මීට මාස කීපයකට කලින් ස්වාධීන රූපවාහිනියේ ජනප්‍රියම සාකච්ඡාවකට සහභාගී වුනේ සුප්‍රසිද්ධ කථිකයෙකු වූ J.R.P සූරියප්පෙරුම මහතාය.එතුමාගේ මතයන් පිලිබඳ මගේ එතරම් පැහැදීමක් නොවෙතත් මා දුටු දක්ශතම කථිකයා ඔහුය. කථිකත්වයෙන් ඔහුට දෙවනි නොවන ගිහියෙක් සිටියි නම් වහාම අටපට්ටමට දැනුම් දීමට තරම් එය පුදුම කරුණකි.

එදින මාතෘකාව වුනේ නූතන තොරතුරු තාක්ෂණය සහ තව මොකක්දෝ එකකි. කෙසේ වෙතත් එහිදි අපේ සූරියප්පෙරුම මහතා අතින් කියවුනේ දැන් තරුණ පරම්පරාව තොරතුරු තාක්ෂණය අතින් වැඩිහිටියන් අභිබවා ඇති බවය.මෙය ඇසූ එක් හණමිටෙක් වහා තොරතුරු තාක්ෂණයේ ප්‍රධානම අංගයක් වන දුරකථනයෙන් කථාකර කිව්වේ තමන් වැනි වයසක මිනිසුන් Computer ගැන නොදන්නා බවත් එළෙස ගැරහීම වැරදි බවත්ය.

මට සිනහව වාවාගන්නට බැරිව හඬ නඟා සිනාසුනෙමි. මහ රෑ එලෙස සිනාසීම නිසා මාගේ නිවැසියන්ගේ උදහසටද ලක්වීමට මට සිදුවිය. එයට සූරියප්පෙරුම මහතා දුන් පිළිතුර මතකයේ නැතත් සිදුවීමනම් ගලේ කෙටුවා මෙනි. සිනාසීම අහවරය. දන් එහි කඳුලු කතාවයි. හණමිට්ටා පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරයෙකි.මට දුක හිතුනේ ආයුර්වේද වෛද්‍යක්‍රමය තවදුරටත් අතිවිශිෂ්ට එකක් බවට පත්කිරීමට නූතන තාක්ෂණය යොදාගන්නවා වෙනුවට එය බෑ කියා පැත්තකට කරන්නේ ඇයි කියාය.

ඇත්තය හණම්ට්ටා එක අතකට හරිය.

දැන් සිටිනා වැඩිහිටියන් බොහෝදෙනෙකුට පාහේ පරිගණකය යනු මහා කරුමක්කාර, මෙලෝ හසරක් නොතේරෙන බහුබූත උපකරණයකි.

මම ජීවිතේ පරිගණකයක් හරියට දැක්කේ 1999 වසරේදීය. එතකොට මම 6 වසරේය.

මම එය හඳුනා ගත්තේ තිරයක පෙන්නන switch ගොඩක් විදිහට. ඒ එක එකක් switch වල ඒවයෙන්  කෙරෙන කාර්යය සරල ඉංග්‍රීසියෙන් ලියල තියෙනව.සමහර ඒවයෙ නම් නෑ. ඒ වෙනුවට කෙරෙන වැඩේට අදාළ රූපයක් තියෙනවා. ඔබන්න ඇඟිල්ල වෙනුවට පොඩි ඊතල කෑල්ලක රූපයක් සහ ඒක හසුරවන්න මීයෙක් වගෙ උපකරණයක් තියෙනවා. අපිට උවමනා switch එක උඩට අර ඊතලය ගෙනියලා අර මීයා වගෙ උපකරණයෙ(Mouse) වම් පත්තෙ Button එක ඔබනව අන්න එතකොට අර switch එක ඔන් වෙනවා. තව අපිට කැමති අකුරු Enter කරන්න වෙනම ‍යතුරු පුවරුවක් තියෙනවා.

මේක ගබඩාවක්. සම්පූර්ණ ගබඩාවට කියන්නේ Hard Disk කියලා. මේකෙ එක එක ලියකියවිලි වගේම සින්දු(Audio), Video, වගෙ එක එක විදිහෙ තොරතුරු කෑලි ගබඩා කරන්න පුලුවන්. මෙවා හොයාගෙන යනකොට කාමර (partition), කබඩ්(Folder), එක අතුලෙ තට්ටුව(folder), එකෙ මොන ගොඩේද (folder)  එකෙ කොයි කොලේද කියල හොයාගෙන හොයාගෙන යනවා. මේ එක එකකට ඇතුල් වෙන්න අර මීයෙක් වගේ උපකරණයෙ Button එක, ලඟ ලඟ දෙපාරක් ඔබන්න ඕනි.

අපේ ගෙදර එක එක වැඩේට එක එක උපකරණ තියෙනවා වගේ මේක ඇතුලෙත් උපකරණ තියෙනව… චිත්‍ර අඳින්න, පින්තූර, වීඩියෝ බලන්න සින්දු අහන්න. වගේ දේවල්. තව අලුතෙන් අලුතෙන් දේවල් එකතු වෙනවා දවසින් දවස.. හැබැයි හැම එකකම තියෙන්නේ ගොඩාක් සරල ඉංග්‍රීසි වචන. බලන්න කොච්චර ලේසිද කියලා. මෙතන Click කරන්නකෝ

කාර්යාල වලටම කියලා හදපු උපකරණ ටිකකුත් තියෙනවා. ඔය office package කියන්නේ ඕවාට තමයි පරණTypewriter එකෙන් වෙච්ච වැඩේ තමයි Word Processing Software වලින් කෙරෙන්නේ. ඊට වඩා ගොඩාක් පහසුයි.

මම මේ කිව්ව දේවල් Computer එකක් ON කරගෙන Internet Access කරලා,  ලේසියෙන් හොයාගන්න බැරි මගේ Site එකට එන ඔයාට වැඩක් නෑ. ඒත් මේ කිව්ව දේ උවමනා කරන අය ඔයාල දන්නවනම් එයාලට කියන්න. මෙන්න මේ PDF එක Print කරලා එයාලට කියවන්න දුන්නත් කමක් නෑ

Advertisements