මගේ නෑදෑයෙක් සමඟ ඔය ජනාධිපතිවරණෙ කාලෙ මාත් එක්ක මගේ දේශපාලන මතය ගැන වාද කර කර ඉන්දෙද්දි මම කිව්වා, උඹ බලපන් දැන් ෆේස් බුක් ෆෑන්ස්ලා උනත් වැඩිපුර ඉන්නේ XXXX ට නේ. එයා තමයි දිනන්නේ කියල. මෙන්න මේකා කියපි මෙන්න මෙහෙම. ෆේස්බුක් කියන්නේ සල්ලි කාරයොන්ට සුදු කෙලින්න, මිනිස්සුන්ව මුලා කරන්න හදපු දෙයක්.
ඈ මොකා…………………..
ඊට පස්සෙ මම දැනගත්ත හැටියට මේ යකාත් ෆේස් බුක් එකේ නෑ.
මේ වෙලාවෙ මට මතක් වෙනවා මම බලපු ප්ලැනට් 51 කියන ඉංග්‍රීසි චිත්‍රපටියක්. ඒකෙ පෙන්නන්නේ පිටසක්වල ලෝකයක්. පෘථිවියෙන් ගගනගාමියෙක් එහෙට යනවා. ඒ ලෝකයේ අය ඔහුව පිටසක්වල ජීවියෙක් ලෙස හඳුන්වා ඔහුට බියවී කරන සිදුවීම් දාමයක් තමා මෙහි තිබෙන්නේ.
ඒකෙ අවසානයේවගේ එහි තරුණයෙක් මේ ගගනගාමියා ඒ ලොවට හඳුන්වා දෙන්නේ “ඔබ බය වී තිබෙන්නේ මේ ගගනගාමියාට නොව. ඔබ නොදන්නා දෙයටය.” යනුවෙනි.
මොහුද මොහු නොදන්නා දෙයක් ගැන බියවී හෝ වෙනත් හැඟීමකින් සිටී.
ෆේස්බුක් වනාහී හුදෙක් සමාජ ජාල වෙබ් අඩවියකි. පවුලේ මිතුරන්ට, නෑදෑයින්ට ගෙදරට එක්ව සතුටු සාමිචියේ යෙදෙන්නට හැකිනම් ෆේස්බුක් හිද එයම කිරීමේ කිසිදු වරදක් නැත. තමාට නුවමනා අය ගෙදරට වද්දාගන්නේ නැතුවා වාගේම තම ෆේස්බුක් ගිණුම තුළට නොගැනීමට වගබලාගත යුතුය.

ගෙදර ඉන්දෙද්දී මොනා හෝ ක්‍රීඩාවක් කිරීමට හුරුවී සිටින ඔබ ෆේස්බුක් තුළද එයම කිරීමේ වරදක් නැත.
දිනෙන් දින කාර්යබහුල වන ජීවිතයේ සබඳකම් පවත්වාගැනීමට නොමිලේම මේ ලබාදෙන තාක්ෂණ අත්වැල පරිස්සමින් පාවිච්චියට අපි දැනගත යුතුය.

දුප්පත් පොහොසත් භේදයක් මෙහි නැත. ෆේස්බුක් පමණක් නොව තවත් මෙවැනි සමාජ ජාල වෙබ් අඩවි රාශියක් පවතී.

ජය වේවා !!!

Advertisements