Posts from the ‘ඇහින්දාස්’ Category

නැවතත් කලකට පස්සේ ….

හරි ශෝක්…. මාව සිංඩිකේටර් වලින් අහක් කොරලදත් මන්දා… විවිධ වැඩ මැද්දේ ලැබෙන පුංචි ඉඩේත් නිදාගන්නවා වගේ සිම්පල් ප්ලෑන් එකකට යනවා හැර වෙන විසඳුමක් නොතිබුණ හන්දා මාස 4ක්ම බ්ලොග් එකෙන් අහක වෙලා තමා හිටියේ…
ඉතින් ඔහොම ඔහොම ජීවිතේ ගෙවීගෙන ගෙවීගෙන යද්දී ආයෙත් බ්ලොග් කළාවට සක්‍රීයව දායක වෙන්න හිතුණා.. තව සති දෙකකින් උපාධියේ වැඩ ඉවරෙටම ඉවරවෙන හන්දා කිසි කිසි ගාලා වෙලාව තියේවි මේකටත්..

දැහැමින් සෙමින් ගලාගෙන යන ජීවිතයක් එක්ක උනත් අළුත් දෙයක් කරන්න..අළුතින් හිතන්න හරිම අමාරුයි මේ කාලේ.. මිනිස්සුන්ට ප්‍රශ්ණ.. දැන් හැමදේම අභියෝගයක්.. කන බොන එක පවා… ඉතින් කොහෙන්ද අපට සතුටක්… වෙනසක් කරලා බලන්නත් පුළුවන්.. ඒත් මහලොකු වෙනසක් වෙන්නේ නැතිබව අපි දන්නවනේ…. කවුරු ආවත් එකම සෙතේ තමා අපට.

ඇත්තටම බැරිද ?

මගේ මේ කෙටි ලිපියට පාදක වන්නේ මේ ලිපියයි....

“මේ සම්බන්ධව අදහස් ප්‍රකාශකළ විභාග කොමසාරිස් වරයා ප්‍රකාශකලේ “අසමසම විභාග අංකයක්” නිර්මාණය කිරීම අපහසු බවත් වෙනත් විභාග වල අංක එක සමාන වන අවස්ථා ඇති බවත් තමාගේ විභාග අංකය නිසි පරිදි ඇතුලත්කර ප්‍රතිඵල බැලීම සිසුන්ගේ වගකීමක් බවය.” උපුටාගැනීම ඉහත සබැඳියේ ලිපියෙනි…

සැබැවින්ම එසේද.. එදා සිට මෙදා දක්වා උපන් හැම දෙනාම අංක 9කින් නිරූපණය කළානම් විභාග අංකයට මෙවැන්නක් කළ නොහැකිද ?

මොකෙක්වත්ම නොවෙන මම කරන පුංචිම පුංචි යෝජනාව බලන්න…
මම මේ යෝජනා කරන ආකාරය 2999 දක්වාම… කැමතිනම් ඊටත් කල් භාවිතා කළහැකිය.

විභාග අංකය කොටස් හතරකි, අවුරුද්ද|විශය ධාරාව|පළාත|අංකය

අවුරුද්දේ මුල අගය වෙනස් වෙන්නේ තව අවුරුදු 988කට පසු නිසා ඒගැන සිතීම උවමනා නැතය යන්න මම සිතමි..

එසේනම් ඉලක්කම් තුනකින් අවුරුද්ද නිරූපණය කළ හැකිය.
දැනට පවතින විශය ධාරා 4 නිරූපණය කරන්නේ
කළා : A
වාණිජ : C
ගණිත : M
ජීවවිද්‍යා : B

පළාත් 9 ට වෙන වෙනම දක්වනවානම් වාහන වල නව අංක ක්‍රමය ආදේශකරගන්න හැකිය.. එනම්

WP, CP, EP, SP, NP, UP, NC, NW, SG. ලෙසය

අවසානයට සරල හැඳුනුම් අංකයක් ඉලක්කම් 5ක පමණ…

උදා: බස්නාහිර පළාතෙන් ගණිතයට ඉදිරිපත් වෙන සිසුවෙක්ට ඉදිරි වසරේ ලැබෙන අංකය සලකමු…

012MWP12569

අංකයේ මුළුදිග ඉලක්කම් 11ක් වුවත් විශේෂයෙන් මතක තබාගත යුතුවන්නේ අංක 5ක් පමණි.. ඉතිරි අංක එම සිසුවාගේ මිතුරන් සැමටම පාහේ පොදු වූවකි.. මෙම අංක ක්‍රමයෙන් එක පළාතක සිසුන් 99999ක් එක් විශයකින් විභාගයට ඉදිරිපත් වුවත් කිසිඳු ගැටළුවක් ඇතිනොවේ .. එම සීමාව ඉක්මවන කල්හී කළයුත්තේ අවසාන අංකය අංක 6ක් කිරීමය එවිට 999999ක් දෙනා පහසුවෙන් හැසිරවිය හැකිවන අතර පරිගණකගත කිරීමේදීද වඩා පහසුකම් සැලසෙනු ඇත.

එක පලාතක 999999 දෙනෙක් උසස්පෙළ එක් විශයකින් පමණක් ඉදිරිපත් වේනම් සාමාන්‍ය තත්ව යටතේ විභාග පැවැත්වීමට වඩා එම පළාතේ විසඳීමට දැඩි අර්බුදයක් තිබෙනු නොඅනුමානය.. 😛 .

Read more: http://www.gossip9.com/2011/12/blog-post_28.html#ixzz1hoKEP3aJ

ගණන්කාරයොන්ට පමණයි

මේ කතාවනම් තේරෙන්නේ අනුකලනය හරියට කොරපු එකෙක්ට විතරයි ඕං නොකීවා කියන්ට එපා..
ඔන්න මහා සමාජ විද්‍යාඥයො දෙන්නෙක් මහා සංවාදයක පැටලිලා… එක්කෙනෙක් කියනවා සාමාන්‍ය මිනිස්සුන්ගේ ගණිත දැනුම අන්තිමයි.. මූලික දැනුමවත් නෑ කියලා.. අනික් කෙනා කියනවා ඒක එහෙම නෑ.. මිනිස්සුන්ව ඔහොම මනින්න එපා කියලා.. දෙන්න දැන් ඇවිලෙනවා.. මෙහෙම ඉද්දී දෙවැනි එක්කෙනා කියනවා මෙන්න මෙහෙම..

අපි සමාජයෙන් සාම්පල් එකක් අරන් බලමු.. ඊට පස්සෙ තේරෙයි කියලා.. ඔන්න දෙන්නම මේකට එකඟවෙලා දෙන්නම යනවා හෝටලයකට.. ඔය දෙවැනි මනුස්පයා ටිකක් කට්ටයා.. මෑන්ස් කලින්ම ගිහින් වේටර් කෙනෙක්ට රුපියල් දාහක් දීලා කියනවා … “මල්ලී තව ටිකකින් මම අරයා ඉස්සරහා ඔයාගෙන් ප්‍රශ්ණයක් අහනවා. ඔයා ඒකට උත්තරේ දෙන්න එක්ස් ගණය(X3 )බෙදීම තුන කියලා හරිද?” ඉතින් කොල්ලත් ඔළුව වනලා හා කීවා.. ඔන්න දැන් අර අනික් එක්කෙනා ඉස්සරහා “ඉන්න අපි බලමු” කියලා නිකන් අහම්බෙන් කතාකරනව වගේ අර වේටර් කොළුවට කතා කළා…

ඔන්න අහනව ප්‍රශ්ණය.. “මල්ලි කියන්න බලන්න එක්ස් වර්ගයේ එක්ස් විශයේ අනුකලනය ∫X2 dx “… ඔන්න ඉතින් කොළුවත් කියපු උත්තරේ දුන්නා.. අර පලවෙනි මහාචාර්යතුමා නිකන් පොලේ ගැහුවා වගේ… මිනිහා හරි සංතෝස උනා කොල්ලගේ දැනුම ගැන.. මිනිහත් දුන්නා දාහක්ම ලෝබ නැතුව.. අර කොල්ලා ඒකත් අරන් යන ගමන් හැරිලා මෙන්න මේකත් කීවා..
“ධන C.. C යනු තාත්වික නියතයකි..”


∫X2 dx = X3/3 + C
C is a Constant

ජගිරිගේ කතා

කාලෙකට උඩදි රත්නපුර පැත්තේ ජීවත් උනා ජගිරි කියලා අහිංසක මනුස්සයෙක්… මේ මනුස්සයට තුන්සක රියක් තිබ්බත් මෙයා පුරසිද්ද හයර් යන්න නෙවේ ළඟපාත ප්‍රදේසයේ ජනප්‍රිය අවුසදේ ගෙන්වා බෙදා හරින්න..
ඔන්න උක්කුං බබාලාට කියන්නේ .. තණමල්විල පැත්තේ ඔය ගංජා සාරෙට වැවෙනවා කියන්නේ… මෙ අහිංසක මනුස්පයා කළේ මෙව්වා ගෙනල්ලා විකුණන එක..

ඉතින් කොයි කවුරුත් දන්නවා මේ මනුස්පයාගේ විස්තරේ… වෙන මොකෝ පොලෝසියේ මාමලා පවා…

ඉතින් දවසක් ඇඹිලිපිටිය පාරේ ගංජා ගොඩකුත් ගෝණිවල දාගෙන තුන්සක රියේ ජගිරියා එනවා සිංදුවකුත් දාගෙන.. ඔන්න නැවැත්තුවා පොලෝසියෙන්…
“ආ ජගිරි… කොහෙද ගියේ… ගන්නවා ලැයිසොං… මොනවද මේ ගෝණිවල”
“ගංජා සෑර‍්රර‍්රර‍්රර‍්රර‍්ර…”
“අනේ යකෝ… ගංජනම් තෝම කියයි… පල යන්ඩ අපට පවු නොදී”…

මේ ජගිරිගේ ඇත්ත නම වෙන මොකක්දෝ එකක්.. ඒත් මේ නම හැදුනේ පොර පස්සෙ කාලෙක ඔය මල් රස්සාව නවත්තලා කිරිටොපි හදලා වික්කා.. ඔය කිරිටොපි වල නම තමා “ජගිරි කිරිටොපි” ඔන්න ඔහොමයි පොර ජගිරි උනේ..

දවසක් මේ පොරගේ කිරිටොපියක් අස්සේ බොත්තමක් තිබිලා… කස්ටමර් ලේසියෙන් අත අරින බුවෙක් නෙවේ.. පැමිණිල්ලක් P.H.I මහත්තැන් ගාව..
එතුමත් ගියා බොත්තම තියෙන ටොපි බාගෙත් අරන් ජගිරියා නිස්පාදනය කරන තැනට..
ගොහින් පෙන්නුවා බාගෙට ටොපිය ඇතුළේ තියෙන බොත්තම..

“මේ මොකක්ද කියනවා”
“අයියෝ සෑර් නිල් බොත්තමක්නේ තියෙන්නේ..”
“ඉතින් ..”
“ඉතින් කියන්නේ සෑර්…. නිල් බොත්තමට ප්ලාස්ටික් පිඟානක් විතරයි.. ඔන්න රිදී බොත්තම හොයාගත්තානම් දහදාහක් දිනාගන්න තිබ්බා..”

නඩුව අහවරයි…
කොහොමද ජගිරි මොළේ..

අමුවෙන් කොපි නොකර සංකල්පයක් කොපි කිරීම කොතරම් සුන්දරද..

අද කාලේ හැමදේම කොපි කරනවනේ.. සමහරු හිතනවා ඇති කොපි කලාම අපි දන්නේ නෑ කියලා. මේ 2011 කියල එයාලට අමතක වෙලා ඇති. ඉන්දියාවේ චිත්‍රපට නිකුත් වෙන්නත් කලින්ම ටොරන්ට් තියෙන අදකාලේ ගෝල්මාල් රිටර්න්ස් අමු අමුවේ කොපි කරලා නහින්න හදන චිත්‍රපටියකුත් මේදවස්වල තිරගත වනවා නෙව.
අදකාලේ ලංකාවේ චිත්‍රපට කලාව ආදායම් ලබන්නේ පෙම්වතුන් නිසාමයි. බොක්ස් නොතිබෙන්න සමහර චිත්‍රපට වලට ගිය තේ වියදමවත් හොයාගන්න පුළුවන් වේවි කියලා හිතන්න අමාරුයි. ඒත් ඉඳලා හිටලා එහෙමත් වෙලාවක තරමක් හොඳ චිත්‍රපටියක් හොයාගන්නත් ලැබෙනවා.. ගාමිණී ෆොන්සේකා වැනි මහා චරිත, ජෝති වගේ හඬවල් නොමැතිකම අපේ චිත්‍රපට කලාව කුමන තැනකට ගෙනයා තිබේදැයි හිතාගත නොහැක.

කොහොම උනත් මට ජීවිතේ මල් සහෝදරීගේ මේ පෝස්ට් එක කියවද්දී මෙන්න මේ ටික හිතට ආවා.

ඉස්සෙල්ලා අහන්න මේ ගීතය

සඳට අහස ආදරේදෝ ? (හ්ම්..හ්ම්ම්)
මලට බමරු ආදරේදෝ ? (හ්ම්..හ්ම්ම්)
දෙනෙතට වත ආදරේදෝ ? (හ්ම්..හ්ම්ම්)
සොඳුරියෙ මට ආදරේදෝ.. ? (නෑ නෑ නෑ....)

සිය හිස මල් තුරුලිය සුරකින්නේ ආදරෙන් නේදෝ? (හ්ම්..හ්ම්ම්)
දුහුවිලි පිස මැණිකක් අහුලන්නේ ආදරෙන් නේදෝ? (හ්ම්..හ්ම්ම්)
ඔබ මගෙ හදවත් කුටියට එන්නේ ආදරෙන් නේදෝ ? (නෑ නෑ නෑ.....)

සයුරෙහි දිය කඳුලක් තරමින්වත් ආදරෙයි නේදෝ? ( නෑ නෑ නෑ...)
එහෙනම් මා මුමුණන ගී පද පෙරලා යලි කියනවදෝ ? (ම්ම්....)

පඳ සහනයි.... සඳ පහනයි
පද මවනයි.... මඳ පවනයි..
වසර සසන තුරු... සසර වසන තුරු
අම මාදරෙයි.. මම ආදරෙයි...

මම ආදරෙයි (ම්ම්ම්...ම්ම්...ම්ම්)
උපුටාගැනීම : සංසාරේ අපි

ඔය ගීතය වගේම ගීතයක් තියෙනවා ඉතා ජනප්‍රිය හින්දි චිත්‍රපටයක් වන ආරාධනා චිත්‍රපටයේ. මේ තියෙන්නේ ඒකේ පද මාලාව එක්ක මම දන්න විදිහට දාපු තේරුම. පහල තියෙන ගීතයේ සංකල්පයම අපේ භාෂාවට ගැලපෙන විදිහට අපේ සාහිත්‍ය වචන දාලා ලස්සනට ගයලා එක්කරපු අලංකාරයට වික්ටර් රත්නායකයන්ට ස්තූති කරන්න ඕන. බලන්නකෝ මේක

achha toh yeh bat hai, tum bhi sun lo
jo jo sawal mai puchhu unaka sach sach jawab dena, hah, hah
achha, toh bago me bahar hai, kya
mai ne pocha bago me bahar hai, ha hai
kaliyo pe nikhar hai, ha hai
toh, toh tumko mujhse pyar hai
naa naa naa naa naa naa………

(දෙබසක් : ඇත්තද ඒකයි මේ කාරණාව. එහෙනම් මේ අහන්න
මේ මම අහන ප්‍රශ්ණවලට ඔයා ඇත්තම උත්තර දෙන්න හරිද. හරි.
කැලේට වසන්තය උදාවෙනවද. මොකක්
මම ඇහුවේ කැලේට වසන්තය උදාවෙනවද කියලා.. ඔව්.?
මල් පිපෙනවාද . ආ..ඔව්
එහෙනම් ඔයා මට ආදරෙයිද .. හීතය :නෑ නෑ නෑ නෑ)

o.. bago me bahar hai. hai
(කැලේට වසන්තය උදාවෙනවද .. ඔව්.)
kaliyo pe nikhar hai. hai
(මල් පිපෙනවාද . ..ඔව්)
o.. tumko mujhse pyar. hai
(එහෙනම් ඔයා මට ආදරෙයිද )
naa naa naa naa naa naa………
(නෑ නෑ නෑ නෑ)
o.. bago me bahar hai
(කැලේට වසන්තය උදාවෙනවද.)

chhodo hato, jao pakdo naa bainya
aau naa mai tere bato me sainya.
(මේ ටිකනම් මට මීටර් නෑ. කෙල්ල කියනවාද කොහේද යන්න යන්න මාව අල්ලන්න ලේසි නෑ. ඔයාගේ ඔය මායම් වලට මම අහුවෙන්නේ නෑ පෙම්වත කියලා. )
tumne kaha hai dekho, dekho mujhe sainya.
(ඔන්න කොල්ලගේ ** මලක් පිපෙනවා.. සික් වනචරයො.. ** කිවේ ඉහේ කියන එක. කොල්ලා කියනවා “ඔන්න කෙල්ලේ බලන්න ඔයා මට පෙම්වත කිව්වා“)
bolo tumko ikrar hai,ha hai
(කියන්න ඔයා එකඟයි නේද. ආ ඔව්)
phir bhi inkar hai, ha hai.
(ඒත් එකඟ නෑ නේද..ආ ඔව් )
o.. tumko mujhse pyar hai.
(ඔයා මට ආදරෙයි නේද..)
naa naa naa naa naa naa nahee nahee nahee.
(නේ නේ නේ අප්පා නේ.. ඉල්ලේ.. (මූට එකපාරක් කීවම ශිංගල තෙරි ඉල්ලා) නෑ නෑ නෑ)
o.. bago me bahar hai
(කැලේට වසන්තය උදාවෙනවද.)

tumne kaha tha mai sau duhkh sahungi.
(ඔයා කිව්ව නේද ඔයා මම වෙනුවෙන් දුක් විඳින්න ලෑස්තියි)
chupke piya tere mann me rahungi.
(නිහඬවම මගේ හිතේ රැඳෙන්නම් කියලා)
mai sab kahungi lekin woh naa kahungi.
(“මම ඔක්කොම කියනවා. ඒත් අරක විතරක් කියන්නේ නෑ නෑමයි හා.)

tumko jiska intzar hai, hai.
(ඕන් මේපාර කෙල්ල ගේමට බැහැලා.. අහනවා ඔයාට කාගැන හරි බලාපොරොත්තුවක් තියෙනව නේද අයියා කියලා. කොල්ලත් පැනලා ඔව් කියනවා)
phir bhi takrar hai, hai.
(මේකනම් මතක නෑ. )
o.. tumko mujhse pyar hai
(ඔන්න කොල්ලා පැනලා අහනවා අර හැමතිස්සෙම අහන ප්‍රශ්නය)
naa naa naa naa naa naa………
(කෙල්ලත් ලේසි පහසු බඩ්ඩක්යැ. නෑ නෑ නෑ)
o bago me bahar hai
(කැලේට වසන්තය උදාවෙනවද.)

achha chalo, chhedo aage kahani.
(කෙල්ල කියනවා: ඕකේ අයියා අපි කතාව නවත්තමු)
hoti hai kya bolo pyar kee nishani.
(මට කියන්නකො ආදරේ ඇති උනාම වෙන දේවල්(කට්ට නෑ කෙල්ල))
bechain rehati hai prem diwaani
(නංගී ආදරෙන් පිස්සු වැටුනම හෙන නොසන්සුන් අප්පා. )

ඔන්න දැන් කොල්ලා හයියෙන් හයියෙන් කරනවා .. ප්‍රශ්ණ අහන එක

bolo kya dil bekarar hai, hai.
(කියන්න ඔයාගෙ හිතත් නොසන්සුන් නේද..ඔව්..)
mujhape aitbar hai, hai.
(මගේ ගැන බලාපොරොත්තුවක් තියෙනවද.. හ්ම්ම්)
jina dushavar hai, hai, hai.
(නිකන් ජීවත් වෙන්න අමාරුයි අමාරුයි වගේ නේද... ඔව් ඔව්)
aaj somavar hai, are baba hai.
(අද සඳුදා.. ඔව් අනේ බබෝ ඔව්)
tumko mujhse pyar hai. HAI …naa naa naa naa naa……….
(ඔයා මට ආදරෙයි.. ඔව් .. ආ නෑ නෑ නෑ හි හි හි)

.සිංදුව මෙතනින් ගන්න
ඊට පස්සෙ දෙන්නා කැමරාවෙන් ඈතට යනවා.. මේන් බලන්නකෝ

Download this mp3 from Beemp3.com

දෑවැද්ද…

අනේ බුදු පුතේ..! උපන්දා ඉඳන්ම අපේ දුව ඉගෙනගත්ත මගුලක් නෑ. මේකිට උයන්න, ගෙදරදොරේ වැඩ කරන්න මෙලෝ හසරක දැනුමක් නෑ. මේකි යාළුවෙලා හිටපු කොල්ලො ගාන මේකිටවත් මතක නෑ. ඇත්තම කියනවනම් මේක මහ කුණුගොඩක්.
දැන් මේක බලා ගන්න අපට වයසයි. මේකිව ඒතරමට විස්වාස නෑ. ඒක නිසා මෙන්න මේකිව අරන් පලයන්.. හා හා බෑ කියන්න එපා ඉතින්.අපි සලකන්නෙ නැතුව නෙවෙයි නේ..
මෙන්න මේක තියාගනින්..

ගොනෙක් විකිණීමට තිබේ..

තරමක් නාඹර වයසැති නියම කේප්ප හරකෙක් විකිණීමට තිබේ. රැකබලාගන්නට කැමති අවංක අහිංසක මහත්මයෙකු සොයමි.
කෙල්ලන් වෙනුවෙන් ඕනෑම ගොන් වැඩක් කිරීමට උපන් හපන් කම් දක්වයි. තනිකඩයින්ට විශේෂයි. නැට්ට කපා ඇත. පැය ගණන් ෂොපින් යෑම සඳහා අනුවර්තනය වී ඇත. ටොන් ගණන් රෙදි මළු ඔසවාගෙන යා හැකිය. බිල් ගෙවීම, සහ අනෙකුත් සියළු වියදම් දැරීමට මහත් රුචියක් දක්වයි

කෙල්ලගේ ගෙදර ඇච්චෝ බැච්චෝ පාසල්, පංති රැගෙන යාමට , ඕනෑම කට්ටක් ආදරයේ නාමයෙන් උපේක්ෂාවෙන් විඳීමට පුහුණුකර ඇත.

තවත් මෙකී නොකී අගනා ගතිගුණ රැසකි.. වහාම විමසන්න. ලහියා..

(මුදලට නොව, මා හට රැකබලාගැනීමට අපහසු හෙයින් විකුණමි. නැතිනම් පණ මෙන් රැකගත් සතාය. විහිළුවට නොලියන්න.. )

ගැහැණු අය ඇමතීමෙන් වලකින්න.. මෙය පිරිමි අයට පමණි.. නමුත් ඔතරම් කැමතිනම් අරගෙන ආදරයෙන් බලාගත්තාට වරදක් නැත නමුත් පොඩ්ඩක් පරිස්සම් විය යුතුය. ඇන්නොත් ඇන්නාමයි බව තරයේ මතක තබා ගත යුතුය

සැ. ‍යු. : මෙම පෝස්ටය හුදෙක් රසවින්දනය පිණිස පමණි. කෙවදාවත් මා සතුව එවැනි ගොනෙක් සිට නැත. එනමුත් එවැනි ගොනුන් හදා වඩාගන්න අය දැක ඇත්තෙමි. මේ ඔවුන්ට අනුකම්පාවෙනි !!

මගේ සඳින් ආදරේ ඉස්සුවෙමි

මගේ සඳින් තවත් අදහසක් උස්සන්නට මට සිදුවිය.
මේ සබැඳිය ඔස්සේ මෙහි මූල බීජය නරඹන්නට ආරාධනා කරමි.
ආදරය සම්බන්ධව මගේ සඳින් ගතහැකි අදහස් බොහෝය.. අනුන්ගේ ආකෘති වලට පෙම් කළ යුතු නැත.
නමුත් හොඳ දේ කොතනින් නමුත් ගත යුතුමය.

මෙය මගේ සඳ බ්ලොගයේ තිබුණේ මෙලෙසය..
++++++++++++++++++++++++++++++++++
දැනට ගම්මු පෙම්වතුන්ගැන අද දවසෙම එයාලට උපදෙස් දීල මට ඇති වෙලා ඇයි එයාල ගොඩක් දුක්විදින්නෙ පෙම් කරන්න පටන් ගත්ත මුල් දවසෙ ඉදලම එයාලට ඔනි අනිත් කෙනාව තමන්ගෙ කරගන්න හැද දේම තමන්ට ඕනි විදිහට තියෙන්න ඕනි එහෙම කවදාවත් සිද්ද වෙන්නෑ අනිකාගෙ සතුට සහ ආශාවන් වෙනුවෙන් කැපකිරීම් කරන්න පුරුදු වෙන්න ඔනි සමහර පිරිමි අය හිතනව පෙම් කරන කොට තමන්ගෙ පෙම්වතිය වෙන පිරිමි පුද්ගලයින් ඇසුරු කරන්න හොද නෑ කියල කවදාවත් එහෙම වෙන්නෑඅපි පෙම්කරන්න පටන් ගත් පලියට අපි මැරිල ඉපදෙන්නැ නෙ අපි අපිමයි තව කෙනෙකුට අනුව හැඩගැහෙන්න කාලය උවමනා කරනව ඒක තේරුන් ගන්න මිනිස්සුන්ට පුලුවන් වෙන්න ඕනි

ආදරය කියන්නෙ බලෙන් ගන්න පුලුවන් දෙයක් නෙමේ අපි ආදරය කරන්න ඕනි එතකොට ආදරය අපිටම ලැබෙනව අනිත් පුද්ගලයාගෙන් පමනක් ආදරය බලාපොරොත්තු වෙලා වැඩක් නෑ කලින් අපියි ආදරය කරන්න ඕනි ලැබෙන දේ ගැන හිතන්න එපා පුලුවන් තරම් අනිකාව සතුටෙන් තියන්න උත්සහ කරන්න එතකොට දන්නැතුවම සතුට අපිව හොයාගෙන එනව මං ඒක පුද්ගලිකවම දන්න දෙයක් මං හැමෝම සතුටෙන් තියනව මාව තේරුන් ගත්ත මං ගැන දන්න අය මං දුකෙන් ඉන්න දවසට මාව ගොඩක් සතුටු කරනව ජීවිතේ පැතුම් හොය​ගෙන යන් එපා ඒවා ඉටු වෙයිඅපි කාටවත් කරදරයක් නැතුව එයාලව සතුටින් තියනව නන් ඒක තමයි ජීවිතය කියන්නෙ

අපි ආදරෙයි කියල නීති දාන්න යන්න හොද නෑ නිදහසේ තියන්න අනිත් පුද්ගලයව. යනව නන් යන්න දෙන්න.ඒත් පුලුවන් උපරිම උත්සහය යොදන්න ඕනි තියාගන්න.. බැරිම නන් යන්න දෙන්න.. බලෙන් ආදරය ඉල්ල ගන්න බෑ අඩල ඉල්ලන්ත් එපා ඒ ආදරේ උතුම් නන් ඒ ආ​දරේ බාල්දු කරන්න එපා. උතුම් ආදරය එපා නිසානෙ පිටු පාන්නෙ ඉතින් ඇයි එයාලට අපි තවත් වද දෙන්නෙ කවදාවත් තමන්ගේ අයගෙන් බලෙන් කිසිදෙයක් ඉල්ලන්න හොද නෑ අපි දන්නෙම නැතුව ඒක එයාලට වදයක් වෙනව එහෙම උනාම එයාලට තවත් අපිව එපා වෙනව අපි ඇත්තටම ආදරෙයි නන් අනිකාගෙ සතුට බලල සතුටු වෙන්න පුලුවන් හිතක් තියෙන්න ඕනි ඒකයි ආද​රය කියන්නෙ තමන් ආදරය කරනකෙනා සතුටින් නන් තව මොනවද අපිට ඕනි…

ඒක තමයි ආදරය!!.. අද ​මට ආපු කේස් 5න් (හික්ස්) 4ක්ම තියෙන්නෙ තමන්ට අයිත් කරගන්න යන නිසා ඇතිවන ගැටලු. අප්පා ඒව විසදල මට එපා වෙලා.. අනික කාට හරි ආදරෙයි නන්කෙලින්ම කියන්න සමහර කෙල්ලො, කොල්ලො අහන්නැති නිසා හිතෙන් දුක් වෙනව. නෑ කියන්න බෑ. ඒකත් මට අද ආපු කේස් එකක් තමයි ඒ කෙල්ලයි කොල්ලයි ගොඩක් යාලුවො දෙන්නම ට්‍රයි ඒත් කොල්ල අහන්නෑ කෙල්ල දුකින් ඉන්නෙ ඔය වගේ සීන් වලට මං මොනව කරන්නද අනේ!!!

තමන්ගෙ අතින් කෙල්ලගෙ හෝ කොල්ලගෙ අත තදින් මිරිකපුවම එයාලට රිදෙනව නෙ. ඒ වගේ තමා ආදරෙයි කියල අනිකාව තදින් මිරිකුවොත් එයාලට රිදෙනව. ඒක අපි තේරුන් ගන්න ඕනි.

හිතේ ඇත්තටම ආදරයක් තියනව නන් කෙලින්ම අහන්න..හරි ගියොත් පින වැරදුනොත් පව ​ඔක තමයි ජීවිතේ ආදරේ ඇත්තටම සුන්දර දෙයක්ඒක අත්විදින්න ඒ ආදරේ අසුන්දර වෙන්නෙ අදහස් තේරුම් ගන්න බැරි උනාම කසාදයක් බදින්නම ආදරය කරනව නන් ගොඩක් අදහස් ගැන සැලකිලිමත් වෙන්නඅනිකා හැදෙන්නැත්තන් තමන් හැදෙන්න ඒක තමයි ආදරේ කැප කිරීම නැතුව වහ බොන එක නෙමේ. අනිකාගේ සතුට බලල අපිටත් සතුටු වෙන්න පුලුවන් වෙන්න ඕනි..

ආදරය වෙනුවෙන් ඔනි දෙයක් කරන්න කවදාවත් ආදරේ ඉල්ලල බල කරන්න එපා.. එයාලට වද දෙන්න එපා අපි ආදරේ කරමු එතකොට අපේ ආදරේ අපි ගාවට එනව අනිකාව පුලුවන් උපරිමයෙන් සතුටෙන් තියන්න අපි නිකන්ම එතකොට සතුටින්..
++++++++++++++++++++++++++++++++++

මීට දවස් දෙකකට කලින් ඕක තේරුම් ගන්න මට නොහැකි වීමෙන් මා මහත් විපතකට මඟ කපාගත්තෙමි. ඊට දවසකට පසු මා එය තේරුම්ගත්තද ? අවාසනාවකට එදින ඇය එය තේරුම් ගෙන නොතිබිණි.. වාසනාවකට අද වෙද්දී අපි දෙදෙනාම දින දෙකකදී මාරුවෙන් මාරුවට හොල්මන් නැටූ බව අප දෙදෙනාට අවබෝධ වීමෙන් අපි තවමත් අපේය..
ඉහත සඳහන් බ්ලොගයේ අදහස් ඉතා වටී… අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි..
ආදරය හිඟමන් යදින්න අවශ්‍ය නැත.. හැබැයි නිතර තමාගේ අවංක හැඟීම ප්‍රකාශ කිරීම හිඟාකෑමක් නොවේ. කූඩැල්ලා මෙට්ටයේ තැබිය නොහැකිය.. ඔබ පුදන්නේ අවංක ආදරයක් නම් ,කොන්දේසි වැට කඩුළු විරහිතව පණ දෙවැනි කොට කරන ආදරයක් නම් ඔබේ කෙනා පිට යයිදැයි බිය නොවන්න. එලෙස ගියහොත් ඒ ඔහුගේ / ඇයගේ කරුමය බව සිතන්න.මන්ද එවන් ආදරයක් ලැබීම අති දුර්ලභ දේකි. පවට පින දෙන්නට උවමනා නැත. ඔබට හා ඔබේ ආදරයට ආදරය කරන කෙනෙකුට ආදරය කරන්න..හිත හදාගන්නට අමාරුවන්නේ තවත් අයෙක් ජීවිතයට එනතුරු පමණක් බව මතක තබාගන්න.
ඔබ කෙල්ලෙක්නම් යන යකා කොරහත් බිඳගෙන යාමට ඇති ඉඩ අවුරා දමන්න.

පිරිමහගෙන ගමනක් යමුද ?

මේ දවස් වල වාහනයකට තෙල් ගහනවා කියන්නේ ඇඟෙන් ඇටයක් යනවාටත් හපන් වැඩක් නේ… ඔන්න ජන්ජාලේ පීරද්දී ලහියාට හම්බවුනා මේකට විසඳුමක් විදිහට දුන්න අරපිරිමහින උපදෙස් ටිකක්…


මේකනම් මම යාහූ වලින් කොපි කළා හොඳේ……

ඇත්තටම බලාගෙන යද්දී අපි කොයිතරම් නම් ඉන්ධන නිකන් තේරුමක් නැතිව නාස්ති කරලා දානවාද…

1) Slow and steady wins the race
Gasoline mileage drops off in most cars once you’re going faster than about 60 mph (see chart at left). For every 5 mph you drive over 60 mph, you’re essentially paying an extra 24 cents per gallon of gas.

Try using cruise control on interstates and other highways to maintain a constant speed. It can also help to use your car’s overdrive gears, which save fuel and engine wear by reducing your speed.

2) Be cool in traffic
Aggressive driving — speeding, swerving, sudden acceleration and braking — is not only dangerous, it can lower your gas mileage 33 percent on highways and 5 percent on city streets. Revving your engine while stopped is even more wasteful.

3) But not too cool
Air conditioning can be a big drain on gasoline, so make sure you don’t just leave it on absentmindedly, and certainly don’t leave it on while windows are open, even if they’re just cracked. You can improve your fuel efficiency in stop-and-go traffic by turning off the A/C and rolling down the windows instead, but that’s not necessarily always the best idea.

When driving above 55 mph, especially for long periods on highways, the opposite is true — open windows make a vehicle less aerodynamic by letting in air, which increases air resistance and decreases fuel efficiency. On long road trips, using air conditioning could actually improve your mileage by up to 20 percent.

4) Don’t just sit there
On top of pointlessly pumping out greenhouse gases without actually getting you anywhere, idling automobiles also contribute to ground-level ozone, airborne particulate matter, and other near-surface air pollution. These emissions can aggravate asthma and even hinder breathing in otherwise healthy people, especially children and the elderly.

If you’re just idling to warm up your car in winter, it still only needs to run about a minute. Anything beyond that is just wasting gas.

5) Stay in tune
Fixing a car that needs a tune-up or has failed an emissions test can improve its fuel efficiency by an average of 4 percent. More serious problems, like a faulty oxygen sensor, can reduce mileage by up to 40 percent.

And don’t forget to get an oil change roughly every 3,000 miles or three months, whichever comes first (or you could look into installing an Electro-Lube Oil Refiner, which reportedly eliminates the need for oil changes while boosting efficiency 3 to 4 percent).

6) Get pumped
Keeping a car’s tires properly inflated can improve fuel efficiency by about 3.3 percent. It’s also safer and lengthens the lifespan of your tires, since under-inflated tires lose their tread quickly in addition to wasting fuel. Regular checkups for your tires’ alignment and balance aren’t a bad idea, either.

7) Take a load off
While it mainly affects smaller cars, carrying extra weight means burning extra gasoline, no matter how big your vehicle is. On average, you may be cutting your fuel efficiency by up to 2 percent for every 100 extra pounds you haul.

8 ) Develop motor skills
Using the manufacturer’s recommended grade of motor oil can boost mileage by 1 to 2 percent. Try to also use the lowest grade of gasoline that’s appropriate for your car, since high-octane grades cost several cents more per gallon.

Check your owner’s manual to be sure, but as long as your engine doesn’t start knocking, you’re probably OK. Switching from premium to regular gasoline would save hundreds of dollars every year.

9) There’s a cap for that
Gasoline can evaporate from a vehicle’s fuel tank if it’s able to find an opening, which is bad for your wallet and your lungs. Make sure your gas tank’s cap is tightened securely after you fill up, and if the cap’s threading is stripped or it fits too loosely, you might want to buy a new one.

10) Join the masses
Carpool or, even better, don’t take a car at all — walk, ride a bike, or take mass transit. It saves you money, improves your personal health, and helps the planet by keeping greenhouse gases out of its atmosphere. See MNN’s guide to greening your commute for more ideas.

මරේ මරු

ලහියාට අද මරේ මරු ගැටළුවක් හම්බවුනා.. හිතුවා ඔයාලත් එක්ක බෙදාගන්න.

ඔන්න මේ වගේ සමචතුරස්‍රයක් තිබ්බාලූ…

මේක මෙන්න මේ විදිහට හතරට බෙදුවාලූ…

මේවායින් කොටස් තුනක හතරෙන් එක ගානේ අඳුරු කළා ලූ…

එක සමචතුරස්‍රයක අඳුරු නොකරපු කොටස දෙකට බෙදන්නේ මෙහෙමයි…

තව ඒ හා සමාන කොටසක් තුනට බෙදන්නේ මෙහෙමයි…

තව කොටසක් හතරට බෙදන්නේ මෙන්න මෙහෙමයි….

ඉතිරි කොටස හතකට බෙදලා පෙන්නන්න…. පහසු ක්‍රම දෙකක් තියෙනව …. බලන්න හොයාගන්න පුලුවන්ද කියලා .

උත්තරේ මෙතනම දැම්මොත් හරි නෑ නේ. ඒක වෙනම දැම්මා… මෙතනින් ගිහින් බලන්න