Posts from the ‘කොට ජීවිතේ රස කතා’ Category

පු* ඉරාගැනීම…

තුන්සක රියට නගිද්දී ඇසුනු බරාස් නඳ…
මෙතරම් දුරක් ආ සඳ…
අඟල් හතරකුත් තවත් මඳ…
විදා පෙන්නවයි මගේ හඳ…

කොත්තු *පු හැටි

.(මේක කියවල කොත්තු එපාඋනොත් මම නෑ ඕං) කවුරුත් දන්නවනේ කොත්තු රොටිය කියන රසවත් ගුණවත් කෑම ගැන.. ඇත්තටම මේ ගං ගොඩේ කාලකන්නි කොත්තු බාස්ලා හරියට නොකලට ප්‍රමිතියට හදන කොත්තුවක් ඕනම කෙනෙක්ගේ දිව පිනවන්න සමත් ඒවගේම හොඳ සමබල ආහාරයක්.. ඇත්තටම කිව්වොත් නියම කොත්තු රොටියක් ප්‍රධාන ආහාරවේලක් හැටියට ගණන්ගන්න පුළුවන්.
ඒත් ඉතින් ඔය අඟල අඟලක් පාසා තියෙන කොත්තු කඩවල තත්වයන බොහෝම කණගාටුදායකයි.. මම කාල තියෙන මෝඩම කොත්තුව හදන්න ඒ බුවා පාවිච්චි කරපු ඉන්ග්‍රීඩියන්ට්ස් ගැන කියනවනම..
කපාගත් රොටී, කපාගත් බොම්බායේ ලූණු, කපාගත් වැරණිය මිරිස්.. බිත්තර 1, තෙල්.., පරිප්පු හොදි

හිතාගන්න පුලුවන් නේ එයාගේ දෙමාපියන්ට පින් දිදී මම කොත්තුව කාපු හැටි..

මම මෙතුවක් කාලෙකට කාපු හොඳම කොත්තුව (නෝමල් ප්‍රයිස්) වෙන්නේ හලාවත දැදුරු ඔය හරියේ (චිලව් නෝර්ත් ඩයලොග් ටවර් එකේ හච් කැබින් එකේ) වැඩකරන කාලේ එතන කඩේකින් කාපු මික්ස් කොත්තුව.. රස උපරිමයි.. හැම මුහුදු කෑමක්ම වගේ තිබුනා දාලා.. ඉස්සොද දැල්ලොද, සොසේජස්ද මාලුද.. අනෙ අම්මේ ඒකේ ප්‍රමානේ.. කිව්වට විස්වාස කරන්ඩ ලන්ච් සීට් එකෙන් එතුවේ මාර ගේමක් දීලා.ඒ ඇරුනම හොඳම කොත්තුව කෑවේ පිලියන්දල මිරිස්වත්තේ කොත්තු කඩෙන්.. එතන නම් ඇත්තටම එලවළු කොත්තුවක් උනත් කිසිම ප්‍රශ්ණයක් නැතුව කන්න පුලුවන්.. (මේ මාකටින් පින් බලයෙන් කොත්තු කඩේ අයියා මට ලබන සුමානේ නිකන් කොත්තුවක් ලබාදෙත්වා).

ඒත් අමතක නොවෙන කොත්තු නම් කීපයක්ම කාලා තියෙනවා.. එකක් තමා රත්නපුරේදී කාපු චිකන් කොත්තුව.. පට්ට පරණ රෝස් චිකන් දාලා හදපු කොත්තුව සති දෙකක් යනකන්ම මතක හිටිය ඕසෙට.

2009 එක් දවසක ලහියගේ නැන්දගේ පුතා සිබා අපේ ගෙදර ඉඳන් පන්ති යන කාලේ එක දවසක් ලහියයි සිබයි ගියා ළඟම තියෙන කොත්තු කඩේට. පලවෙනි හා අන්තිම පාරට. කාපු වෙලාවේනම් කිසිම අවුලක් නොතිබ්බත් සාමාන්‍යයෙන් ඒවගේ කඩෙකින් බලාපොරොත්තු වෙන්න පුලුවන් අඩු රසය නම් දැනුනා.. පහුවෙනිදා මම ඕපන් ආර්ක් ආයතනයේ පංති.. ඉතින් මගේ අසල්වැසි සහෝදරයත් එක්ක එයාගේ බයික් එකේ කිරුළපන යන්න පිටත් උනා..

නුගේගොඩ පාලම නගිනවත් එක්කම එකසැරේම දැනෙන්න ගත්තා ජීවන බර අංක දෙක. ඉතින් ඉවසගෙනම ඉඳලා ක්ලාස් එකට ආවා විතරයි දිව්වා අදාල ස්ථානයට. අර ඩුප්ලිකේට් බණක තිබුණ මතකද ගස්ලබු වැළඳුවාම වෙන දේවල්. අන්න ඒවගේ තමා.. “මගේ අම්මෝ බස බස අ අ අ අ..”

එතනින් ඒ කතාව ඉවර වුනත් සිබාට වෙච්ච දේ නොකීවොත් ඒක ලොකු අඩුවක්..

මිනිහටත් ටයිම් බෝම්බේ සෙට් වෙන්නේ නුගේගොඩමයි.. වහාම කඩේකට දුවපු සිබා අදාල තැන අහලා. ඔන්න මුදලාලිත් පෙන්නලා තැන.. ඉතින් පොර එතනට යද්දී කවුදෝ අසමජ්ජාතියෙක් ඒකේ දොරට ඉබ්බෙකුත් දාලා ගිහින්. මක් කොරන්නද ආයෙත් ඔන්න යතුර ඉල්ලන්න කැශියර් එක ගාවට ඇවිත්. ඔන්න යතුර වෙන එකෙක් ගාවලු. ඒ මිනිහා කොහෙද ගිහින්ලු. හෆොයි සිබා… ඉතින් ඩිංග වෙලාවකින් ඔන්න අර බුවා ඇවිත් … කොහොම හරි මෑන්ස් නම් විනාඩි 15ක් විතර ඉවසගෙන ඉඳලා තියෙනවා.. මට එහෙම ඔය වැඩේ උනානම් නිසැකයෙන්ම මට වෙන්නෙත් ඇම්ඩට වෙච්චි දේම තමා.

මළගෙවල් වල පුටුරත්කරපු කාලේ…

හ්ම්ම් එක දවසක හිනායන කතාත් තව දවසක ඇඬෙන කතාත් කියන නිසා ඔන්න හිතන්න එපා මට මල්ටිපල් පර්සනැලිටි ඩිසෝඩර් කියලා. මේ හිනහවට යටින් තියෙන්නේ වේදනාවේ ගිණිකන්දක්..

ඉතින් ඔන්න කියන්න ගිය කතාව කියන්නත් බැරි උනා. මතකනේ කෙල්ලෝ අහවල් වැඩේ කරන්වා දැකපු අපේ මිත්‍රයා.. මේ කතාවත් මේ අපි දෙන්නගේ වීරක්‍රියා වලින් එකක් පමණයි.. ඇත්තටම මේක වීරක්‍රියා ක්ලාස් එකක් මිස වීර ක්‍රියා ඔබ්ජෙක්ට් එකක් එහෙමත් නැත්නම් ඉන්ස්ටන්ස් එකක් නෙවේ. ඒ කියන්නේ මේක මේ අපේ පුරුද්දක් ගැන කියන කතාවක්..

මේක කළේ මෙහෙමයි.. කොළයක් පෑනක් අරන් ලියාගත්තනම්

අවශ්‍ය ද්‍රව්‍ය.
ඇලුමීනියම් පුටු තියෙන මළගෙවල් 1යි
ගිණිපෙට්ටි කීපයයි
ගිණිකූරු ගොඩකුයි, තව දෙකකුයි.
හොඳට කියවන්න පුලුවන් කොල්ලෙකුයි.
සීරුවෙන් ගේමක් දෙන්න පුළුවන් තව කොල්ලෙකුයි

සාදාගන්නා ක්‍රමය.
ප්‍රථමයෙන් තමාගේ සතුරෙක් යැයි සම්මත කරගන්නා පුද්ගලයෙක් හා කතාකිරීමට කියවන්න පුලුවන් කොළුවා යවන්න. අදාල පුද්ගලයා ඕපයට වහවැටීගෙන එනවිට, ගේම දිය හැකි ඔබ ඔහුගේ පුටුව පසුපසට යන්න.. ගිණිකූරු ගොඩෙන් හැකිපමණ ගෙන එහි සුදුපැහැ කෙළවර මඳක් විකන්න. ඉන්පසු පැතළි කරගත් එම කෙළවරවල් පුටුවේ යටපැත්තෙන් තියා තදකරන්න.. හැකි ප්‍රමාණයක් මෙළෙස තද කරන්න.(අවවාදයයි.. 3කට වැඩිය තැබීම භයානකයි.. සිරාවටම)
සැ.යු. මෙහිදී සෑම ගිණිකූරකම හිස එකතැනකට වන්නට තබාගැනීමට මතක තබාගන්න..

දැන් සූදානම් දැන් ඉතිරි ගිණිකූරු දෙක ගන්න. එයින් එකක් ප්‍රවේසමෙන් දල්වා එමඟින් පුටුවේ යට ඇති ගිණිකූරු දල්වන්න. ආස්චර්යය සියැසින් දැක.. කම්මුල් හරහා දෙකන් පිපිරෙන තරමට විඳගන්න.

දැන් අහයි මොකටද ඉතුරු ගිණිකූර කියලා. ඇයි බොල පලවෙනි එක වැරදිලාවත් නිවුනනම අර ටික පත්තු කරන්නේ පොලීසියෙන්ද?

ප/ලි : මෙහි ගිණිකූරු ගණන අති විසාල එකක් කරගන්නේ නම් මෙම සත්ක්‍රියාව දිගටම කරගෙන යාමට අවැසි මළගෙවල් හිඟ නොවෙනු ඇත

0 නංගිට ලියපු මුල්ම පෙම්පත.. 2 වසරේ අයියාගෙන් ;)

,

මාතෘකාවෙන්ම තේරෙන්න ඇතිනේ… මේ කතාව සිද්ද වෙන්නේ මේ කතා නායක අයියා 2ට පාස්වෙන ලොකු විබාගේ එහෙම කරලා ඉන්න කාලේ. ඒ දවස් වල ඔය කතා නායකයා උන්න ගෙදරට අල්ලපු ඉඩමේ තිබුණේ කඩයක් එක්ක ගෙයක්.. එහේ උන්නා(ලු) ඔය කතානායකයාට වඩා අවුරුදු දෙකක් වගේ බාල නංගියෙක්..

ඉතින් මේ දෙකේ අයියා ඔය මොට්ටසෝරි යන නංගී ඉස්කෝලේ බිංදුවෙනි වසරේ ඉන්න හින්දා ආදරේට (චික්) එයාට කීවේ බිංදුවේ නංගි කියලලු..

ඔය වයසේ දැන්වගේ නෙවේ කෙල්ලො ඇලජික්.. කොහොම හරි බලන්නේ කෙල්ලොන්ට කෙළවන්න (දැන්නම් වන්න ඉන්න වෙලානේ) ඉතින් මේ දෙකේ අයියට මේ 0 නංගිවත් ඇලජික්.. මේ කතා නායකයගේ නැන්දගේ පුතා සිබාත් ඔය කෙළීගේ වයසේමයි මේ දවස් වල ඔය හාදයත් උන්නේ එකම ගෙදර..

අර කෙලී සඳළුතලේට ඇවිත් 64 ම දානවා.. මෝඩයා කියනවා. එයාට තියෙන එව්වා පෙන්නනවා (සෙල්ලම් බඩු, පොත් ආදිය) අපිත් අපේ එව්වා පෙන්න පෙන්න රංඩුව දුරදිග ගියා..

මේකිත් අතාරින්නේ නෑ.. ඊට පස්සේ තමා කතා නායකයා තමාගේ සහෝදරයා සමඟ සැලසුම් කරන්නේ… යුද්ධය ප්‍රකාශ කරලා ලිඛිතවම සංදේශයක් යවන්න.. ඒ කෙළී බිංදුවේ නංගී බව ලිඛිතවම දෙන්න..

“බිංදුවේ නංගි.. බිංදුවේ නංගි.. බිංදුවේ නංගි.. නංගි.. නංගි..
මෝඩයා”|

මෙන්න මේ මහාසාර සංදේශය යවන්න අපේ කතා නායකයාට කොයින්ද කාලිදාස කිවිඳුන්ට වගේ මේඝ දූතයෝ.. මට කොයින්ද එම වලා.. යවමි ගලක පටලලා කියලා ගල් කැටයක ලිවුම එතුවා විතරයි..

දෙයියනේ අම්මා… කතානායකයා වහාම සාක්කුගත කරගත්තා මේ වටිනා යුධ සංදේශය. ඒත් පමා වැඩියි යුධ සංදේශය සතුරු රාජ්ජයක් අතට පත් උනා..
කවදාවත් ලියුම දෙන්න බැරි උනා..
“ඈ බොල හැලපයෝ.. තොගේ වයසටද වැඩ.. හිටු..@#$%^&*”
(මේ ළඟදි දවසක ඔය කතා නායකයා 0 නංගිව දැක්කලු.. අනේ එදාම ලියුම දුන්නනම් කියලා හිතුනලු..)

ප.ලි…: මේ මෙතන කොහේදී හරි මම, අපි වගේ වචනයක් දැක්කද කවුරුත්. නෑ නේ.. 😮

චූටි කාලේ කරපු නෝටි වැඩක්, චූ ඇන් ලායි ගර්ල්ස්

.
මගේ පුන්චිකාලේ ළඟම යාළුවා.. ඒත් යාළුවාට වඩා ඒකා මගේ සහෝදරයා..(බාප්පගේ පුතා).. දැන්නම් පරිගණක විකුණන ලංකාවේ ප්‍රසිද්දම ආයතනයේ ඉහල තනතුරක් දරන නිසා කඳබඩ දාලා ලහිය වගේ 2ක් උනාට.. ඒ කාලේනම් නිවුන්නු වගේ… මොකද ජානමය සමානකම් නිසා. අපි දෙන්නා තමා ඔය දානේ ගෙවල් මළගෙවල් ආදිය මගුල් ගෙවල් කරන වැඩ වගේම මගුල් ගෙවල් මළගෙවල් කරන භාරදූර රාජකාරියට පේවෙලා උන්නේ..
කරුමේ කියන්නේ අපි දෙන්නම එකම වයසේ, එකම පාසලේ. කාගේදෝ මන්දා වෙලාව හොඳකමට එක පන්තියේ වැටුනේ නෑ අවුරුදු 10ම..

ඒත් ඉතින් විවේක කාලයේ හැකි අයුරින් රාජකාරිය අකුරටම ඉටු කළා.. පොඩි එවුන්ගේ බැට් බෝල ඉස්සීම තමා ඒ දවස් වල ආතල්ම වැඩේ..
මදැයි පිට පැන්නා.. ඔන්න කතාව…
මේ කියන පාසලේ ඔය ගෑණුලමයිට එලියට පහලියට යන්න පහසුකම් හරි අඩුවෙන් තිබුණේ.. ඒක නිසාම ගොඩාක් පොඩි ඈයෝ ගියේ අමු එළියේ.. ආයේත් කියනවා ඔන්න පුංචි කාලේ පොඩිකමට කරපු දේවල් හොඳේ..
ඉතින් මම ඉහත කීව ඔය කොළුවා දවසක් අහම්බෙන් පිට්ටනියේ කෙළවර බිල්ඩින් දෙකක් අතරින් මේ මහානුභාව සම්පන්න සිදුවීම දැකලා.
පුදුමයෙන් පුදුමයට පත්වෙලා පොර ලහියට කියපි.. අවංකව කියනවනම් ඊට පස්සේ දෙන්නම ගිහිල්ලා නිකම් ඒ දිහාව බලලා හිනාවෙලා පන්තියට ආවා. ඔන්න මේ සාමකාමී වාතාවරණය නැතිවෙන්නේ තව ඩිංග කාලයකින් උදාවෙච්ච මොකක්දෝ මන්දා උත්සවේක..
මෙන්න බොලේ අපේ තවත් බාප්පා කෙනෙක් මේ සිද්ධිය කියනව හත්පොලේ…
මල හත්තිලව්වයි. ඇයි යකෝ පැල් බැඳගෙන බැලුවනම් තව කමක් නෑ. මේ යත්තම් ෆ්ලැෂ් එකක් දාගෙන ආවේ.. මෙයා කොහොමද මේක දන්නේ..????????

ඒත් ඉතින් එදායින් පස්සේ අපිව නට් වෙන්න බයිට් උනා..
ඒත් මම දැනගෙන උන්නේ නෑ කොහොමද වැඩේ ලීක් උනේ කියලා..
මේ බොහෝම මෑතක අතීතයේ කතා මතක් කර කර ඉන්දෙද්දී ඔය උඩම කියපු හාදයා තමා කීවේ ඇත්ත විස්තරේ.. ඒ වෙද්දී ඔය කතාව පතුරවපු බාප්පා අපෙන් සදහටම වෙන් වෙලා ගිහින්.
එදා මගේ පාර්ට්නර්ව ඉස්කෝලේ ඇරිලා එක්ක යන්න ඇවිත් තිබ්බේ බාප්පා.. එතකොට තරුණයෙක්.. ඉතින් කොල්ලට පොඩි සෝශල් ඉංජිනියරින් පාරක් දීලා..
“ආ මම දන්නවා උඹලා අද කරපු එක.. ඉන්නවා අම්මට කියන්නම්”
“අනේ නෑ බාප්පි.. මමයි ලහිරුයි කෙල්ලෝ c* කරන එක දැකලා ටක් ගාලා පන්තියට ආවා”

බෙයියන් බීපු හැටි…

කලින් දවසක කියලා ඇතිනේ ලහියා තෙල් ගහපු හැටි, ලහියා පොහොර දාපු හැටි වගේ කතා.. එන්න ඒවගේ මට වෙච්ච හු*නියම් කතාවක් තමා මේ බෙයියන් බීපු කේශ් එක.

මේක වෙද්දී මම වයස් අවුරුදු 6ක් වගේ ඇති.. අපේ තාත්තා ගුරුවරයෙක් නිසා මේ වෙද්දී අපි උන්නේ බොරලන්ද ධර්මපාල විද්‍යාලයේ ගුරුනිවාසයේ.. නොදන්න අය දැනගන්නකෝ. ඔය ජාතියේ නිවාස තියෙන්නේ ඉස්කෝල ඇතුළේ. ඉතින් පදිංචිය අමාරු ගුරුවරයෙක්ට මේකේ නැවතිලා පාසලේ වැඩකරන්න පුළුවන්. මේ වෙද්දී එකවසරේ ටීචර්ට අමානුසික ලෙස පහරදීම, එතුමියගේ සැමියා වෙච්ච විදුහල්පති තුමාට කොස්සෙන් පහරදීම, තාත්තාට සභාතොමෝ මැද හුරතල් විදිහට කුනුහරුපයක් කීම වගේ පොඩි පොඩි වීරක්‍රියා පමණක් නෙවේ අර ටීචර්ට පහරදීලා දුවගෙන ආවේ ගෙදර අය මාව දාලා කොහේ හරි ගිහින් ඇති කියලා හිතලා.. ගෙදරත් තිබුණේ ඉස්කෝලේ ඇතුලේනේ.. ගෙදර යද්දී මෙන්න බොලේ හැබෑවටම අම්මලා මාව දාලා දුර ගමනක් ගිහින් තිබුණා (හංදියේ නානගේ කඩේට) ඉතින් මක්කැයි කොරන්නේ සනික කෝප්පෙන් දමලා ඇරියා ඉස්සරහා ජනේලේ වීදුරුවට. ජනේලේ අම්බ්‍රැල්ලා පවුඩර්..(කුඩේ කුඩු) හරි සෝයි සන්තෝසේ බැරුවා.. අඩෝ කවුද යකෝ මගේ ඇඳුමේ රතුපාට ගාපු එකා.. ආ නෑ නෑ මේ මගේ අත ඩිංගක් කැපිලා (හොඳ ඩිංග.. තව ඩිංගෙන් මෙව්වා ලියන්න වෙන්නේ පොලිස් පොත් වල.) ඉතින් මේ වගේ මහා වීරක්‍රියා බොහෝමයක් කොරලා ඉන්න හින්දා තව වීරක්‍රියා කොරන එකත් කජ්ජක්ද..

අපේ අම්මට මම වාගේ නාහෙට නාහන පුතෙක් ඉපදෙන්න කිට්ටු කාලේ ඉඳන්ම පෙසර් තිබිලා තියෙනවා. මගේ පණපොජ්ජ බේරගත්තේත් අම්මගේ ජීවිතේ අනතුරේ දාලලු. තාත්තා මොනවා කීවත් අම්මා කියලා තියෙන්නේ ලහියව බේරගන්න කියලලු ඕං. අනික මම උපන්නේත් මහ කුඩුකේඩු දවසක. අම්මප මම ඩොකා උනානම් ඒදාට කවදාවත් වැඩට යන්නේ නෑ.(ඇයි යකෝ එදා මගේ උපන්දිනේනේ). ලහියා උපන්නේ දෙසැම්බර් 31 දාවක. එහෙමත් ඩොකෙක් තමා එදාට වැඩකලේ.. ආයෙත් පැන්නානේ පිට
ආ ඉතින් අපේ අම්මා ඒ දවස් වල පෙසර් පෙති බොනවා. පෙසර් පෙති ඉවර නිසා තාත්තා හිස් පෙට්ටිය පාමසියට අරන් ගිහින් ඔන්න ගෙනාවා අලුත් පෙති.. එතනින් එහාට ලහියට ගානකුත් නෑ කාටත් ගානක් නෑ. ඔන්න බෙහෙත් බොන වෙලාව.
“කෝ මේකේ තිබ්බ බෙහෙත්” මළා අතුරුදහන්.. නොදරුවෙක් වීමේ පාපයට මා ගොදුරු උනා.. “පුතේ ඔයා බිව්වද මේකේ තිබ්බ ඒවා ? ” …
අපි ආයේ කවදාවත් නෑ බෑ කියන මිනිස්සු නෙවේනේ.. ඉන්ටව් එකකට ගියත් හැම දේටම යැස් සෑර් කියල උස්සලා දෙනවනේ.. පස්සේ කියනවා “යස් බට්….”

ඉතින් කීවා “ඔවු මම බිවුවා කියලා”… කෙළියා තාප්පෙට.. බුම්..

දැන් ඉතින් මම මළා හා සමානයි.. ඔක්කොම එවුන් මගේ උගුරට ඇඟිල්ල දානවා.. ඕක්… ඕක්… ඈ ඈ ඈ ..
ටික වෙලාවකින් ඈත සිටන් එන්නේ සෙල්ලි සෙල්ලියේ … මිඩ් පයිස් නෝනා… අඳුරන ඇන්ටියෙක්.. මට මතුවෙච්ච මුල්ම ප්‍රශ්ණේ අපේ ගෙදර කොයි දොරෙන්ද මෙයාව ගන්නේ කියලා. (මහත නෑ බන් ඒ ඇන්ටි, අලිය තරම්).

ඉතින් පොඩි එකෙක්ට කරදරයක් උනාම ඉස්සෙල්ලාම දුවගෙන එන්නේ එතුමියනේ..
“මේ කොල්ලාත් කරන වැඩ. මිස් ඔහොම කබරයා දම්මලා හරියන්නේ නෑ.. ගේන්න වතුර ජෝග්ගු කීපයකුයි ලුණුයි”
කික්ම තමා. ඇන්ටි මාව තම්බයි වගේ..
මොනවද මේ කතා ගත්තා දියකළා පෙව්වා.. ඕක් ඕක්.. ඈ ඈ ඈ … ඊඉ හී හී හී..
පදමට ලුණුවතුර ජෝග්ගු දෙකක් බීලා කබරයා වෙච්ච ගමන් මගේ තත්වය සෝචනීය උනා.. ක්ලාන්තය… තාම බෙහෙතේ විස ගිහින් නෑ.. අනේ..
බෙහෙත් ගත්ත පාමසිය අඳුරන තැනක්. එතනම ඉන්නවා ඩොකෙක්. සාන්ත මහත්තයා.. (මට විටමින් සී පෙති දෙන නිසා සාන්ත මහත්තයා සෝයි) එතනින්ම මේකට කරන්න ඕන දේ අහන්න ලෙඩා සහ පිරිස ගියා එතනට.
එතනට ආපු පාමසියේ කොලුවා මෙන්න මෙහෙම කියපි තාත්තාට…
“සර්… සර් අර බෙහෙතේ අලුත් පෙට්ටිය තියලා හිස් පෙට්ටියනේ ගෙනියලා තියෙන්නේ”

සුබ ආරංචියක්

ලහියාට ඊයේ සුබ ආරංචියක් ලැබුණා.. ඒ තමයි ලහියා කොළඹ විශ්ව විද්‍යාලයේ බී. අයි. ටී බාහිර උපාධියේ පළවෙනි අවුරුද්ද ඉතා හොඳින් සමත් වෙලා කියන එක.

ඒ සතුට ඔයාලා එක්ක බෙදාගන්න හිතුවා…

මට පුදුමේ මම ඒ දවස් වල හිටිය මානසිකත්වයත් එක්ක මෙහෙම ගොඩගිය එක නම් මහා පුදුමයක්…

නොතේරුණානම් මේ ලින්ක් ටිකට ගිහින් බලන්න.

මේකයි,මේකයිමෙන්න මේකයි

බ්ලොග් අවකාශයේ සුපිරි චරිතයක් වෙච්ච කුමුදු පින්තු ගුරුතුමා තමයි මට ගණිතය ඉගැන්වුවෙ.. බී එකක් තියෙනවා. එතුමාට පින් සහ නිවන් සුව ලැබේවා !!.