කාලෙකට උඩදි රත්නපුර පැත්තේ ජීවත් උනා ජගිරි කියලා අහිංසක මනුස්සයෙක්… මේ මනුස්සයට තුන්සක රියක් තිබ්බත් මෙයා පුරසිද්ද හයර් යන්න නෙවේ ළඟපාත ප්‍රදේසයේ ජනප්‍රිය අවුසදේ ගෙන්වා බෙදා හරින්න..
ඔන්න උක්කුං බබාලාට කියන්නේ .. තණමල්විල පැත්තේ ඔය ගංජා සාරෙට වැවෙනවා කියන්නේ… මෙ අහිංසක මනුස්පයා කළේ මෙව්වා ගෙනල්ලා විකුණන එක..

ඉතින් කොයි කවුරුත් දන්නවා මේ මනුස්පයාගේ විස්තරේ… වෙන මොකෝ පොලෝසියේ මාමලා පවා…

ඉතින් දවසක් ඇඹිලිපිටිය පාරේ ගංජා ගොඩකුත් ගෝණිවල දාගෙන තුන්සක රියේ ජගිරියා එනවා සිංදුවකුත් දාගෙන.. ඔන්න නැවැත්තුවා පොලෝසියෙන්…
“ආ ජගිරි… කොහෙද ගියේ… ගන්නවා ලැයිසොං… මොනවද මේ ගෝණිවල”
“ගංජා සෑර‍්රර‍්රර‍්රර‍්රර‍්ර…”
“අනේ යකෝ… ගංජනම් තෝම කියයි… පල යන්ඩ අපට පවු නොදී”…

මේ ජගිරිගේ ඇත්ත නම වෙන මොකක්දෝ එකක්.. ඒත් මේ නම හැදුනේ පොර පස්සෙ කාලෙක ඔය මල් රස්සාව නවත්තලා කිරිටොපි හදලා වික්කා.. ඔය කිරිටොපි වල නම තමා “ජගිරි කිරිටොපි” ඔන්න ඔහොමයි පොර ජගිරි උනේ..

දවසක් මේ පොරගේ කිරිටොපියක් අස්සේ බොත්තමක් තිබිලා… කස්ටමර් ලේසියෙන් අත අරින බුවෙක් නෙවේ.. පැමිණිල්ලක් P.H.I මහත්තැන් ගාව..
එතුමත් ගියා බොත්තම තියෙන ටොපි බාගෙත් අරන් ජගිරියා නිස්පාදනය කරන තැනට..
ගොහින් පෙන්නුවා බාගෙට ටොපිය ඇතුළේ තියෙන බොත්තම..

“මේ මොකක්ද කියනවා”
“අයියෝ සෑර් නිල් බොත්තමක්නේ තියෙන්නේ..”
“ඉතින් ..”
“ඉතින් කියන්නේ සෑර්…. නිල් බොත්තමට ප්ලාස්ටික් පිඟානක් විතරයි.. ඔන්න රිදී බොත්තම හොයාගත්තානම් දහදාහක් දිනාගන්න තිබ්බා..”

නඩුව අහවරයි…
කොහොමද ජගිරි මොළේ..

Advertisements