් බොහොම පරිස්සමින් තියාගෙන හිටිය කැඩිච්ච පාරවල් හදනවා.. තව කට්ටියක් නොදී නොදී පරීස්සමින් ඉතුරුකරගෙන හිටපු සහනාධාර බෙදනවා..

ජනාධිපතිවරණයට ඔන්න මෙන්න කියලා තියෙද්දී අපේ පැත්තේ ප්‍රජා ශාලාවකට මුල්ගල තියනවා.. ඔන්න ජනාධිපතිවරණය දවසේ උදේත් යසට ඒකේ වැඩ ගියා.. හැබැයි පහුවෙනිදා ඉඳන් අද දක්වාම එක ගලක් තව ඒකෙ බැඳලා නෑ..

මම ඒ උදාහරණේ ගත්තේ අපේ රටේ මිනිස්සු චන්දේ දෙන හැටි ගැන කියන්න ආරම්භයක් විදිහට…

ඇත්තටම අපි මේතරම් මෝඩ ජාතියක්ද.. හැමදාම මේ හැටි රැවටෙන්න.. හොඳම වැඩේ රවටන බව දැන දැනම රැවටීම..
“ඕක ඉතින් චන්ද ගුංඩුවක් තමා, ඒත් ඉතින් ඒ මිනිහ එහෙම හරි කරනවනේ… මම මේපාර මැතිතුමාට”

ඇත්තටම අපි මෝඩ නෑ.. හැබැයි අන්තිම මොහොතේ අපි මොකක්දෝ ක්ෂණික ඔලමොට්ටල කමකට තැන දෙනවා..

මේ හැමදේටම හේතුව මම දකින හැටියට සර්වජන ඡන්ද බලයයි.. අඩු ගණනේ උසස්පෙළ සමත් අයට පමණක් ඡන්ද බලය සීමා කළයුතුයි කියන දේ මට හිතෙනවා.. ඇත්ත කුඹුරේ ජේමිස් අයියට, කම්මලේ හරමානිස්ටත් තමන්ගේ නායකයා තීරණය කරන්න අයිතිය තියෙනවානම් හොඳයි.. හැම ජන කොටසකම නියෝජනයක් තියෙන්න ඕන කියලා පරණ තියරියක් තියෙනවා.. ඒත් එහි කිසිදු තර්කයක් මට පෙනෙන්නේ නෑ.. ඒත් මේ සංකල්පයට මුවා වෙලා යමක් කමක් නොතේරෙන බහුතර ජනතාව ගොනාට අන්දලා දිනන ගොබ්බ තකතීරු දේශපාලකයො නිසා තමයි අපේ රට මේ තැනට වැටිල ඉන්නේ..

අනික් රටවල් නවීන තාක්ශණය ගොඩනඟනකොට එහි අතුරුපල භුක්ති විඳින නිවට ජාතියක් වෙලා අපි.. අපි මොනාද කරන නව නිර්මාණ.. වලං හෝදන යන්ත්‍ර.. පොල් ලෙලි ගහන යන්ත්‍ර.. මතක තියාගන්න ඒවට අපිට පේටන්ට් ලැබෙන්නේ අනික් ජාතීන්ට ඒවා නොහැකි නිසා නෙවේ.. ඔවුන් එවැනි ප්‍රාථමික දේවල් නව සොයාගැනීම් ලෙස නොසලකන නිසයි..

මම මේ අපේ හැකියාවන් අපහාසයට ලක් කරනවා නොවේ.. අපි හැදිය යුතුයි.. අපි ඉන්න තැන කොතනද කියල පැහැදිලිවෙන උදාහරණයක් ගන්නම්..
අපි යමක් මිලදී ගනිද්දී බලනවා ඒක ඔරිජිනල්ද ලෝකල්ද කියලා.. බලනවද නැද්ද?.. බලනවා.. මොකක්ද ලෝකල් කියන්නේ? .. දේශීය කියන එක නේ?.. එහෙනම් මේ මොකක්ද බලන්නේ?.. මේක මේ හොඳ නිශ්පාදනයක්ද නැත්නම් අපේ රටේ හදපු එකක්ද කියලා.. ඒ කියන්නේ අපි හදන්නේ බාල දේවල් නේ?
මේ මම කියන දෙයක් නෙවෙ .. දශක ගණනක් තිස්සේ අපි අපිම කියන දේවල්.. එදා ලෝකෙන් උතුම් රට ලංකාවයි කියලා කිව්වට ඇත්තටම එදා අපි ගාව තිබ්බේ උතුම් මිනිස් ගුණාංග තියෙන මිනිස්සු.. ඒත් දැන් ඒකත් නෑ.. දැන් කොහෙද උතුම්?..

අපි හැමදාම කළේ අපි තමා උතුම්ම කියලා කකුල් උඩ දමාගෙන බලන් හිටීම.. එක එක මෝස්තරේ ආණ්ඩු පත්කරපු එක.. වඩාත් නිවැරදිව කියනවානම් එක එක ගුංඩු දැන දැන ගිලලා ගිලපුවා රීගන්න බැරුව තැටඹීම..

හැමදේම ඉබේ සිද්ධ වෙන්න දීලා බලන් ඉන්නවා.. ඒක වැරදියි කියන එකාව කන්න හදනවා.. ඕං උතුම් ජාතිය..

මේ හැමදේම මේරටේ දේශපාලන ප්‍රතිපත්තියේ වැරදි.. සියළු ව්‍යාපෘති තම පාලන කාලයට විතරයි.. රටක් හැටියට අරමුණක් නෑ.. තිබ්බත් එය ගැලපෙන්නේ නෑ.. ගලපගන්න දේශපාලකයින්ට බුද්ධියක්, දැනුමක් නෑ.. දැනුම තියන අය දිනන්නේ නෑ.. දිනුවත් ජීවත් වෙන්නේ නෑ.. ජීවත් උනත් ඒ දැනුම තම යහපතට බඩට මිස රට වෙනුවෙන් යොදවන්නේ නෑ..

තෙවැනි පක්ශය අළුත් ගමනක් යන්න හදනවා.. හොඳ කරුණු ගෙන එනවා.. ඒත් ඔවුන් දිනන්නේ නෑ.. ඇයි.. ඔවුන්ගේ කිල්ලෝටයෙත් හුණු තියෙනවා.. ඩිංගක් නෙවේ ගොඩක්.. ඔවුන්ට පාලනය දෙන්න මිනිස්සු අකමැතියි/බයයි.. ඔවුන්ගේ නායකයාට හොඳ ප්‍රතිපත්ති තියෙනවා.. යන සිස්ටම් එකට ගහන්න හොඳ කරුණු තියෙනවා.. නමුත් ඔවුන් දිනන්නේ නෑ අර අතීතය නිසා..

මේ රට හැදීමටනම් කවදා හෝ මහා යුග පුරුශයෙක් පැමිණිය යුතුයි.. ඔහු මුල් කාලයේ ජනතාව රැවැටිය යුතුයි.. පොඩි තැන සිට ඉදිරියට ආ යුතුයි.. නොමැරී ශේප් එකේ ඉහලට යා යුතුයි.. හසල දැනුමක් එකතු කරගත යුතුයි. අවසානයේ මේ රටේ අවසන් ඒකාධිපති පාලකයා විය යුතුයි.. සැබෑ ජනතා ප්‍රේමයෙන් ඒකාධිපති කම කල යුතුයි.. බුද්ධිමත් උගතුන්ට පමණක් රට කරවන තැනට පත්වෙන්න/පත් කරවන්න හැකි ක්‍රමයක් හැදිය යුතුයි. විශය පථය අනුව පමණක් ඇමතිධූර ඇතිකළ යුතුයි සහ ඒ ඒ ක්ශේත්‍රයේ ඉහලම සුදුස්සා පමණක් එයට පත් කළ යුතුයි. රට කරවන තැනට පත්වීම වරප්‍රසාදයක් වීම වැලකිය යුතුයි.. එවිට සැබෑ ජනතා සේවකයින් ඒ සඳහා පත් වේවි. මේ හැම දෙයක්ම සමඟ..පක්ශ මාරුවට ඇති ඉඩ ඇහිරිය යුතුයි.. පවත්නා ක්‍රමය.. නීති වෙනස් කිරීමට නම් ඒ බව පැහැදිළිව පෙන්වා..කරුණු දක්වා ඡන්ද දායකයින්ගේ කැමැත්තද ඇතිව සිදුවිය යුතුය..

කිසිදා ඉටුවේයැයි සිතිය නොහැකි මේ හීනයත් සමඟ මමද ඔබ මෙන් මෙවරත් ඡන්ද ගුංඩුවකටම රැවටෙමි

මිනිසා යනු විනෝදවන බූරුවෙකි…(වෙන එකක් කියන විදිහට මගේ විදිහ එකතු කලාම)

1069368_273341196142053_405430625_n

මුණුපොතේ මේ පෝස්ටුව දැක්කම මට මෙහෙම හිතුනා…

බූරුවා = වැඩ+කෑම+නින්ද
මිනිසා = වැඩ+කෑම+නින්ද+විනෝදයෙන් ජීවත්වීම

එම නිසා

මිනිසා = බූරුවා+විනෝදයෙන් ජීවත්වීම
මිනිසා – විනෝදයෙන් ජීවත්වීම = බූරුවා

නිගමනය… මිනිසා යනු විනෝදයෙන් ජීවත් වෙන බූරුවෙක් වන අතර විනෝද නොවන මිනිසා තනිකරම බූරුවෙකි.. තවද විනෝද නොවී කෑමක් බීමක් නැතිව නින්දක් නැතිව වැඩකරන්නා බූරුවෙක්ටත් අන්තය
මමත් එහෙම එකෙකි…..

නිවාඩුවක් ලැබුණු වගයි… බ්ලොග් කෙරුවාවේ හෙට ගැන ටිකක්..

බොහෝම කාලෙකට පස්සේ නිවාඩුවක් ලැබුණේ බ්ලොග් එක පැත්තේ මොනා හරි කොටන්න..
දැන්නම් බ්ලොග් කලාව ටිකක් හැපනින්.. සෑහෙන අළුත් මූණු ටිකක් ඇවිත්.. ඒත් කණගාටුව සමහර පරණ මූණු එහෙමම සැඟවිලා ගිහිනුත් තියෙන එක..

කොහොම උනත් ආයේ ලියන්නේ කොයි වෙලාවෙද කියලා බල බල හිටියේ.. ඉඩක් ලැබෙන හැම වෙලාවකම බ්ලොග් කියෙව්වත් ලියන්න වෙලාවක් වෙන්කරගන්න අමාරුයි රැකියාවත් එක්ක.. මම හිතන්නේ ගොඩාක් පරණ බ්ලොග් කරුවන්ට කාරියන්ටත් උනේ ඒකයි…

ඉතින් අළුතින් ලියන අයට කියන්න තියෙන්නේ මොන වැඩ තිබ්බත් මේකට යම් වෙලාවක් වෙන් කරන්න උත්සාහ කරන්න කියලා.. මොකද ශෛලිය කඩාගත්තොත් ඒක ආයේ ගොඩනඟාගන්න හරිම අමාරු නිසා.. නිර්මාණශීලීත්වය මොටවෙන්න දෙන්න එපා.. අපේ රටට අපේ භාෂාවට ඔබේ නිර්මාණ අවශ්‍යයි…

ඇත්තටම බ්ලොග් කළාවේ හරියට නියැලෙන කෙනෙක්ට ජීවිතය පරිපූර්ණ කරගන්න උවමනා පරිණත බව ලැබෙනවා කියලයි මට හිතෙන්නේ.. ලොකු පිරිසකට ආමන්ත්‍රණය කරන්න පුළුවන් ප්‍රබල මාධ්‍යයක් විදිහට දැන් බ්ලොග් කලාව හඳුන්වන්න පුළුවන්.. ඒ නිසා ඒ හැකියාව නිතැතින්ම ඔබට ලැබේවි.
කියමනක් තියෙනවා මිනිහෙක් පරිපූර්ණ වෙන්න කළයුතු දේවල් තුනක් තියෙනවා කියලා… පොතක් ලිවීම, ගසක් සිටුවීම, පුතෙක් වැදීම…
බ්ලොග් ලිවීමත් එක්තරා පොත් ලිවීමක්.. ඊටත් තරමක් එහා ගිය දෙයක්…( මම හිතන්නේ මේකෙන් දෙකක් නම් මම කරලා තියෙනවා.. පරිපූර්ණ වෙන්න තව එකයි.. ) . මෙය පහසු කටයුත්තක් නොවෙනවා වගේම අමාරු දේකුත් නොවෙයි.. හිතේ හැඟීම් වලට ඔහේ පාවෙලා එන්න ඉඩහරින්න.. මේ දේවල් ගොඩාක් වැදගත් වෙන්නේ ලියන අයට වඩා ලියන්නේ නැතුව කියව කියව ඉන්න අයට..

පුද්ගලික ජීවිතය වේවා වෙනත් කරුණු වේවා කියවන්නාට කියවිය හැකිනම්, කියවා ජීවිතයට යමක් එකතුකරගත හැකිනම් එයයි විය යුත්ත. බ්ලොග් කියවද්දී විවිධ මාතෘකා දකින්න ලැබෙනවා.. තාක්ශණික, විනෝදයට බර, එදිනෙදා ජීවිත, ආදරය, ප්‍රේමය, බූට් එක, සෙක්ස්, වැල, රීයා කුණුහරුප, බේබදු කතා… වෙලාවකට පඩ,කක්කා,චූ සීරීස්, වෙලාවකට පුක කුණුහරුපයක්ද නැදද කියන තර්ක, වෙලාවකට 18+ 16+ සීරීස්.. පොඩිමෑන්, සෑමා , හිච්චි ඇඟිල්ල වගේ අපේ කාලයේ ඊ සයිමන් නවදත්තේ ගමලා ලියන ශෘංගාරාත්මක ලිපි, කතන්දර, දුමී අයියා,රංග අයියා, ඩොකී, මාරයියා මියුරු අක්කා හෝ බ්ලොගී අක්කා වැනි අයගේ පුද්ගලික ජීවිත වල රස කතා, නැත්නම් අරුණි ශපීරෝගේ දර්ශණයෙන් බිඳක්..අන්තිම පේළියේ අය, සීය ගණින අය, පූසෝ සෙට් එක, හැකාගේ අළුත් වැඩකෑලි, පුබුදු සිරිවංශගේ IT News, මල් කැකුළු වහේ නවතම දැනුම, තොරතුරු උල්පත්……… මේ බ්ලොග් අවකාශය ඇත්තටම ලොකු පුස්තකාලයක්.. බ්ලොග් ලියන/කියවන ඔබ ඇසුරු කරන දෑ හි වපසරිය අති විශාලයි..

එක දිනකදී ඔබ ගන්නා දැනුම කොතරම්ද..

අපි ලියමු. අපේ භාශාවෙන් කියවන්න අන්තර්ජාලයේ ඕනෑතරම් දේවල් තිබෙන බව අපි ලෝකෙට කියමු.. ජාතිය වෙනුවෙන් කරන්න තියෙන ලොකුම යුතුකම ඒකයි.

නැවතත් කලකට පස්සේ ….

හරි ශෝක්…. මාව සිංඩිකේටර් වලින් අහක් කොරලදත් මන්දා… විවිධ වැඩ මැද්දේ ලැබෙන පුංචි ඉඩේත් නිදාගන්නවා වගේ සිම්පල් ප්ලෑන් එකකට යනවා හැර වෙන විසඳුමක් නොතිබුණ හන්දා මාස 4ක්ම බ්ලොග් එකෙන් අහක වෙලා තමා හිටියේ…
ඉතින් ඔහොම ඔහොම ජීවිතේ ගෙවීගෙන ගෙවීගෙන යද්දී ආයෙත් බ්ලොග් කළාවට සක්‍රීයව දායක වෙන්න හිතුණා.. තව සති දෙකකින් උපාධියේ වැඩ ඉවරෙටම ඉවරවෙන හන්දා කිසි කිසි ගාලා වෙලාව තියේවි මේකටත්..

දැහැමින් සෙමින් ගලාගෙන යන ජීවිතයක් එක්ක උනත් අළුත් දෙයක් කරන්න..අළුතින් හිතන්න හරිම අමාරුයි මේ කාලේ.. මිනිස්සුන්ට ප්‍රශ්ණ.. දැන් හැමදේම අභියෝගයක්.. කන බොන එක පවා… ඉතින් කොහෙන්ද අපට සතුටක්… වෙනසක් කරලා බලන්නත් පුළුවන්.. ඒත් මහලොකු වෙනසක් වෙන්නේ නැතිබව අපි දන්නවනේ…. කවුරු ආවත් එකම සෙතේ තමා අපට.

සුභ නව වසරක් වේවා !!!

පැතුම් කැලුළු විකසිත වී දිළිහේවා..
සැප සම්පත් ඔබ සැම වෙත ළං වේවා…
සැමසිත් තුළ මෙත් සිතුවිළි පැතිරේවා..
ඔබ සැමටම සුභ නව වසරක් වේවා…

සුබ නව වසරක් වේවා

ආදරණීය ලොකු තාත්තේ.. !!!

ආදරණීය ලොකු තාත්තේ..

තවත් බොහෝකල් මේ රටේ දරුවන්ගේ දෑස් පාදන්න හැකියාව තිබුණද නිසිකල එලඹීමට පෙර ඔබ අප හැර ගියේය.. මේ පෝස්ටුව ඔබ නොකියවන බව සැබෑය.. නමුත් ඔබගේ වියෝවෙන් හෙළිවන එක් දෙයක් මෙය කියවන පිරිස ජීවිත වලට එකතුකරගනු ඇත.

ඔබ ජීවිතේ ඉපයුවේ මුදලට වඩා මිනිසුන්ය… මා ජීවිතයේ දුටු විශාලම අවමංගල පෙරහරවූ ඔබගේ අවමංගල පෙරහැර සමන්විත වුණේ මුදලට ගෙනා මිනිසුන් ගෙන් නොව.. ලංකාවේ දසදිගින් ඔබ උදෙසාම පැමිණි ඔබේ මිනිසුන්ගෙනි..
කුළියට හඬන්නන් නොව හැඬීම නවත්වාගන්නට බැරිව අසරණ වූ පිරිමින් ගැහැණුන් (මමද ඇතුළුව) කියා පෑවේ ඔබ මෙළොව ඔවුන් ඇසුරු කල සුන්දරම මිනිසෙක් බවය..
ඔබට අවසන් බුහුමන් දැක්වීමට පැමිණි අය අතර මේ රටේ ඉහලතම පුරවැසියන්ගේ සිට බිම් මට්ටමේ සිඟන මිනිසා දක්වා පරාසයක මිනිසුන් අප දුටුවෙමු. සිංහලයින්, දෙමළයින්, මුස්ලිම්වරු, කතෝලිකයින් හෝ වෙනත් අය කියා, උස් අය පහත් අය කියා ඔබ ඔවුන්ට වෙනසක් නොදැක්වූයේය.. අනාථ ද්‍රවිඩ දරුවෙක් තම දරුවෙක් ලෙස ඔබ හදාවඩා ගත්තේය.. ඔහු ඔබට කෙතරම් කෘතඥපූර්වකද යන්න ඔහුගේ වෙදනාත්මක හැඬුමෙන් අපට පසක් විය..

ඔබේ සිනහබර වදන්, ආදරණීය විහිලු, කවදා දකින්නද..
සැබැවින්ම ලොකු තාත්තා යන නෑකමට ඕනවටත් වඩා හොඳ සාධාරණයක් ඔබ ඉටුකළේය..
තාත්තාගේ රැකවරණයට, සෙනෙහසට නොදෙවෙනි ඔබේ සෙනෙහස අහිමිවීම පිළිබඳ දැඩී ආත්මානුකම්පාවෙන් මෙළෙස මගේ වේදනාව ලොවට කියමි….

” අපේ රත්තරං ලොකු තාත්තේ.. ඔබට නිවන්සුව පතමි !”

ලංකාවේ පට්ට ඇඩ්..

අපි ආවේ ඔයාගේ නංගිව බලන්න.. හිතුවට වඩා කට්ටිය ආවත් මගේ නංගි රෙඩී… වෙහෙර ගිලපු එකීට අග්ගල කජ්ජක්ද.. නංගි වෙනුවෙන් මට ඕන මලදානයක් කරන්ට ඇහැකි…

මෙච්චර කල් අපේ අම්මලා තාත්තලා අපට කියාදී ඇත්තේ බෙදාහදාගෙන කන්නය. අපිත් අම්මලාගේ ලණුව කෑවෙමු.
නමුත් දැන් කොහේ හෝ බීම බොතලයක් තිබෙනු දුටුවිට කළයුත්තේ එතනට එන හැම එකාම බය කර තනියම බීම එක ගැසීමය..

අපේ අක්කාගේ පොඩි එකා හැමදාම බංඩිය චණ්ඩි කරන යෝගට් එකක් කයි.. ඒත් ඒකාට මේ දවස් ටිකේම බඩේ ලෙඩය.. මම හිතන්නේ ඇටෑක් කොරන්ට ඉන්න ප්‍රෝබයෝටෙක්ලා නත්තලට නිවාඩු යන්නට ඇත..

අළුත් චොකලට් බිස්කට් වඩා රසවන්නේ ඒවා කටේයි, පු**යි හැමතැනම රිසිසේ ගාගෙන කන විටය.. මතක ඇතුව බාගෙට කකා ඉන්න චොකලට් කට ඇතුළේ තියන විදිහ කට ඇර දිව දික් කර පෙන්විය යුතුය.

දත් බෙහෙත් වෙළඳාමද නොසිතූ පරිදි පහසුවී ඇත.. කොහේ හෝ වෙබ්සයිට් එකක අස්සෙන් ඉන්දියාවේ දත් දොස්තර කෙනෙක් දෙන වෛද්‍ය උපදෙස් වීඩියෝ එකක් ගෙන එයට අපේ නිශ්පාදනයේ පොටොවක් පැත්තකින් අලවා අපට උවමනා වචන ටික මෙහේ ඩබින් ආර්ටිස් කෙනෙක් ලව්වා කියෙව්වානම් හරිය..

කෙල්ලෙක් චීත්ත ගවුමක් ඇඳගෙන කිරිගරුඬ වන් කලවා එළියේ පෙන්නමින් ලේඩීස් බයිසිකලයක් පැදයයි.. එක කෙල්ලෙක් නොව එසේ ඇය පිරිවරා එළෙසින්ම කෙල්ලෝ රොත්තකි. පැත්තක වේලි වේලි ඉන්න කොල්ලො රෑනකි.. පසුව උන් ටික බයිසිකල් වලින් කෙල්ලොන්ට ෆලෝ එකක් දෙන්නේ අර දැකපු දේවල් තමා සතුකරගන්න නොව, කෙල්ල ඔලුවේ ගාන තෙල් ජාතිය අහවල් ජාතිය නිසා බව පාරිභෝගික අපි දත යුතුය..