ජීවිතයේ අපිට සමහර තීරණ ගන්න වෙන්නෙ නොහිතන වෙලාවල් වලදි. එහෙමයි කියල එවායෙදී වැඩිය හිතන්නෙ නැතුව ඉන්න අපිට අවස්ථාවක් ලබෙන්නේ නැ.සරලවම කිව්වොත් අපි වාහනයක් පදවගෙන යන වෙලාවක ඉස්සරහට බස් එකක් එනවා.. අපි වාහනේ කොහෙටද ගන්නේ කියල තීරනයක් ගන්න අපිට ලැබෙන්නේ තත්පර කිහිපයක් උනාට ඒ කාලය තුල කොයි තරම් දේවල් අපි හිතන්න ඕනිද ?. කොයි තරම් ගණනය කිරිම් ගණනක් කරන්න වෙනවද… කී දෙනෙක් ගැන හිතන්න වෙනවද. හැබයි වටිනාම දේ, අපි ඒක බොහොම පහසුවෙන් කරනවා. මිනිස් මොලයට කොයි තරම් හැකියාවක් ඇත්ද ??.

හැබැයි මේ තරම් හැකියාවක් තියෙන මිනිස්සුම ජීවිතේ වදගත්ම තීරණ වරද්දාගන්නේ ඇයි ද කියලා මට තවම වටහාගන්න බෑ. සමහර විට සමහර දේවල් ගැන තියෙන දැඩි ආසාවට වෙන්න පුලුවන්.

කොහොමටත් අපි ඉන්නේම ආසාවෙන්… ඕනම දේකට ඕනවට වඩා ආස වෙන්න එපා කියලා බුදුදහමෙ කියල තියෙනව කියල කිහිප දෙනෙක්ම කිව්වත්, මෙතෙක් මම කියවපු බුදුදහමෙ මට එහෙම දෙයක් හම්බවෙලා නෑ. ඔව් ලෝබ කරන්නනම් එපා කියල තියෙනවා.

කොහොම උනත් මෙහෙම කියන අය ආගම දහම ගැන ඕනවට වඩා ආසා කරන්නේ ඇයි කියලා මට තේරුම් ගන්න අමාරුයි.

කොහොම නමුත් අපෙ මාතෘකාව ගැන කතාකලොත්,

මට හිතෙන තව දෙයක් තමා මිනිස්සුන්ට සමහර බයි ඩිෆෝල්ට් (සහජයෙන්) එන ලක්ෂණ තියෙනවා.. එවා සාමාන්‍ය හැකියාවක් තියෙන අයට ලෙසියෙන් වෙනස්කරගන්න බැරි දේවල්… ඒකටත් උදාහරණයක් කියනවනම් අපිට බෑ කවදාවත් අපෙ දකුණු කකුල දක්ෂිනාවර්තව කරකවන අතරෙ දකුණු අත වාමාවර්තව කරකවන්න..

ඉබේම කකුලෙ දිශාව මාරු වෙනවා හෝ අක්‍රමික වෙනවා.

ඒ වගේ, හැම කෙනෙක්ටම බෑ 100% ක් සාර්ථකව තමාගෙ ජීවිතේ තමාට මුණගැහෙන ප්‍රශ්ණ සියල්ලටම පලවෙනි වතාවෙදිම මුහුන දෙන්න. හැබැයි ඒ වගේම තමා ජීවිතේ වැදගත්ම අවස්ථාත් එන්නේ බොහෝවිට එක පාරයි.

මගේ මේ කොට ජීවිතේ තුලදී මම එකට ක්‍රමයක් පුරුදු උනා. ඒක තමා modeling. දැන් මම දන්නවා මේක කියවන සමහරුන්ට මොඩ්ලින් කියල කිව්වම මතක් වෙන්නෙ ලලනාවන් කියලා… ඒකත් එක අතකට හරි තමා… ඒත් මම කියන්නෙ ඊට චුට්ටක් එහාට ගිය දෙයක් වෙච්ච ඔය ඉන්ජිනීයරින් මොඩ්ලින් ගැන. ගෙවල් හදද්දී එහෙම පොඩියට සාම්පල් හදන්නේ. IT ෆීල්ඩ් එකේ නම් මොඩ්ලින් හරි ජනප්‍රියයි.

කොහොම උනත් අපි කිය කිය උන්නෙ ඔන්න ඔය මොඩ්ලින් අපේ ජීවිතේට ඈඳ ගන්නෙ කොහොමද කියලයි.

ජීවිතේ වැදගත්ම තීරණ ගන්න සිද්ද වෙන අවස්ථාවන් කීපයක්ම හිතෙන් මවාගෙන එවට විසඳුම් හොයන්න මම පුරුදු උනා. ඒකටම කියලා ඒ හැටි කාලයක් ගියේ නෑ. අනික් වැඩ කරන අතරෙම ඒ ගැනත් හිතන එක එච්චර බධාවක් වෙන්නේ නැ මම හිතන්නෙ.. ප්‍රශ්ණය එනකොටම එකට හොඳම උත්තරේ හොයාගන්න මේක පහසුවක් උනා මටනම්. ඒත් හිතපු හැම අවස්ථාවක්ම නම් ආවේ නෑ තමා. හැබැයි සෑහෙනදුරට ජීවිතේ වෙනස් කරන තීරන ගන්න නම් උදව් උනා. පොඩ්ඩක් memory waste උනාට මොකෝ ඉතින්.

මේකම තව විදිහකින් කියනවනම් සිම්යුලේටින්( simulating ) ,Virtual Reality ඒ කියන්නෙ ඔය සමහර play stations වල තියෙන්නේ, ඔන්න ඕක තමා. නැති දේ ඇතැයි දැනවීමනේ වෙන්නේ.Try කරලා බලන්න.

දන්න දේ කිව්වා නේ…

ඔයාලාත් කියවලා බලලා මම නොකියපු රහසක් එහෙම තියෙනවනම් මටත් අනෙක් හැමෝටමත් කියනවා හොඳයි..

Feedbacks: Lahirucc@ymail.com

Advertisements