ඊයේ මගේ හොඳම යාළුවෙක් එක්ක පැය 5ක් හෝ 6 ක් තිස්සෙ මූණු පොත හරහා චැට් කරා. එයා මාත් එක්ක මගේ පන්තියේ ඉගෙනගන්න ළමයෙක්.
සාමාන්‍යයෙන් මම පන්තියේ පාඩමට සක්‍රීයව දායක වෙනවා. ඉතින් මෙහෙම හැසිරෙන එක අධ්‍යාපන ක්ෂේත්‍රයේ සෑහෙන්න පළපුරුදු අය හඳුන්වන්නේ INTERACTIVE LEARNING කියලායි. එහෙම නැති අය ඒක හඳුන්වන්නේ හුදෙක් පන්තියට බාධාවක් කියා පමණයි.
ඉතින් ඔයාලගේ ලහියටත් ඔන්න ඔය දෙවනි අදහසින් සංග්‍රහයක් ලැබුණා. කොහොමටත් බැණුම් අහලා නම් ලහියා හොඳට තෙම්පරාදු වෙච්ච එකෙක්. මේ බැණුමින් මට මම උඩ සඳහන් කරපු කාරණය තේරුම් ගිහින් මම හිතින් හිනා උනා.
ඒ මිස වෛර කරන එක ලහියාගේ සිරිත නෙවේ.
ඔයාලට තව චුට්ටක් විනෝද වෙන්න මම ඒක ඒ විදිහටම දාන්නද ?
” ඔය කෙළවරේ ඉන්න එක්කෙනාට තියෙන අසනීපෙ මොකක්ද ?,මේක ක්ලාස් එකක් මේකෙ එන්ටර්ටයින් කරන්න

හදන්න එපා. මෙතන විහිලු සපයන්න උත්සාහ කරන්න එපා.මෙතන අනික් ලමයි සල්ලි ගෙවලා ඉගෙනගන්න එන්නේ.”
කොහොම නමුත් මම කල්පනා කලේ මගේ ඒ හැසිරීම නවත්තන්න.
ඉතින් මම ඒක මගෙත් එක්ක කතා කරමින් හිටිය මිතුරා(රිය ) ට කිව්වා. එයා ඇහුවා මෙහෙම. “ඇයි ඔයා කාටවත් ඕන
විදිහට වෙනස් වෙන්නේ. මම නම් එහෙම නෑ” කියලා.

මිනිහෙක්ට කිඹුහුමක් ගියත් බ්ලොග් එකට මොනා හරි දාන්න බලාගෙන ඉන්න මට මේක මදැයි.

ඉතින් මේක ගැන මගේ අදහස මම කියන්න කැමතියි.
මේකට මම මෙහෙම උදාහරණයක් ගන්නම්.
දැන් හිතන්න ගණකම යකඩ කම්බිදෙකක් ආවරණය කරලා තියෙනවා එකක් ප්ලාස්ටික් බටයකින්, අනික රබර් බටයකින්.
දැන් හිතන්න යකඩ කම්බි දෙකම එක සැරේ එකම ප්‍රමාණයකින් නවනවා. මොන ආවරණයද පවතින්නේ. රබර් එක නේද.
ඒ ඇයි. යකඩය හැරෙන හැරෙන අතට නැවෙන්නට සුවිශේෂී හැකියාවක් ඒ සතුව පවතින නිසා නේද ?. ප්ලාස්ටික් බටයට වුනේ මොකක්ද ?.

ඔබ කාටවත් උවමනා විදිහට වෙනස් නොවෙන කෙනෙක්නම්, ඔබට එසේ සිටින්නට පහසුවී තිබෙන්නේ තවත් අයෙක් ඔබට වුවමනා ලෙස වෙනස් වූ නිසා නේද ?

මුලු ලෝකයම මෙලෙස සිතුවානම් මේ ලොවෙහි කිසිවක් පවතීද ?.

ලෝකයේ ජීවත් වන විට අපිට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ ඒවැනි මුරණ්ඩු මිනිසුන් හා කටයුතු කරන්නට සිදුවේ. සැම විටම, මත ඝට්ඨනයක අවසන් ප්‍රතිපලය මහා දබරයක් නොවෙද ?

මෙහි අතුරු කථාවක් මතක් වේ.
එක්තරා කැලයක සිංහයෙක් සහ බූරුවෙක් සිටියේය. බූරුවාට දිනක් සිංහ හමක් ලැබුණු හෙයින් බූරුවා සිංහ වෙස්
ගත්තේයැ.දැන් මේ බූරුවාට කැලේ සතුන්ගෙන් ලැබෙන්නේ පෙර නොවූ විරූ ගරු සම්මානය. බූරුවා මෙසේ යද්දී සිංහයා මුණ ගැසේ. සිංහයාට කාරණය අවබෝධවී, බූරුවත් එක්ක මොන කතාද කියා හැරී ගමන් කලේය. බූරුවා සිතුවේ සිංහයාද තමාට බයේ පළායන බවයි.

මෙතැනින් මගේ කථාවට උවමනා කොටස අවසන් වුවත් ඉතිරිය මෙසේය. සිංහයාගේ පළායෑමෙන් උද්දාම වූ බූරුවා මහා හඬින් කෑගැසුවද ඒ සිංහ හඬින් නෙවේ. බූරුම බූරු හඬින්ය. අනික් සතුන් බූරුවාට කළයුතු දෑ කළෝය.

මා කියමින් සිටියේ “ලෝකයේ ජීවත් වන විට අපිට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ ඒවැනි මුරණ්ඩු මිනිසුන් හා කටයුතු කරන්නට සිදුවේ. සැම විටම, මත ඝට්ඨනයක අවසන් ප්‍රතිපලය මහා දබරයක් නොවෙද ? ” ආදී වශයෙනි මෙම දබරය කාට කාටත් කරදරයකට මුල බව අවබොධකරගත් කෙනෙක් අනිකාට පෑහෙන්නට උත්සාහ කරන විට, මා පෙර කී බූරුවන් බෙහෙවින් සිටින අප සමාජයේ සාමාජිකයින්, එය බියෙන් පළායාමක් ලෙස අර්ථ දක්වයි.

මෙයට තවත් අතුරු කතාවක් මතක් වේ.
එක්තරා කඩ මණ්ඩියකට පැමිණෙන වයසක උන්දෑ කෙනෙක් සිටියේය. පොඩි කොළුවෙක් නිතර මේ සීයාට ගල් ගැසීමට පුරුදුවීසිටි අතර සීයා කලේ ගලක් වදින සැම විටම පොඩි එකාට ටොපියක් අරන් දීමය. වැඩෙන් කොල්ලාද චූන් විය. මෙලෙස සාරෙට වැඩේ යන අතරේ සීයා මියගියේය. සීයා මියගියපසු ඒ නිවසට පදිංචියට පැමිණියේ හමුදා සෙබලෙකි. ඔහුද සීයා වාගේම කඩමණ්ඩියේ ගත කරන්නට විය. කොළුවාද තම සුපුරුදු වින්දනාත්මක ක්‍රීඩාව සොල්දාදුවා සමඟ ඇරඹුවේය. පළමු, දෙවනි. තෙවනි අවස්ථා ඉවසන්නට සොල්දාදුවාට හැකි විය. හැදිදැඩි සිරුරක් තියාගෙන සිව්වෙනි වරටද ඉවසන්න වුවමනාවක් ඔහුට නොවීය.
බොහෝ අසාධ්‍ය ලෙස රෝහලේ සිටි පොඩි එකා ( සැබැවින්ම ඔහු එවිට තරුණයෙක් ය ) අර සීයාට කළදේට වන්දි ගෙව්වේය.

Advertisements