“මාව ඝාතනය කළත් මගේ චරිතය ඝාතනය කරන්න එපා.” රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා වරක් ප්‍රකාශ කළ මෙහි අර්ථය මට දැනුනේ ඊයේ..
සිද්ධිය ප්‍රසිද්ධ කරන්න මම අකමැති වුනත් සිද්ධිය හෙලිකළ ජීවිත සත්‍යයක් මම ඔබට කියන්නම්..

කෙනෙක්ගේ චරිතය ගැන යම් චෝදනාවක් කරනවානම් ඒගැන හොඳින් හොයා බලා බුද්ධියෙන් විමසා බලා..තර්කානුකූලනම් පමණක් එය කරන්න.. එසේ නැත්නම් එය ඒ කෙනාට දරාගැනීමට නොහැකි වූ විට ජීවිතයෙන් සමුගැන්මට පවා හොඳටම ඉඩ ඇත.
අසත්‍යය, සත්‍යය නම් මහපොළොව උඩ තිබෙන මඩ ජලය වැනිය… එය තිබෙන තාක් කල් මහපොළොව නොපෙනුනත් විව්ධ හේතු නිසා ඉතා ඉක්මනින් එය වාශ්ප වනු ඇත. ඉතිරිවන්නේ මහපොළොවයි.
එලෙසම අසත්‍යයේ පැවැත්ම නැති කිරීමට හේතුවන කාරණා ඕනෑ තරම් තිබිය හැක.. නමුත් සත්‍යය වනාහී සදාකාලිකව නොනැසෙන දෙයකි.
අනිච්චාවත සංඛාරා කියා කීවත් සත්‍යය එසේ නැසෙන සුළු නොවන බව මාගේ විස්වාසයයි..

ප්‍රශ්ණය එය නොවේ.. සත්‍යය කවදාමුත් හෙළිවන බව සැබෑය. නමුත් එය හෙළිවීමට පෙර අසත්‍යය විසින් ජීවිත කීයක්නම් බිළිගන්නට ඉඩ තිබේද ?

අපි නිකරුනේ මිනීමරුවන් වෙන්නට උත්සාහ කළ යුතුද ?

Advertisements