ආදරණීය ලොකු තාත්තේ..

තවත් බොහෝකල් මේ රටේ දරුවන්ගේ දෑස් පාදන්න හැකියාව තිබුණද නිසිකල එලඹීමට පෙර ඔබ අප හැර ගියේය.. මේ පෝස්ටුව ඔබ නොකියවන බව සැබෑය.. නමුත් ඔබගේ වියෝවෙන් හෙළිවන එක් දෙයක් මෙය කියවන පිරිස ජීවිත වලට එකතුකරගනු ඇත.

ඔබ ජීවිතේ ඉපයුවේ මුදලට වඩා මිනිසුන්ය… මා ජීවිතයේ දුටු විශාලම අවමංගල පෙරහරවූ ඔබගේ අවමංගල පෙරහැර සමන්විත වුණේ මුදලට ගෙනා මිනිසුන් ගෙන් නොව.. ලංකාවේ දසදිගින් ඔබ උදෙසාම පැමිණි ඔබේ මිනිසුන්ගෙනි..
කුළියට හඬන්නන් නොව හැඬීම නවත්වාගන්නට බැරිව අසරණ වූ පිරිමින් ගැහැණුන් (මමද ඇතුළුව) කියා පෑවේ ඔබ මෙළොව ඔවුන් ඇසුරු කල සුන්දරම මිනිසෙක් බවය..
ඔබට අවසන් බුහුමන් දැක්වීමට පැමිණි අය අතර මේ රටේ ඉහලතම පුරවැසියන්ගේ සිට බිම් මට්ටමේ සිඟන මිනිසා දක්වා පරාසයක මිනිසුන් අප දුටුවෙමු. සිංහලයින්, දෙමළයින්, මුස්ලිම්වරු, කතෝලිකයින් හෝ වෙනත් අය කියා, උස් අය පහත් අය කියා ඔබ ඔවුන්ට වෙනසක් නොදැක්වූයේය.. අනාථ ද්‍රවිඩ දරුවෙක් තම දරුවෙක් ලෙස ඔබ හදාවඩා ගත්තේය.. ඔහු ඔබට කෙතරම් කෘතඥපූර්වකද යන්න ඔහුගේ වෙදනාත්මක හැඬුමෙන් අපට පසක් විය..

ඔබේ සිනහබර වදන්, ආදරණීය විහිලු, කවදා දකින්නද..
සැබැවින්ම ලොකු තාත්තා යන නෑකමට ඕනවටත් වඩා හොඳ සාධාරණයක් ඔබ ඉටුකළේය..
තාත්තාගේ රැකවරණයට, සෙනෙහසට නොදෙවෙනි ඔබේ සෙනෙහස අහිමිවීම පිළිබඳ දැඩී ආත්මානුකම්පාවෙන් මෙළෙස මගේ වේදනාව ලොවට කියමි….

” අපේ රත්තරං ලොකු තාත්තේ.. ඔබට නිවන්සුව පතමි !”

Advertisements