හ්ම්ම්…. මතක ඇතිනේ මගේ ගාව ඉන්න දුරකතන රාජයා ගැන ලිව්වා… මේ බලන්නකෝ මතක නැතිනම්..
ඒ ලෙවල් කරන කාලේ ඉතින් යාළුවෝ ෆෝන් ගෙනාවම හරි ආසයි.. අනේ මටත් එකක්… අනික් අය තමන්ගෙ පුද්ගලික නම්බර් එක දෙද්දි මට උනේ එක්කො ගෙදර අංකේ හරි තාත්තාගේ අංකේ හරි දෙන්න. ඒත් ඉතින් කෙල්ලෙක්ට ඕවා දෙන්න ඇහැකිය.

ඉතින් ඔන්න කාලයක් බර බර දාල ඒ ලෙවල් ඉවරවෙන්න ඔන්න මෙන්න තියලා,මම දැන් ලොකු ලමයෙක් හින්දා ෆෝන් එකකට අවසර ලැබුණා. කවුදෝ අලුකුත්තේරුවෙක් අපේ අම්මට කියපි, ඔය වැඩකෑලි තියෙන එව්ව දුන්නම ලමයි නරක් වෙනව කියල.. අනේ එතකොට මම ළමයෙකුත් නෙවෙයි.. 19යි… අනික ඒ වෙද්දි මම හොඳටම නරක්වෙලා ඉවරයි… ඉතින් ඔන්න පාස් උනේ 11000 යි කාලේ පෝන් හෙන ගහන ගනන් නේ… ඉතින් සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකට ඔලුව දැම්මා.

මේ තියෙන්නේ එයාගේ කොම්පැනි පෙනුම.. මෙයාලා හැමෝම එක වගේ නේ නේද?

මාස දෙක තුනක් වෙන කෙනෙක් ලඟ හිටිය මෙයා මගේ ගාවට ආවා… එදා ඉඳන් මගේ ගාව දුකේදි සැපේදි මගේ අයව මට ලං කලේ මෙයා.

පොඩි පහේ අසනීප ටිකකුත් තියෙනවා. මේකට වෙන්න තියන සංගෙඩි හැම එකක්ම උනා.. මම දුරකතන කුළුණු වල වැඩකළ බව දන්නවානේ. එයින් එකක නගිද්දි මීටර් 6-7ක විතර උඩ ඉඳන් වැටුනා. දවසක් බයික් එකේ යද්දී වැටිලා කෑලි කෑලි ගියා, හැමදාම උදේට අම්මට තාත්තාට මම වඳිනකොට මෙයාත් අනිවාර්යයෙන් වඳිනවාම තමා.. අපේ අක්කගේ පුතා විසිකිරීම කියන ක්‍රියාකාරකම පුරුදු උනෙත් ඕකෙන්. එහෙම වැටිලා කෑලි හැලෙන මට්ටමේ තිබුණත් අදටත් මගේ අලුත් ෆෝන් එක දෙවනි කරන්න මෙයා සමත් වෙලා තියෙනවා.. ඒත් මෙයා මට වාසනාව ගෙනාවා. ඉල්ලන්න එපා පණ ගියත් විකුණන්නේ නෑ.

ඇත්තටම Sony Ericsson K750i කියන්නේ මම දන්න විදිහට ආපු හොඳම ෆෝන් එකක්. පහසුකම් අතින් ගත්තත් අදටත් අනික් එව්ව එක්ක හැප්පෙන්න මෙයාට අමරුවක් නෑ.

Advertisements