මේ ළඟදී මම ඉස්කෝලේ දන්සලක් තිබිලා ඒකට ගියා..
දන්සල අතරේ පරණ පාප මිත්තරයො දෙන්නෙක් මුණගැහුණා…හිකිස්…
මිගා & ලකී…:
මුණගැහුණ ගමන් මෙන්න මේ වගේ දෙබසක්…
අරුන් : “ආ… කොහොමද ******* .. දැන් හොයාගන්නවත් බෑ නේද *******…”
මම : “යකෝ කුණුහරුප කියන්න එපා ******* ” හිකිස්..
අරුන්: “අනේ උඹයි මමයි දන්න ***** කුණුහරුප..”
මම : ” ඒක නෙවේ ******, අපි කොච්චර කෑගැහුවත් දන්නේ වචන 10 කටත් අඩු ප්‍රමාණයක් නේ ”
අරුන් : “***** දාලා… ඇත්ත නේන්නම්… “

***** ලකුණෙන් දක්වා ඇති දේවල් උපකල්පනය කරගැනීමෙන් මහත් ඵල අත්වේ

දැන් ගිය වැඩේ පැත්තක….
කට්ටිය ගණන් කරනව දන්න එව ඔක්කොම කියල…
නාම පද, ක්‍රියාපද වශයෙන් කිව්වොත්
නාම පද 8ක් වගේ………….
ඒවයින් හැදුන ක්‍රියාපද කීපයකුත් තියෙනවා..

දන්නවද හිනා යන වැඩේ මොකක්ද කියලා
මේක කියවපු හැම එක්කෙනාම තම තමා දන්න ඒවා මතක් කරලා 8 ට වැඩියෙන් හොයන්න උත්සාහ කළා…

මම මේක කියන්නේ වල්කම ප්‍රදර්ශණය කරන්න නෙවෙයි..
මේවාත් නාමපද සහ ක්‍රියාපද කීපයක් විතරයි නේ…
වෙනස තියෙන්නේ කට්ටිය එක්ක කියද්දි පොඩ්ඩක් විනෝදයි…
ඇත්තටම ඔය වචන පාවිච්චි වෙන්නේ මොනවා හඳුන්වන්නද කියලා අමුතුවෙන් කියන්න ඕනි නෑ නේ…
හැබැයි ඒ දේවල් හඳුන්වන තවත් වචන අපේ භාෂාවේ තියෙනවා වගේම ඒවාට නම් කවුරුත් මොකක්වත් කියන්නේ නෑ..
මට මේ වෙනස තේරෙන්නේ නෑ. හැමෝම දන්න, කාටත් තේරෙන වචන කීපයකට ඇයි මෙච්චර තහංචියක් කියලයි..
හැබැයි ඉඳලා හිටලා විනෝදවෙන්න තියෙන්නෙත් ඔය තහංචිය නිසාමද කියලාත් හිතෙනවා. අනේ මන්දා ඔයාල හිතන්නේ මොකක්ද ??

Advertisements