මගේ කොට ජීවිතේ මම ඉගෙනගත්ත තව දේවල් තිබිච්ච එක ලොකු හයියකට හිටියා… නැත්නම් බ්ලොග් එක දිහා බලාගෙන හූල්ලනවා ඇරෙන්න කොරන්නම දෙයක් නැතිවෙනවා.

කොහොම උනත් මම හිතලා හිතලා බලුවා ලොකෙ අනික් පැත්ත හරවපු අයගෙන් ගොඩ දෙනෙක් පිස්සෝ කියලා හන්වඩු ගැහිච්ච අයනේ බොලේ.

බලන්න, කෙනෙක් කිව්වා කවදා හරි මිනිස්සු අහසේ ගමන් යයි කියලා. පොඩි පහේ හැදිච්චකමක් තිබ්බ මම වගෙ එකෙක් එතනින් හිමීට මාරු උනාට එහේ මෙහේ කසන අය ඒකාට පලු දෙපලු වෙන්න බැන්නා. හැබැයි අද දවසකට ගුවන් ගමන් නවත්තලා රටවල් වල ආර්ථිකයට පුදුමාකාර පහරක් වැදිලා.

මේ වගේ උදාහරණ ඔයාලත් දන්නවා ඇති. මගෙත් එක්ක බෙදාගන්න.

මම කිය කියා හිටියේ අදටත් අපෙ සම හරක්ට කෙනෙක් සම්ප්‍රදායෙන් දශමයක් හරි පිටට ගිය ගමන් එකව පිස්සෙක් කියල හන්වඩු ගහන්න පුදුම අමාරුවක් තියෙන්නේ

උදාහරණයක් හැටියට මම දැක්කෙ අංක ගණිතයේ ඇරෙන්න ගොඩක් තැන් වලදි 1 + 1 = 3 හෝ ඊට වඩා වෙනවා. ඕක ඉස්සරම ගියේ පුද්ගලික රූපවාහිනී නාලිකාවක් හඳුන්වාදීපු වෙලාවෙ. ඒ වෙලාවෙ ඒකට රූප රචනයෙන් දීලා තිබ්බෙ වෙන අර්තයක්.. එකත් හරි. හැබැයි මෙන්න මේ වැඩේ සමහර ඉරිදා පත්තර වලට මොනා හරි ලියල දාන හනමිට්ටොන්ට දිරෝගන්න බැරි උනා. පාඨක අදහස් තීරයම වගේ බදු අරන් කැට කඩා කිව්වෙ මේක මේ රටේ සංස්කෘතිය බලු කරන වැඩක් කියලායි.. හැබැයි එහෙම උනේ නෑ. හොඳ වෙලාවට එම නාලිකාව සම්ප්‍රදායෙන් පිටම හිටියා. ඒක නිසාම රටේ TV Trends හඳුන්වාදෙන්න පෙරමුණ ගන්නෙත් එයාලා. ඒක නිසාම නිතර ගැටළු වලට නිරාවරනය වෙනවා but සැලෙන්නෙ නෑ.

මෙන්න මේ සම්ප්‍රදාය වෙනස් කරගන්න තැන ලංකාව තවදුරටත් දුප්පත් වෙන එකක් නෑ කියලා මට හිතෙනවා. අපි try කරමු. රටම බැරි උනත් අඩුම ගානෙ සිය දෙනෙක්. අඩුම ගානෙ වෙනසක් හිතන අය 10 ක් බිහිවෙයි. ඒක ඕනවාටත් වඩා ඇති

Advertisements