මුලින්ම කියන්න ඕනි මේක මගේ අත්දැකීමක් නම් නෙවෙයි..
මේක මට හිතිච්ච දෙයක්…
බොහෝමයක් අවස්ථා වල යම් දෙයක් උපරිම වශයෙන් කිරීමත් එය කළ හැකි මෝඩම ආකාරයත් අතර වෙනස නොගිණිය හැකි තරම් කුඩා වෙනවා නේද…
මට තේරුනේ නෑ….( ඔබ දැන් කියාවි )
දැන් බලන්න සර්කස් කාරයෙක් ඉන්නවා… ඒකාට ලණුවක් උඩ සමබරව හොඳින් යන්න පුළුවන්….
දැන් මෙයා මහා ප්‍රපාතයක් හරහා ලණුවක් ඇදලා ඒක උඩ සමබරව ඇවිදිනවා…
මේක සුපිරි වැඩක් නෙවෙයි ද ?
මෙයා ලෝක ප්‍රසිද්ධ වෙන්නේ නැද්ද ??
හැබැයි මේකම නේද කරන්න පුළුවන් මෝඩම මෝඩ වැඩේ… නිකමටවත් වැටුනොතින් බිමටනේ … කෑලිවත් ඉතුරු වෙන එකක් නෑ…


මේ වගේ ඔබ දන්නා ඕනෑම ක්‍රියාවක් ගැන හිතලා බලන්න…
මම මේක කියන්න ගත්තේ මගේ යාළුවෙක් අද මගෙන් අහපු දෙයක් නිසා. එයා පණ වගේ ආදරය කරපු කොල්ලෙක් හිටියා. හැබැයි ඒ ආදරේම ආපහු ඒ කොල්ලාගෙන් හම්බ නොවීම තමා ප්‍රශ්ණය උනේ..අද ඒ කොල්ලා රට යනවා කියලා මුණගැහෙන්න එන්න කියලා…මගේ යාලුවාට එයාගේ ආදරේ වැඩි කමට නොයාත් බෑ.. හැබැයි අද කාලේ මිනිස්සු මහා නරුමයෝ නිසා මම පුළුවන් උපරිම ආරක්ෂාව සඳහා උපදෙස් මාලාවක් දීලා, හොඳ ආරක්ශක සැලැස්මක් ඇතිව යන්න උපදෙස් දුන්නා..

මේකෙන් මට තේරුනේ අපි ආදරේ පරතෙරටම ගිහින් උපරිම අවංක කමින් ආදරය කරන එක , සමහරවිට ආදරෙදී කරන්න තියෙන මෝඩම මෝඩ වැඩේ නේද කියලායි….

මේකට මාතෘකාව ඩෙල්ටා එක්ස්… කියලා දැම්මේ ඇයි කියලා ඒ ලෙවල් ගණිතය නොකරපු අයට නොතේරෙන්න පුළුවන්..
දන්න කෙනෙක් හම්බුනාම අහල බලන්න.. එක ටිකක් දිග කතාවක්…………

Advertisements