Posts from the ‘හිත කීරි ගැහුණු කතා’ Category

මට ආගමක් නැත…

මට ආගමක් නැත…ආගම් ගැන මාගේ කියවීම අල්පය.. මා එක්තරා ධර්මයක් විස්වාස කරමි.. ඒ අනුව ජීවත් වෙමි. මා අදහන ධර්මය කාලය සමඟ විහිළුවක් බවට පත් නොවන එකකි.. මා අදහන ධර්මය කාලය ගෙවෙද්දී ලොව දියුණු වෙද්දී මැනවින් තහවුරු වන සහ විද්‍යාවේ දියුණුවට කරුණු සපයන එකකි..සක්විති රජෙකුගේ සියළු සතුන්ට සර්ව සාධාරණවූ ව්‍යවස්ථාව, හැම පැණයකටම පිළිතුරු ඇති විශ්ව කෝෂය මා අදහන ධර්මයයි..

එම ධර්මය දේශනා කරන ලද්දේ ශ්‍රේෂ්ඨ ප්‍රඥාවන්තයෙක්ය… එතුමන්ගේ ජීවිත කතාව තුළම පිළිගත නොහැකි කිසිවක් නොමැත.. එතුමන් රජ පවුලක ඔටුන්න හිමි කුමාරයාය.. ශ්‍රේෂ්ඨතම රාජ්‍ය පාලකයෙකි, ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයෙකි, ශ්‍රේෂ්ඨතම දාර්ශණිකයෙකි. උන්වහන්සේ ශ්‍රේෂ්ඨතම සැමියාය, ශ්‍රේෂ්ඨතම පුතණුවන්ය, ශ්‍රේෂ්ඨතම පියාය, උන්වහන්සේගේ බිරිඳ ශ්‍රේෂ්ඨතම බිරිඳය, මව ශ්‍රේෂ්ඨතම මවය.. උන්වහන්සේගෙ සකල පිරිවරම ආදර්ශමත් චරිත වන්නේය.

මෙවැනි ධර්මයක් අදහන්නෙකු වී ඉපැදීමට මා ඉතා වාසනාවන්ත වී ඇත්තෙමි.. ඔවු මම බුද්ධ ධර්මය අදහන්නෙමි.. ඉතා ආඩම්බරෙන් ඒ මහා උත්තමයාණන් වහන්සේ වූ ගෞතම බුදුරජාණන් වහන්සේගෙ තෙමඟුල සමරමි…

images

පින්තු ගුරුපියාණන්ගේ අවසන් කටයුතු

මම ඊයේ දිනයේ, අභාවප්‍රාප්ත කුමුදු ලාල් පින්තු ගුරුපියාණන්ගේ කොලොන්නාව නිවසට ගියෙමි.
දැනගන්නට ලැබුණු ආකාරයට බදාදා, එනම් හෙට දිනයේ එතුමාගේ අවසන් කටයුතු කිරීමට කටයුතු සූදානම් කර තිබේ.
මේ වනවිටත් අන්තර්ජාලයේ ස්ථාන කීපයකම සොයාගන්නට හැකි සිතියම ඇසුරෙන් ඉතාම පහසුවෙන් එතුමාගේ නිවස වෙත යාමට හැකි බව කිව යුතුමය.
බේස්ලයින් පාරෙන් කොලොන්නාව දෙසට මාර්ග දෙකක් ඇති නමුත් අධි ආරක්ෂිත කළාපයක් නිසා තනිඅතට පමණක් දිවෙන මාර්ග දෙකකින්(ONE WAY) කොලොන්නාව මාර්ගයට ඇතුළුවීම සහ පිටවීමට සිදුවේ. ඒ පිළිබඳ සැලකිලිමත් වුවහොත් ඉතාමත් පහසු වනු ඇත.

මූණුපොතේ පළවූ තවත් මාර්ග විස්තරයක් පහත දැක්වේ.
දෙමටගොඩ හන්දියෙන් 152 බස් එකේ නැගලා (බොරැල්ල පැත්තට කොළොන්නාව පාරේ(දෙමටගොඩ විද්ය්‍යාලංකාර පිරිවෙන ලගින් ඇතුලට තියෙන පාර ) මී තොට මුල්ල හන්දියෙන් බහින්න
(බේස් ලයින් එකේ ඉදන් හෝල්ට් 3යි ).එතන බෝ ගහක් එක්ක පන්සලක් තියෙනවා.පාරේ අනිත් පැත්තෙ පෙට්ට්‍රොලියම් එක ඇති.එතන තියෙන ඕනෙම ත්‍රී වීල් එකක ඩ්‍රයිවර් කෙනෙක් ගෙන් අහන්න පින්තු සර් ගේ ගෙදරට පාර.නැත්නම් ජේ.බී.ගාමන්ට් එක ලග කිව්වාමත් දන්නවා.

සිංහල බ්ලොග්කරුවනේ..තම තම නැණපමණින් දුක්වනු ….

This slideshow requires JavaScript.

තම තම නැණපමණින් බ්ලොගය ලියන මාගේ ගුරුපියාණන් අද අප හැර ගිය බව දැනගන්නට ලැබුණි..
සැමදා ආදරණීය ගුරු පියෙකු වූ එතුමා ගැන එතුමාගේ අවසාන කාලයේ සිසුවෙක් ලෙස සටහනක් පසුව ලිවීමට අදහස් කරමි…මාව බ්ලොග් ලිවීමට යොමු කිරීමේ සිට මාගේ දිවිය එළිය කළ ඔබට කෙසේනම් කළගුණ සලකම්ද?

අපේ ආදරණීය කුමුදු පින්තු ගුරුපියාණෙනි.. ඔබට බුදුසරණයි.. ඔබ හැමදා පැතූ අමා මහා නිවනින් සැනසෙන්නට ඔබට වාසනාව ලැබේවා!!!!!!!!!!!!.

ගුරුවරු….

මේකනම් මගේ පුද්ගලික ලිපියක්…

මට මගේ ජීවිතය මේ තත්වෙට ගොඩනඟා ගන්න මාව මෙහෙයවපු ගුරුවරු පිරිසක් ඉන්නවා. මගේ පූරුවේ කරපු ආනන්තරීය පාප කර්මයක් නිසා හැම දෙනාවම මතක නොතියෙන්න ඉඩ තියෙනවා. මම අග ඉඳන් එන්නම්…

මේ ලිපිය මේ හැම ගුරුවරයෙක්ටම උපහාරයක් වේවා !!!!!!!!!!!!!!!!!!!!!

OpenArk ආයතනයේ පින්ටො සර්,අරුණ සර්, චතුර සර්, සිළු මිස්.සදානා මිස් කියන මේ අය තමා මේ දවස් වල මගේ දෑස් පාදන්නේ.

මගේ ඩිග්‍රී කට්ට ගොඩදාගන්න..

ඊට කලින් මගේ ඩිප්ලෝමා එකේදි මට උගන්නපු ගුරුවරු තමා IDM එකේ අජිත් සර්, චරිත් සර්.

මම උසස්පෙළට කලේ ගණිතය. උසස්පෙළ දෙවනි වතාවෙ මට සංයුක්ත ගණිතය ඉගැන්නුවේ ප්‍රජා රේණුක සර්. භෞතික විද්‍යාව ඉගැන්නුවේ සුනිල් මෙන්ඩිස් සර්. රසායන විද්‍යාව ඉගැන්නුවේ ප්‍රසන්න බද්දේවිතාන සර්.

උසස්පෙළ පලවෙනිවතාවෙ මට හැම විශයකටම ගුරුවරු කීප දෙනෙක් හිටියා.

ඉස්සෙස්සෙලාම මම පන්තියකට කියලා සහභාගි උනේ අපේ පොඩි අක්කා කරපු සංයුක්ත ගණිතය ( ත්‍රිකෝණමිතිය )පාඩමට. ඇත්තටම එයා නැත්නම් මම  F 3 ක් වත් ගන්නේ නෑ. ඊටපස්සේ මම උදේපාන්දරම ගියේ අමිත් පුස්සැල්ල සර්ගේ භෞතික විද්‍යාව පන්තියට. ඒක ඉවරවෙච්ච ගමන් ප්‍රජා රේණුක සර්ගේ සංයුක්ත ගණිතය පන්තිය. ඒක ඉවර වෙලා තමයි ප්‍රසන්න බද්දෙවිතාන සර්ගේ රසායන විද්යාව පන්තිය පටන් ගත්තේ.

එකම දවසේ පන්ති තුනම.

කොහොමහරි ඊටපස්සේ මම ගියේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට . එහේදි මට සංයුක්ත ගණිතය ඉගැන්නුවේ අපේ කලුපහන සර්. රසායන විද්‍යාව ඉගැන්නුවේ සුභාෂිනී ජයතිලක මිස්. භෞතික විද්‍යාව ටික දවසක් ප්‍රේමරත්න සර් ඉගැන්නුවාට ඊට පස්සේ සිල්වා සර් තමා ඉගැන්නුවේ.

මම සාමාන්‍යපෙළ ඉගෙනගත්තේ කොට්ටාව ධර්මපාල මහා විද්‍යාලයෙන්.

ඒකේදි මට අත දුන්න ගුරුවරුන් මේ විදිහට ලියන්නම්

එහෙදි අපි අපේ ගුරු මෑණිවරු ඇමතුවේ මැඩම් කියලා.

සිංහල  –  මෙරායා මැඩම්.

ගණිතය  –  ජයතිස්ස සර්

විද්‍යාව  –  සුමිත්‍රා මැඩම්

සංගීතය  –  සද්ධාමංගල රූපසිංහ සර්

සමාජ අධ්‍යයනය  –  ආරියසිංහ සර්

බුද්ධ ධර්මය – පූජ්‍ය කරපුටුගල ඉන්ද්‍රරතන අපේ හාමුදුරුවෝ

යාන්ත්‍රික තාක්ෂණය  –  සමරතුංග සර්

ඉංග්‍රීසි  –  සුනිල් සර්

අවාසනාවකට මට අතිරේක විශයන් උගන්නපු ගුරුවරු දෙන්නගේ නම් මතකයේ නෑ. ඒකනේ මට ඒවට C 2ක් තියෙන්නේ.

මේ ලිපියේ ඉතුරු ටික පුලුවන් ඉක්මනින් Complete කරනවා…………

අපි සදා ඔබට ණයගැති වෙමු…


දවසක් ලහියට මාර දෙයක් උනා..
මේකේ නිධාන කථාව මෙන්න මේකයි. ලහියා ඉස්සර හැමදාම උ.පෙ පන්ති ගියා.(ඇත්තටම දෙවනිපාර ) මේ කාලේ තමයි අපේ රටේ මෑත කාලයේ භයානකම කාලය. ඉතින් බස් එකට නැගලා ලැබිල තිබ්බ ආරක්ෂක උපදේශ පිලිපැද්ද ලහියා නුගේගොඩ බලා පිටත් උනා. ලහියා ගිය බස් එකේ හිටියා වැඩිය සිංහල කතාකරන්න අකමැති වගේ පෙන්නන සිංග්ලිෂ් ඇන්ටි කෙනෙක්. මගදි බසේ හිටෙව්වෙ මාර්ග බාධකයකදි පරික්ෂාකරන්න.
ඒ දවස් ටිකේම මම ගිය බස් එක නැවැත්තුවා. මට ඒ කට්ටියව හොඳට දැකලා පුරුදුයි. මොකද ඒ දවස් කීපයේම වගේ DUTY හිටියේ එකම කට්ටියක්. පොඩ්ඩක් හෙමින් තමා බස් එක පරික්ෂාකළේ. බස් එකේ සෑහෙන්ට සෙනඟත් හිටියා. විනාඩි පහක් යන්න ඇති, මම ඉස්සල්ල කිව්ව ඇන්ටිට යකා වැහුනා. අපේ හැඳුනුම්පත් බල බල හිට්ය සහෝදරයට බැන්න මෙන්න මෙහෙම. ” මොනාද ඕයි තමුසෙලා කරන්නේ මිනිස්සුන්ව රස්තියාදු කර කර. අපි දැන් කොයි වෙලාවෙ ඉඳන්ද බලාගෙන ඉන්නෙ මෙතන…… @^%&^@%#%*%#^*% “. මුළු රටක් බය කරගෙන හිටපු එකාට දුවන්න ගහන්න හයිය තිබ්බ උනාට ඒ හමුදා සෙබලා නෙවේ අර ගෑණිට වචනයක් වත් කිව්වේ. වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවිදේවතාවුන් වැනි මිනිසුන් ඇත…….
අච්චර දවස් ගාණක් හිටගෙන හිටපු කොල්ලටනේ මේ විනාඩි පහක් හිටන් ඉන්න බැරි ගෑණි කෑගැහුවේ…
පව් වැස්සට තෙමිතෙමී අව්වට වේලි වේලි එයාලා කලේ සල්ලි හම්බකරපු එක නෙවේ කියල අපි කවුරුත් මතක තියාගන්න ඕනි. අපේ ජීවිත රැකගන්න දහදුක් වින්ද එයාලට මෙහෙම කතාකරපු එකට ලහියා හිතින් කැමති නෑ. එදා ඒ ගෑණිගේ කණ පලන්න හිතේ හයියක් නොතිබ්බ එක ගැන ලහියාගේ හිත නිතර වදදෙන නිසා තමයි මේකේ ලිව්වේ.

මේ රටේ දමිළ සිංහල ආදී සියලු ශ්‍රී ලාංකිකයින් රැකදුන් මුරදේවතාවෙනි…..ඔබට දිවි ඇති තෙක් අපි ණයගැතිවෙමු.