Posts from the ‘මගේ ඩයරි මල්ලි’ Category

මා දුටු විශිෂ්ඨ ගණිත ගුරුවරු තිදෙනා 2

මා දුටු විශිෂ්ඨ ගණිත ගුරුවරු තිදෙනා 1- අවසානයේ එක් අයෙක් ගැන වෙනමම පොස්ටුවකින් කියන බව කිවා මතක ඇති..
ඔහු අන් කවරකුත් නොව මාගේ ආදරණීය පියාණන්ය….
වසර 32කට අධික සේවාකාලයක් සපුරා මීට වසර කීපයකට පෙර විශ්‍රාම ගනිද්දී ඔහුට සිටි ගෝල පරපුර අතිමහත් එකක් විය..
ඔහුද මා වැනිම ගණිතයේ අමුතු පැති දකින්නෙකි… දිනක් ජාතික රූපවාහිනියේ පැණයක් ඉදිරිපත් විය. මම එම පැණයම ඔබටද ඉදිරිපත් කරමි…


1 සිට 25 දක්වා සියලුම ඉලක්ක්ම් ඉහත කොටුවල පිළිවෙලකට සකසා තිරසට, සිරසට හා විකර්ණ ඔස්සේ සමාන එකතුවක් ලැබෙන අයුරු සකසන්න.
මේක ටිකක් ලේසි කරන්න මම උදව්වක් කරන්නම්, එකතුව එන්නේ 65.

 

 


ඔන්න ඉතින් ලංකාවෙම අය දැන් ඔයා කරනවා වගේ දත කාගෙන මේක හදනවා.. එක එක උත්තරත් දෙනවා.. මමයි අපේ අක්කයිත් මැරෙනකම් කල්පනා කරනව යකඩෝ මේ ජිමික් එක කරන්නෙ කොහොමද කියලා.. අවසාන්නයේ සුපුරුදු පරිදි පැණය තාත්තාට.. තාත්තාගේ සාක්කුවේ කාසි අඩු උනාට දඩකාසි එමටයි.. ඔයින් කෑල්ලක් අරන් ලිව්වා 1-25ට. ඇන්දා කොටු ටිකක් එහෙමම තියෙද්දී.. නිකන් දාන් අදිනවා වගේ ඉලක්කම් මාරු කරලා හැදුවා කියන්නකො ඔය කොටුව.. කවදාවත් ඉගෙනගෙන නැතිදෙයක් එහෙම හිතේ අනුමානෙට කරන්නේ කොහොමද කියලා මට ප්‍රශ්ණයක් උනා. ඒත් ඒක නැතිඋනේ මේ විදිහට ඕනෑම ඔත්තේ සංඛ්‍යාවක වර්ග සංඛ්‍යවට හැම අතටම සමාන එකතුවක් ලැබෙන ජාලයක් අන්දින්න පුළුවන් කියලා මම හොයාගත්තම. මේක කවුරු හරි කලින් හොයාගත්තද කියලනම් මම දන්නේ නෑ.

පළවෙනිදා සිට මේ දක්වා ඩයරි මල්ලි

කාලෙකින් නොලියපු නිසා ඩයරි මල්ලියා තරහ වෙලාද මන්දා..
අද ලියන්නම්…
මේ දවස් වල ලහියාගේ ලයිෆ් එක මල් කියලා කවුරුත් දන්නවා නේ.

ඒ අස්සේ තමා මේ විභාගයක් එන්නේ.. මොනා කරන්නද පහුගියකාලේ මානසිකත්වයේ වෙච්ච හදිසි වෙනස නිසා ටික කාලයක් පාඩම් වැඩ කරේ නැතත් දැන් දැන් හැමෝගෙම ආශිර්වාදය මැද ආයෙත් ඇන්ජිම දුවන්න අරන්.
ඒ කියන්නේ අළුත් තත්වයට දැන් ලහියා අනුගත වෙලා.
කාලෙකින් මගේ වල් පල් ඇරුනාම වෙන දෙයක් දාන්න බැරි උනා.. මට අගෝස්තු 8 වෙනකල් කල් දෙන්න.. කියන්න දේවල් නම් ගොඩයි.. අදහස් , විද්‍යාව… හ්ම්ම්ම්ම්..

මේ දවස් ටිකේ කියන්න තරම් විශේෂ දේවල් සිද්ධ වුනේ නෑ..
මේකේ වැඩි දුර ලියාගෙන යන්න හිත දෙන්නෙම නෑ. ළඟ ළඟ එන විබාගේ මතක් වෙනවා. විදුපියස පැත්තකින් වැඩ.. හි හි..

 

කොහොම උනත් ෆනට බර ලහියා නිවාඩු පාඩු වෙලාවක් ලැබුණම සින්දුවක් අහලා, මලක් කඩලා ගතකරපු බව අවසාන වශයෙන් කියන්න ඕනි.

2010-06-01

මදෑ කොළා….. ඉඳලා ඉඳලා ඔන්න 31 වෙනිදා රෑ බ්ලොගට දාන්න ලිපිදෙකක් ලියාගෙන ලියාගෙන ගියා.පෝස්ට් කරාටත් පස්සේ තමයි දන්නේ ඒ දෙක පෝස්ට් කරලා තියෙන්නේ අද කියලා. වෙලාව 1.30 පෙ.ව
හොහ් හොහ්..
අම්මප ලහියා මේ කල්පනා කලේ, වෙන ලිපි 10කුත් හරි මේ ඕපාදූප ලිපියකුත් හරි. පුදුම ඉල්ලුමක් නොවැ තියෙන්නේ. ඔන්න ඉතින් 1 වෙනිදා සන්තෑසිය ලියන්නයි යන්නේ. හැබැයි මේක ලියන්නේ 2වෙනිදා. ඒත් අද කියලම ලියන්නම්. රසට තියෙන්න එපැයි.
ඔන්න ඉතින් අද කියල හඳුන්වන ඊයෙ උදයම පිබිදී මුහුණට දිය දී වාඩි උනා කොම්පීතරේ ගාව. අර විස්සවිජ්ජාලේ අපේ බ්‍රදර් කාරයාට බුරුත කොටයක් හම්බවෙලා… සෑහෙන්ට මහන්සිවෙලා ඉරනවා…
කොහොමත් පුරුද්දක් හැටියට පොර නැගිටින්නේ උදේ පාන්දර 11.00 ට වගේ…
ඉතින් උදේ පාන්දරම මම පොඩි සින්දුවකුත් දාගෙන මූණුපොත පැත්තෙ යන්න හිතාගෙන ගැහැව්වා ඇඩ්‍රස් එක… හෑ මේ මොකද මේ. අඩුම ගානේ මූණුපොතේ අකුරක්වත් එන්නේ නෑ. හ්ම්ම් . පාකිස්තානේ වගේ මෙහෙත් මූණුපොතට කෙළ වෙලාද
මම ඊ-බඩී පාවිච්චි කරන නිසා ඒකෙන් ලොග් උනා. අනේ මල් හතට චැට් එක වැඩ. අනික් එවුනුත් ගස් ගල් වගේ ඔන්ලයින්.
හ්ම්ම් ලහියා ටිකිරි මොළේ යූස් කරන්න හිතලා ලොග් උනා ප්‍රොක්සියකට. අම්මට සිරි මෙන්න බොලේ එල කිරි වගේ වැඩ.
මේක විසඳුවෙ නැත්නම් කම්පීතර උපාදි අපේස්සකයෙක් වෙච්චි එකෙන් වැඩක් නෑ නොවැ. එහෙට මෙහෙට කරකවල බැලින්නම් මාව බිලීබාල. මේක පොඩි වයිරස් එකක්. මේක එවලා තියෙන්නේ ඇඩ්වර්ටයිසින් වෙබ් සයිට් එකකින්. මූණුපොතට යන්න හදන අපිව උන්ගෙ රෙද්දට ගෙන්නගෙන අපෙන් බලහත්කාරයෙන් ක්ලික්ස් ගන්න. හුහ්….. තව පොඩ්ඩෙන් මම ක්ලික් කරනව වයිරස් එක හදපු එකාගේ…………. අනෙ මගේ කට. දන්න ශිල්ප දාලා බේරුණා. මූණුපොතත් හරි මගේ ලයිෆත් හරි.
ඕන්න ඔහොම බේරිලා උන්නය කියමුකෝ.
ඊයේ බ්ලොගට දාපු ඒවයෙ අලෙවිය බොහොම හොඳා… ඒක නිසා අපෙ බ්‍රදරා මල් 7 අයිඩියා එකක් දුන්නා. මේකෙ ඇඩ් සෙන්ස් දාන්න.
සල්ලි හම්බවෙනවය කියන්නේ. අනේ මන්දා. මේක විකුණන්න මම ආසා නෑ.
කොහොම නමුත් මොනා මොනා හරි බාගන්න නම් පිටුවක් දෙකක් දැම්මනම් හොඳා නේද. නොමිලේ..
හොයාගන්න අමාරු සින්දු එහෙම තියෙනම් මට දෙන්න .. කා එක්කත් බෙදාගන්න පුළුවන්නේ….. නේද ?

2010-05-31

අද මහා ලොකු විශේෂයක් නොතිබ්බයින් ලහියා චුට්ටක් දොය්යාගත්තා. අම්මට සිරි…. පැයක් ඉන්න හම්බුනේ නෑ ඔය කටුජාති බැදපු විශ්වවිජ්ජාලෙ ලමයි කාලෙකට පස්සෙ ඇඟපතේ හිරි ඇරගන්න නිසා ඇතිවෙච්ච ගිගුරුම් සහිත කාලගුණය යටතේ ලහියාගේ බ්‍රදර් කාරයා ලට්ට ලොට්ට තොගයකුත් පටෝගෙන ලහියාගේ හවුසියට සේන්දු උනා. එක විකාරයයි. එක අතකට ලහියා විස්සවිජ්ජාලෙට කෙලින්ම ඇබේ ගහගෙන නොහිටිය එකටත්, මගේ උපෙ උත්තර පත්තරේ බලපු ඈයින්ටත් පින්දෙන්න හිතුනා.ආරංචියේ හැටියට වෙසක් සැරසිල්ලක Structure එක Analyse කරලා බලද්දි තේරිලා තියෙනවා වැඩි ලෝඩ් එකක් ගන්න බෑ කියලා. ඉතින් මේ ගැන විද්වත් ලෙස මත පළකරපු එක තමයි ඔය මිනිස්සු වැරදියට දැකලා තියෙන්නේ.  කොහොමටත් ලහියාට වලිබර කාලගුණේ දිරවන්නේ නෑ.කොහොමින් කොහොම හරි අදත් පාඩම් වැඩ වලට කොමාවක් දැම්මේ හැමදාම වගේ හිතකින් නෙවේ.නැවතුනා එහෙනම්………

 

2010-05-27 අද වෙසක්

මුලින්ම අද ලහියා ප්‍රාර්ථනා කරන්නේ.. හැම දෙනාගේම හිත්වල බුදුදහමේ මූලික දේවල්වත් තැන්පත් වේවා කියලයි. අපි ඔයාලා මොන ආගමේ උනත් බුදුදහම කියන්නේ Schedule එකක්. ඒකට අනුව වැඩකරොත් අඩුම තරමේ කාටවත් කරදරයක් නොකර කාගෙන්වත් කරදරයක් නොවී ඉන්න පුලුවන් බව ලහියා අත්දැකලා තියෙන දෙයක්. කෙනෙක්ට දුක් දීල අපිට කොච්චර කාලයක් සතුටින් ඉන්න පුලුවන් වෙයිද ඒකෙන්… මේකට ඔයලට හරි උත්තරයක් දෙන්න අමාරු උනාට පොඩි කාලයක් බව කවුරුත් දන්නවානේ. ඒත් කෙනෙක්ට සතුටක් දීලා අපිට ජීවිත කාලෙම සතුටින් ඉන්න පුලුවන් නේද ??.

ඊළඟට කියන කතාව මම ඇහුවේ මගේ ගුරුවරයෙක් ගේ බ්ලොග් එකකින්. අපි කෙනෙක්ට උදව්වක් කරලා ප්‍රති උපකාරයක් හැටියට තව තුන්දෙනෙක්ට උදව් කරන්න කියල ඉල්ලීමක් කරොත්, එයාලටත් ඒකට ප්‍රතිඋපකාරයක් ගන්නේ නැතිව තව තුන් දෙනෙක්ට උදව් කරන්න කිව්වොත්….. මෙතන ගුණෝත්තර ශ්‍රේණියක් නේ තියෙන්නේ… කොහොමද පොදුඅනුපාතය 3ක් වෙච්ච මුල් පදය 1ක් වෙච්ච ගුණෝත්තර ශ්‍රේණ්යක 10 වෙනි පදය වගේ එද්දි…

නිකන් ට්‍රයි එකක් දාලා බලමුද ආහ් මොකද කියන්නේ…. ???.

අද උදේම මහා ගාල ගෝට්ටියක් ,අපේ කිරිකැට්යා…(කිටියා) දෙමලිච්චෙක්ව අත් අඩංගුවට අරං.දෙමලිච්චා කරලා තියෙන්නේ එසේ මෙසේ වැරැද්දක් නෙවේ. මරණ දඬුවම දෙන්නයි යන්නේ. කිරිකැටියා කිව්වා. ඒ ප්‍රකාශය හෙලා දකිමින් දෙමලිච්චෝ පරපුර අඛණ්ඩ විරෝධතා රැළියක. මමත් දෙමලිච්චාගෙන් පරණ ණයක් අරන් ඉන්න ඇති අපෙ මව්යානය කෑගහනවා දෙමලිච්චාව බේරගන්න. මාත් ඉතින් උද්ගෝෂණේට එකතු උනා. මොකද පුරුදු නැති දේවල් යැ.. ඔන්න ඉතින් සුපුරුදු පරිදි ගලක් ගැහුවා කිරිකැටියාට. වියායාමය සාර්ථකයි. නමුත් දෙමලිච්චාටනම් කෙලවෙලා. මොනා කරන්නද අවසන් කටයුතු කිරිකැටියා ගානේ කරන්න ඉඩ ඇරලා. මම ශෝකය ප්‍රකාශ කරනවා බ්ලොග් එකේ.

ඒක ඉවර වෙලා බොලොගේ අලුත් පෙනුම බල බල ඉන් ඉන්දෙද්දී මගේ අසල්වාසී සහනා ආවා . අම්මට උඩු… මම දත් මැදලා, මූන හෝදලාවත් නෑ. නිවාඩු දවස් වල ඔය අනවශ්‍ය වැඩ කරන්න ලහියා කැමති නෑ නෙව. දැන් මොනා කරන්නද. බොහෝම අකමැත්තෙන් ගඳ නැතිකරගත්ත ලහියා පටන් ගත්තා උගන්නන්න. JඅVඅ (JAVA) මුල ටිකට සහනා ආවෙ නෑ නේ. මූට ලූප්ස් ඇරෙන්න ඕනි මලදානයක් තේරෙනවා ගින්දර වගේ. ඒත් ඕනිම එක නැතුව වැඩක් නෑ නේ.

තරු ත්‍රිකෝණෙ එක එක අතට ප්‍රින්ට් කරා. නොදන්න එවුන් දැන් අහන්න එපා තරු ත්‍රිකෝනෙ කියන්නෙ මොකක්ද කියලා. දැන්නම් කොල්ලා ෂේප් වගේ..ඇරේස් පටන්ගත්තා. ඒකනම් එල කිරි වගේ කලා.

ලහියා එහෙම තමා, වලට තනියෙන් ගියාට තනියෙන් ගොඩයන්නේ නෑ.

ඒක නෙවෙයි……. අක්කලව බන්දලා දුන්නම මස්සිනා කෙනෙක් නොමිලේ හම්බවෙනවනේ. මේ……….ඕක නොගෙන ඉන්න බැරිද අප්පා….

11ත් පහුයි නේ.. මම සාමාන්‍යයෙන් 11ත් පහුයි කියන්නේ 11.53 වගේ වෙලාවල් වලට. මගේ නිර්මාණයක් නෙවේ මම Combined Maths වලට ක්ලාස් ගියේ ප්‍රජා රේණුක සර් ගාවට. සර් තමා ඔය ෆොර්මැට් එකෙන් වෙලාව කියන්නේ..

2010-05-26

ඔන්න ඉතින් “ලහියා” ජීවිතේ හා හා පුරා කියල පටන් ගත්ත ජොබ අද අත ඇරියා. පට්ට දුකයි. මම හිතන්නේ ජොබ් එකෙන් එලවපු එකෙක්ටයි, පෙන්ශන් යන එකෙක්ටයි ඇරුනම රස්සාවෙන් කැමැත්තෙන්ම අස් වෙන එකෙක්ට මේ තරම් අස්පට් ගහන්නේ නෑ. නිකන් උගුරේ ටෙනිස් බෝලයක් හිරවෙලා වගේ. මට පට්ට දුකක් ආවාම මෙහෙම තමා. පලවෙනියටම බූට කාපු දවසෙත් මෙහෙම අස්පට් එකෙන් තමයි හිටියෙ… අම්මප ..

කොහොම උනත් ලහියට එහෙදි සලකපු විදිහ මැක්සා. කියලා වැඩක් නෑ. මම කල්පනා කරන්නේ මට වගේ බොස් කෙනෙක් හැමෝටම සෙට්වෙන්න කියලා.

මට ඩිග්‍රි කට්ට ගොඩදාගෙන නමේ අගට පොඩි ජුන්ඩෙක් (B.Sc.) දාගන්න ලොකු කැහිල්ලක් නොතිබ්බනම් මේ ජොබ මළාට දාල යන්නේ නෑ අප්පා.

කොහොම හරි මම වැඩ(නො)කරපු (එහෙම කිව්වේ මට සෑහෙන්ට නිදහසක් ජොබේ තිබ්බ නිසා) මොකක්ද කිය කිය හිටියේ…….. ආහ්……..ඇත්තටම මම වැඩකරපු තැන තව තවත් දියුණු වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා… හදවතින්ම.

මේ බ්ලොග් එක කියවන ඔයාලත් කිරුළපන අවට අයනම් ගෙදරට ගෘහභාන්ඩ හොයනවානම් ගොඩවෙලා බලන්න මේ වෙබ් Site එකට. Traa.lk. මූනු පොතේ ඉන්නවානම් මෙන්න මේ ලින්ක් එකේ Click කරන්න Traa Home Store – Facebook Page .

මේ මගේ අවංක අදහස්. මම ඉතින් බෙල්ල කැපුවත් කියන්න ඕනිදේ, කියන්න ඕනි එකාට, කියන්න ඕනි තැන නොතැන නොබලා කියන එකානේ. අනික මම ඉතින් බොක්කෙන්මනේ වැඩ.

කොහොම නමුත් මේක ලියාගෙන ලියාගෙන යනකොට අපේ මව් යානය රේඩියෝ සිලෝන් එක ඔන් කලා. කාපිය… කාපිය… අනෙ අම්මප නෑ…….. නෑ….. ඇන්ට්ප… මේ රටේ මාද්යවේදීන්ට මෙලෝ හසරක් ලියන්න නිදහසක් නැති හැටි. එහෙනම් කාලා එන්නම්. අප්පා මේ දවස් වල දවල්ට දවල්ට අපේ ලොකු අක්ක වැඩට යන නිසා එයාගේ පොඩි එකා අපෙ ගෙදර ඒනිසා අපෙ මව් යානය මේ දවස් වල BUSY. හොද්ද ලිපේ තියල පස්සෙ අමතක වෙලා. කැටිගැහිලා කියන්නේ තිස්සමහාරාමේ මීකිරි වගේ.

අද ගෙදර එද්දි පට්ට අස්පට් එකේ ආවෙ.අපේ පොඩි අක්ක මම ආපු බස් එකටම ගොඩවෙන්න ගිහින් බැරිවෙලා පස්සෙ බස් එකට නැග්ගා. බොරලැස්ගමුවෙ ට්‍රැෆික් නිසා අලුතින් පාලමක් හැදුවා. දැන් පාලම නිසා ට්‍රැෆික්. කොහොම හරි හන්දියට එදී අපේ පියානෝ සැපත් වෙලා හන්දියට.. අපරාදෙ කියන්න බැරි ලයිට් එකක් තියෙන මෝටාර් සයිකලේ. මළා අක්ක බැස්සෙ වැස්සත් ඉහලගෙන. මොනා කොරන්නද පියානන් මඳකට හන්දියේ නතර කරලා ආව දඬු මොනරෙ ගෙදරට අක්ක එක්ක. අක්කව දාල අයෙ ගියා. පාර පෙන්නේ නැති උනාට මොකද වේගෙ එහෙම පාලනය කරන්න හිතුනෙම නෑ නෙව.

කොහොමින් කොහොම හරි වැස්සෙන් ශේප් එකක් දාගෙන ගෙදරට ගොඩ උනා. කිඹුලගෙන් බේරුනාට ගෙදර ඉන්න හූනාගෙන් බේරෙන්න බෑ කියනවානේ. ගෙදර එනකොට හිම කිරම (Ice cream)දන්සලක් ගෙදර. වෙසක් හෙට. අද මොකෑ කියල බලද්දි තමයි වැඩේ මීටර්. ලොකු අක්කට පඩි. පර්මනන්ට් උනායින් පස්සෙ පලවෙනි එක. පොහ්. වැඩිය කෑම මට දෙවිදිහකින් බලපානවා. එකක් පීනසේ අනික උෂ්ණ බිබිලි. ඒක නිසා සංකේතාත්මකව පොඩ්ඩක් කටේ ගාගත්තා. කොහොම උනත් අද හිම කිරම කන්න පුලුවන් දවසක්ද නැද්ද කියන එක පස්සෙ දවසක කියන්නම්.. එතකල් K.I.T…… දැනටනම් බෑ….. කොහොම හරි මූනු පොතේ සැරි සැරුවා. ඒකෙත් දැන් කිසි මෙව්ව එකක් නෑ. ඔන්න එතකොටයි මතක් උනේ බ්ලොගාව. මේ ලියනව මේ ලියනවා.

දැන් සිරාවටම කියනවම්නම් මම අද ජීවිතේ තීරනාත්මක සන්ධිස්ථානයක ඉන්නෙ. අද ගත්ත තීරණ හරි ගියාද වැරදුනාද කියල පස්සෙ දවසක කියන්නම්.

දොයි මතායි… දැන් ඇති… ඉතුරුවා පස්සේ.. අපෝ තාම ලිව්වයින් 1000 ගුණයක් ලියන්න තියෙනවා. C U Later…..