දවසක් ලහියට මාර දෙයක් උනා..
මේකේ නිධාන කථාව මෙන්න මේකයි. ලහියා ඉස්සර හැමදාම උ.පෙ පන්ති ගියා.(ඇත්තටම දෙවනිපාර ) මේ කාලේ තමයි අපේ රටේ මෑත කාලයේ භයානකම කාලය. ඉතින් බස් එකට නැගලා ලැබිල තිබ්බ ආරක්ෂක උපදේශ පිලිපැද්ද ලහියා නුගේගොඩ බලා පිටත් උනා. ලහියා ගිය බස් එකේ හිටියා වැඩිය සිංහල කතාකරන්න අකමැති වගේ පෙන්නන සිංග්ලිෂ් ඇන්ටි කෙනෙක්. මගදි බසේ හිටෙව්වෙ මාර්ග බාධකයකදි පරික්ෂාකරන්න.
ඒ දවස් ටිකේම මම ගිය බස් එක නැවැත්තුවා. මට ඒ කට්ටියව හොඳට දැකලා පුරුදුයි. මොකද ඒ දවස් කීපයේම වගේ DUTY හිටියේ එකම කට්ටියක්. පොඩ්ඩක් හෙමින් තමා බස් එක පරික්ෂාකළේ. බස් එකේ සෑහෙන්ට සෙනඟත් හිටියා. විනාඩි පහක් යන්න ඇති, මම ඉස්සල්ල කිව්ව ඇන්ටිට යකා වැහුනා. අපේ හැඳුනුම්පත් බල බල හිට්ය සහෝදරයට බැන්න මෙන්න මෙහෙම. ” මොනාද ඕයි තමුසෙලා කරන්නේ මිනිස්සුන්ව රස්තියාදු කර කර. අපි දැන් කොයි වෙලාවෙ ඉඳන්ද බලාගෙන ඉන්නෙ මෙතන…… @^%&^@%#%*%#^*% “. මුළු රටක් බය කරගෙන හිටපු එකාට දුවන්න ගහන්න හයිය තිබ්බ උනාට ඒ හමුදා සෙබලා නෙවේ අර ගෑණිට වචනයක් වත් කිව්වේ. වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවිදේවතාවුන් වැනි මිනිසුන් ඇත…….
අච්චර දවස් ගාණක් හිටගෙන හිටපු කොල්ලටනේ මේ විනාඩි පහක් හිටන් ඉන්න බැරි ගෑණි කෑගැහුවේ…
පව් වැස්සට තෙමිතෙමී අව්වට වේලි වේලි එයාලා කලේ සල්ලි හම්බකරපු එක නෙවේ කියල අපි කවුරුත් මතක තියාගන්න ඕනි. අපේ ජීවිත රැකගන්න දහදුක් වින්ද එයාලට මෙහෙම කතාකරපු එකට ලහියා හිතින් කැමති නෑ. එදා ඒ ගෑණිගේ කණ පලන්න හිතේ හයියක් නොතිබ්බ එක ගැන ලහියාගේ හිත නිතර වදදෙන නිසා තමයි මේකේ ලිව්වේ.

මේ රටේ දමිළ සිංහල ආදී සියලු ශ්‍රී ලාංකිකයින් රැකදුන් මුරදේවතාවෙනි…..ඔබට දිවි ඇති තෙක් අපි ණයගැතිවෙමු.

Advertisements