ලහියා කල්පනා කර කර හිටියේ මෙන්න මේ වගේ දෙයක්…

මේක ඇත්තටම ආදරේ ගැනයි ලියන්නේ. දැන් ලහියට කල වයසත් හරි වෙලා සෑහෙන කාලයක් වෙනවා. ඇත්තටම කියනවානම් පට්ට වයසයි නේ..
මේක ටිකක් සීරියස් කතාවක් නිසාත් කෙනෙක් මේක විහිලුවකට ගත යුතු නොවෙන නිසාත් මගේ සුපුරුදු රචනා විලාශය වෙනස් කරලා ලියන්න මට සිද්ධ වෙනවා.
ආදරය කියන්නේ කුමක්දැයි මා නොදන්නෙමි. නමුත් ආදරය ලෙස හඳුනාගත් යමක් මා අත් විඳින්නෙමි. ඇත්තෙන්ම එය ඒකපාර්ශවික එකක් වී දැන් පැය 30ක් වත් නැත.
මේ පුවත මම මෙහිලා සඳහන් කරන්නේ මට දැන් තිබෙන ශෝක රසය මා හා විඳීමට මා සතු මිතුරා මෙය වන බැවිනි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මා හට එම ශෝකය මිහිරියාවකි… පිස්සෙකු යැයි කෙනෙක්ට හිතෙන්නට අවසරයක් නොමැත්තේම නැත. ඒත් තමාටද මෙවැනිම දෙයක් වූ කල මා ගැන වූ වැරදි වැටහීම ඉවත්ව යනු ඇත.
මා අසා ඇති බොහෝ ආදර කථාවල හා ගීතවල හිමි වීම , හිමිකරගැනීම, අහිමිවීම ගැන කථාවේ. මට නොතේරෙන්නේ මා හට එලෙස හිමි කරගැනීමේ ආසාවක් නොමැත්තේ ඇයි දැයි කියාය.
සමහර විට මට දැනෙනේ ආදරය නොව වෙනයම් දෙයක් විය හැකිය. මාගේ මිතුරෙක් අර්ථදැක්වූයේ එය ආකර්ශණය (ATTRACTION) ලෙසය.
එලෙස එයට වෙනත් අර්ථකතනයක් දීමට මා සතු අත්දැකීම් ඉතා අල්පය.
කවර දෙයක් වේවා එය රසයකි. හිමි නොවනා බව දැන දැනම වුවද ඒ දුක රසවිඳිය හැකිය.
දැන් මාගේ පෙම්වතිය ඉන්නේ මා මනස තුළය.කිසිවෙකුට ඈ නොපෙනේ. කිසිවෙක් ඈ දෙස අසීලාචාර ඇසකින් නොබලයි. එබැවින් ඒගැන තැවීමට උවමනා නැත. මට උවමනා හැම විටකම ඈ මා ලඟය. උවමනා නැති විටදීත්……..

Advertisements