සුභ නව වසරක් වේවා !!!

පැතුම් කැලුළු විකසිත වී දිළිහේවා..
සැප සම්පත් ඔබ සැම වෙත ළං වේවා…
සැමසිත් තුළ මෙත් සිතුවිළි පැතිරේවා..
ඔබ සැමටම සුභ නව වසරක් වේවා…

සුබ නව වසරක් වේවා

ආදරණීය ලොකු තාත්තේ.. !!!

ආදරණීය ලොකු තාත්තේ..

තවත් බොහෝකල් මේ රටේ දරුවන්ගේ දෑස් පාදන්න හැකියාව තිබුණද නිසිකල එලඹීමට පෙර ඔබ අප හැර ගියේය.. මේ පෝස්ටුව ඔබ නොකියවන බව සැබෑය.. නමුත් ඔබගේ වියෝවෙන් හෙළිවන එක් දෙයක් මෙය කියවන පිරිස ජීවිත වලට එකතුකරගනු ඇත.

ඔබ ජීවිතේ ඉපයුවේ මුදලට වඩා මිනිසුන්ය… මා ජීවිතයේ දුටු විශාලම අවමංගල පෙරහරවූ ඔබගේ අවමංගල පෙරහැර සමන්විත වුණේ මුදලට ගෙනා මිනිසුන් ගෙන් නොව.. ලංකාවේ දසදිගින් ඔබ උදෙසාම පැමිණි ඔබේ මිනිසුන්ගෙනි..
කුළියට හඬන්නන් නොව හැඬීම නවත්වාගන්නට බැරිව අසරණ වූ පිරිමින් ගැහැණුන් (මමද ඇතුළුව) කියා පෑවේ ඔබ මෙළොව ඔවුන් ඇසුරු කල සුන්දරම මිනිසෙක් බවය..
ඔබට අවසන් බුහුමන් දැක්වීමට පැමිණි අය අතර මේ රටේ ඉහලතම පුරවැසියන්ගේ සිට බිම් මට්ටමේ සිඟන මිනිසා දක්වා පරාසයක මිනිසුන් අප දුටුවෙමු. සිංහලයින්, දෙමළයින්, මුස්ලිම්වරු, කතෝලිකයින් හෝ වෙනත් අය කියා, උස් අය පහත් අය කියා ඔබ ඔවුන්ට වෙනසක් නොදැක්වූයේය.. අනාථ ද්‍රවිඩ දරුවෙක් තම දරුවෙක් ලෙස ඔබ හදාවඩා ගත්තේය.. ඔහු ඔබට කෙතරම් කෘතඥපූර්වකද යන්න ඔහුගේ වෙදනාත්මක හැඬුමෙන් අපට පසක් විය..

ඔබේ සිනහබර වදන්, ආදරණීය විහිලු, කවදා දකින්නද..
සැබැවින්ම ලොකු තාත්තා යන නෑකමට ඕනවටත් වඩා හොඳ සාධාරණයක් ඔබ ඉටුකළේය..
තාත්තාගේ රැකවරණයට, සෙනෙහසට නොදෙවෙනි ඔබේ සෙනෙහස අහිමිවීම පිළිබඳ දැඩී ආත්මානුකම්පාවෙන් මෙළෙස මගේ වේදනාව ලොවට කියමි….

” අපේ රත්තරං ලොකු තාත්තේ.. ඔබට නිවන්සුව පතමි !”

ලංකාවේ පට්ට ඇඩ්..

අපි ආවේ ඔයාගේ නංගිව බලන්න.. හිතුවට වඩා කට්ටිය ආවත් මගේ නංගි රෙඩී… වෙහෙර ගිලපු එකීට අග්ගල කජ්ජක්ද.. නංගි වෙනුවෙන් මට ඕන මලදානයක් කරන්ට ඇහැකි…

මෙච්චර කල් අපේ අම්මලා තාත්තලා අපට කියාදී ඇත්තේ බෙදාහදාගෙන කන්නය. අපිත් අම්මලාගේ ලණුව කෑවෙමු. පළවෙනි ප්‍රේමය බදාගන්නේ නෑතුව බෙදාගෙන කෑවේ ඒ නිසාය..
නමුත් දැන් කොහේ හෝ බීම බොතලයක් තිබෙනු දුටුවිට කළයුත්තේ එතනට එන හැම එකාම බය කර තනියම බීම එක ගැසීමය..

අපේ අක්කාගේ පොඩි එකා හැමදාම බංඩිය චණ්ඩි කරන යෝගට් එකක් කයි.. ඒත් ඒකාට මේ දවස් ටිකේම බඩේ ලෙඩය.. මම හිතන්නේ ඇටෑක් කොරන්ට ඉන්න ප්‍රෝබයෝටෙක්ලා නත්තලට නිවාඩු යන්නට ඇත..

අළුත් චොකලට් බිස්කට් වඩා රසවන්නේ ඒවා කටේයි, පු**යි හැමතැනම රිසිසේ ගාගෙන කන විටය.. මතක ඇතුව බාගෙට කකා ඉන්න චොකලට් කට ඇතුළේ තියන විදිහ කට ඇර දිව දික් කර පෙන්විය යුතුය.

දත් බෙහෙත් වෙළඳාමද නොසිතූ පරිදි පහසුවී ඇත.. කොහේ හෝ වෙබ්සයිට් එකක අස්සෙන් ඉන්දියාවේ දත් දොස්තර කෙනෙක් දෙන වෛද්‍ය උපදෙස් වීඩියෝ එකක් ගෙන එයට අපේ නිශ්පාදනයේ පොටොවක් පැත්තකින් අලවා අපට උවමනා වචන ටික මෙහේ ඩබින් ආර්ටිස් කෙනෙක් ලව්වා කියෙව්වානම් හරිය..

කෙල්ලෙක් චීත්ත ගවුමක් ඇඳගෙන කිරිගරුඬ වන් කලවා එළියේ පෙන්නමින් ලේඩීස් බයිසිකලයක් පැදයයි.. එක කෙල්ලෙක් නොව එසේ ඇය පිරිවරා එළෙසින්ම කෙල්ලෝ රොත්තකි. පැත්තක වේලි වේලි ඉන්න කොල්ලො රෑනකි.. පසුව උන් ටික බයිසිකල් වලින් කෙල්ලොන්ට ෆලෝ එකක් දෙන්නේ අර දැකපු දේවල් තමා සතුකරගන්න නොව, කෙල්ල ඔලුවේ ගාන තෙල් ජාතිය අහවල් ජාතිය නිසා බව පාරිභෝගික අපි දත යුතුය..

වැලන්ටයින් දිනය සමරමුද? අනේ *කේ

දින දින දින.. එක එක දින.. අවුරුද්ද පටන්ගන්නේ දෙසැම්බර් 31 පාටිය අහවර කරලා නිදාගෙන නැගිට්ට ගමන් new year party එකට උයන්න අරන්.. වෙසක් නත්තල් ඊද් වගේම අළුත් අවුරුද්ද ගුරුදිනය වැඩිහිටි දිනය , මව්වරුන්ගේ දිනය, ළමා දිනය, අන්ධයින්ගේ දිනය දුම්වැටි දිනය…. එක්සෙට්‍රා එක්සෙට්‍රා එක්සෙට්‍රා……………….

ඉතින් කස්ටියත් මේ දවස් වල පස්ස උඩදාගෙන මේ එක දින වල අර්ථයන් කුළුගන්වන වැඩ කොරනවා.. අනේ නරක නෑ කරන්න ඕන. ඒත් මේ සමහර සත්ක්‍රියා වසරේ අනික් කාල වලදී අමතක වෙන එක තමා අවුල.. ජීවිතේට ගෙදරට එන මනුස්සයෙක්ට තේ එකක් දෙන්නේ නැතිඋනාට මොකද මහා දන්සල් දෙනවා. ඒත් මේවත් විවෘත වෙන්නේ සමහරවෙලාවට පළාතේ ඇ මැටි තුමාගෙන් පහළට පිළිවෙලට සකස් කරාම 500කටත් අඩු පිරිසකට..

මදැයි වටේ තැළුවා… ඉතින් හෙට අනිද්දා එනවනේ වැලන්ටයින් දිනය.. දැන් ටික ටික හාහෝවක් යනවා සමරනවද නැද්ද කියලා..
ගිය අවුරුද්දේ නම් මමත් සැමරුවා නොම්මර එකට.. රතු ඇඳලා අනෙ අප්පේ… කියලා වැඩක් නෑ.. ඒත් මට තියෙන ප්‍රශ්ණේ තමා වෙනදා හමුවෙලා කතාකරන එකත් මේකත් අතර තියෙන වෙනස.. එකම වෙනස වෙන්නේ එදාට හැමදේම ටිකක් ගණන් වැඩිවෙන එක තමා..

ටික ටික වයසින් වැඩෙනකොට මේක පුහුදෙයක් කියලා දැනුනා.. ඇත්තටම මටනම් ආදරය වෙනුවෙන් කවදත් කැපකරන්න පුළුවන් දවසින් යම් වෙලාවක්.. හැබැයි ඒ මුළු හදවතටම අවංකව..

වැලන්ටයින් දිනය හොඳම මොකක්වත් කරගන්න බැරි උන අයට තමා. එදාට යෝජනාවක් ගෙනාවම කෙල්ලෙක්ට ඒක ප්‍රතික්ශේප කරන්න බැරිලු.. එහෙම කරනවනම් කිස් එකක් දෙන්න ඕනලු.. කෙල්ලෙක්ටත් ඕනනම් කොල්ලෙක්ට යෝජනාවක් කරන්න පුළුවන්ලු.. ඒකත් ප්‍රතික්ශේප කිරීම සම්ප්‍රදාය නෙවේලු. එහෙම ප්‍රතික්ශේප කරනවනම් හාද්දක් හරි අත්මේස් එකක් හරි දෙන්න ඕනලු. පවුල් උන අයටනම් ඒකත් තව එක දිනයක් විතරයි..

කොහොම උනත් මෙදාපාර වැලන්ටයින් දිනය විශේෂයෙන් සමරන්න අදහසක් නෑ.. ඒත් වෙන්න හාමිනේ ඉතින් කෝඩුකාරයිනේ.. එයා ආසද කියලා අහන්න බැරි උනා.. එහෙම ආසනම් ඉතින් එදාට ටිකක් ඇවිදින්නවත් යන්න ඕන..

එහෙනම් කස්ටියටම හැපි වැල – න්ටයින් ඩේ එකක් වේවා !!!!!!!

සුබ උපන්දිනක් වේවා මගේ මැණිකට

අද ලහියට ගොඩාක් විශේෂ දවසක්.. මගේ මැණිකගේ උපන්දිනේනේ.. ඉතින් මම මගේ සුදු මැණිකට සුබම සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා.. ඒ වගේම මේක මේ ලියන්නේ ඒකට විතරක්ම නෙවෙයි.. මෙතෙක් නොකිව් කතාවක් ඔයාල එක්ක බෙදාගන්න..
ඒ තමා මට එයාව ලැබුණේ කොහොමද කියන කතාව..
මට එයාව මුණගැහුණේ මූණුපොතෙන්.. ඒත් කාලයක් කිසිම ආස්‍රයක් තිබුණේ නෑ.. ඒත් නැවත හමුවීමෙන් ඇරඹෙන අපේ කතාව සාමාන්‍ය එකක් නෙවේ..

මම ආදරය අහිමිකරගෙන හිටපු කාලේ මම මගේ ආගමික භක්තිය විස්වාසකරලා එක දෙයක් ප්‍රාර්තනා කළා.. ඒ මම මෙතෙක් ජීවත් වුණු විදිහ සාදාරණ, අහිංසක එකක්නම් මට සර්ව සම්පූර්ණව මගේ ජීවිතය එළිය කරලා මගේ හිතේ දුක නිවන කෙනෙක් ලබලා දෙන්න කියලා..

ඒත් මම මගේ ආදරේ මට මුණගැහුණු මුල් දවස් වල ඒක ඒතරම් හිතුවේ නෑ..

ඒත් කල් යනකොට මට දැණුනේ මොකක් හරි බලවේගයක් මම ඒ ඉල්ලපු කෙනා ඉල්ලුවටත් වඩා හොඳට මට ලබාදිලා තියෙනවා කියන එක.. ඉතින් මම දෙවියන් මට දීපු ඒ තෑග්ග කවමදාවත් නැතිකරගන්න තරම් මෝඩයෙක් නෙවේ..

ඉතින් මැණික මම ඔයාට සුබ උපන්දිනයක් ප්‍රාර්තනා කරන්නේ නෑ.. මම ප්‍රාර්තනා කරන්නේ මට ඔයාගේ හැම දවසක්ම තවත් එක චමත්කාරජනක දවසක් කරන්න හැම තිස්සෙම ලැබෙන්න කියලා විතරයි මගෙ මැණික.

ඔයා නොදන්න එකම දේ තමා මගේ ජීවිතේ කිසිම කෙනෙක්ට වඩා ඔයා ගොඩාක් ලං වෙලා මගේ හිතේ තිබ්බ අන්තිම බිංදුව දක්වාම අයිතිකරගත්තා කියලා තමයි..

ප.ලි… : මේක පබ්ලිශ් කරලා ඔයාට විශ් කරන්න හිටියේ 11.38 ට.. ඒත් මට තවත් ඉන්න බෑ.. ඒකයි පබ්ලිශ් කරන්නේ…

මගේ ලකෙත් පුයිට්.. උඹේ ලකේත් පුයිට්..

.


ලයිට් නැතිවෙලාවට වැසිකිලි යන්න ගියාම සිද්දවෙන නානාවිද කරදර සලකා බලා අපේ පැත්තේ ප්‍රසිද්ද කොත්තු කඩයක් නවතම සොයාගැනීමක් කලා.. ඒ තමා කොත්තු වලට කනාමැදිරියන් දැමීම.. ඉතිං කණාමදිරියගේයි මගේයි දෙන්නගේම ලකේ පුයිට්…

කෝටිපති හිඟන්නෝ…

මේ මෑතක අහසකරා ලියලා තිබුණා පෝස්ටුවක් හිඟන්නෝ ගැන..
ඉතින් ඒක දැක්කම පොඩි එකතුකිරීමක් කරන්න හිතුනා..

මේ සිදුවීම වෙන්නේ 2007 අවුරුද්දේ.. මම උ.පෙළ ලියන කාලේ අපට ඕනෑ තරම් නාස්තිකරන්න කාලේ තිබ්බ කාලේ (දැන් නැතිඋනාට) …

මේ නිරීක්ශණය අපි සති 3ක් වගේ කළා…

මෙන්න මෙහෙමයි කතාව… කොට්ටාව නගරයේ බස් නැවතුම්පොළ කවුරුත් දන්නවනේ.. ඉතින් මේකේ කොටස් දෙකක් තියෙනවා.. එකක් තමා 255 (ඒදවස් වල)..342,296,129 (ද කොහේද) හා 138 පිටකොටුව බස් නවත්තන සෙක්ශන් එක.. අනික් කොටසේ 174,336, වගේ බස් කීපයක් නවත්තනවා.

ඔතන ඒදවස් වල හිඟන්නෝ 4ක් 5ක් වගේ හිටියා..

  • .ලමයෙක් වඩාගත්ත 18-19 වගේ කෙල්ලෙක්.
  • .අන්ධ මනුස්සයෙක්(පොර ඇත්තටම අන්ධ නෑ… කුණුහරුපෙන් කෑගහනවා මොනාහරි කිව්වම.
  • .සින්දු කියන මනුස්සයෙක් (ලස්සනට කියනවා කියලා එයාම කිව්වට බල්ලෙක්ටවත් අහන්න බෑ)
  • .බඩ ඔපරේශන් කරපු පොරක්
  • .ළමයෙක්ගේ ෆොටෝ එකක් පෙන්න පෙන්න යන කෙනෙක්

.
ඉතින් මේ අය හැම කෙනාවම වෙන වෙනම නෝට් කරගෙන එයාලා නගින බස් ගැන බැලුවා.. සෑම විනාඩි 15කටම වරක් බස් සෙට් එකම අලුත් වෙනවා.. ඒ කාලය තුළ 255 බස් 3ක්, 342,296 එක බැගින්, සහ 129 දෙකක් වගේ… 138 ත් 2ක් 3ක් වගේ සෙට් වෙනවා.(එකතුව 10ක් වගේ)

එතකොට ඔය පස්දෙනා (තවත් හිටියා) ඔය බස් වලින් 70% ක්වත් කවර් කරනවා. ඇවරේජ් එකක් හැටියට එක බස් එකකින් 10 දෙනෙක් ඒකාලේ හැටියට රුපියල් 5ක් වගේ දෙනවා.. සමහර බස් වල ඊටත් වැඩියි.. ඒත් මේකට අපි ගත්තේ ගොඩාක්ම පොසිබල් එක විතරයි..

ඒක නිසා 8 දෙනෙක් 5 බැගින් දෙනවා කියලා ගත්තා..
පැය කාලකට => 8*5*7 = 40*7 = 280
පැයකට => 280*4 = 1120 => ඩිස්කවුන්ට් දාලා 1000යි කියලා ගමු..
කෑම පැය ඇරලා පැය 7ක් වැඩ කළොත් 7000 යි.. ඒත් පැය 8 නෙවේ උදේ 7.8 වෙද්දී පටන් ගන්න මෙයාලා වැඩ නවත්තන්නේ රෑ 8 ට වගේ..
එතකොට ඉරිදා සෙනසුරාදා නිවාඩු දම්මමු.. තව නිවාඩු 3ක් දෙමුකෝ අමතරව.. එතකොට දළ වශයෙන් දවස් 17ක් තමා මාසෙට වැඩ..

එතකොට දවසට 7000යි.. නෑ නෑ ඒකෙනුත් ටිකක් දාමුකෝ අතඇරලා. අපි 4500 ක් දාමු…
එතකොට මාසෙට => 17*4500 = 76500 /=

සමරි එක කියනවනම්
දවසට පැය 7 ගානේ මාසෙට දවස් 17ක් වැඩකරලා කැමති දවසක නිවාඩු අරන්, කැමති දවසක වැඩකරලා දළවශයෙන් 76000ක ආදායමක් ලබනවා..

ටිකක් හිතන්න මේ වගේම වැටුපක් ලබන්න ඔය රංගලා, දුමීලා වගේ සොෆ්ට්වෙයාර් ඉංජිනේරුවන් කොයිතරම් කට්ටක් කන්න ඕනද. රෑ නිදිමරන්න ඇති.. මැරීගෙන. ඇස් දොට්ට පනිනකම් පාඩම්කරන්න ඇති.. මම දන්න තරමින් ක්ශේත්‍රයේ මුල් අවුරුදු කීපයම ඔය සීමාවේ ඉන්න වෙනවා..

මගේ අක්කා සහ අයියා දෙන්නම සිවිල් ඉංජිනේරුවෝ.. අයියා ලංකාවේ නමගිය සමාගමක වැඩකරන්නේ.. තාමත් වැටුප 35000යි. වැඩි උනත් දෙගුණයක් වේවි. අක්ක රජයේ ආයතනයක. වැටුප 22000ක් විතර. ඔක්කොම එකතු උනාමත් 50000න් මෙහාපැත්තේ… මම වැඩකරපු ආයතනයේ අධ්‍යක්ෂක (සිවිල් ඉංජිනේරු) වරයෙක්ගේ වැටුපත් 50000ක් ආසන්නයේ.. ඔබේ වැටුප කීයද.. ???

පහුගිය 8දා මම එක්තරා ජාත්‍යන්තර පාසලක සම්මුඛ පරීක්ශණයකට ගියා.. ඩිප්ලෝමා දෙකක් ඇතුව. බී අයි ටී උපාධිය සම්පූර්ණ කරමින් ඉන්න මට රැකියා 2ක පළපුරුද්ද සහ පුද්ගලික උපකාරක පන්ති කරලා තියෙන පළපුරුද්දත් සලකා.. මාසෙකට රුපියල් 3000ක වැටුපක් සමඟ වසරක පුහුණුවකට ආරාධනා ලැබුණා..

ටික ටික මං….

.
හිමිදිරියේ පොරෝනයකට ගුලිවී නිදාගත් කාලය අවසන්ය… මේ වැඩකරනා දිවා කාලයයි… ජීවිතයේ හිමිදිරිය නිමාකොට ගිනිමද්දහනයට එළඹෙමින් සිටිමි. දෙසැම්බර් තිස් එක්වැනිදාවක මා නෙතේ ගැටුනු මෙලොව මුල්ම ආලෝක කිරණය ගැන දිවුරමින් අදවැනි දිනක මෙසේ සටහනක් තබමි..

“මා නෙත ආලෝකමත් කළ කිරණය සෙස්සන් සමඟ එක්වී ලොව ආලෝකමත් කළේ යම්සේද.. එළෙසින්ම ශක්ති පමණින් මෙලොව ආලෝකමත් කිරීමට කැපවෙමි.”

Z ලකුණු හැදුවේ මෙහෙමයි

.
හැමදේටම කෑගහන්න පුරුඩුවෙලා ඉන්න අපේ අයට ලොකු ප්‍රශ්ණයක් නේ මේ Z ලකුණ හැදුවේ කොහොමද කියන එක..
මෙහෙමයි ඒක වෙන්නේ.. පැරණි නිර්දේශයේ ලකුණුත් නව නිර්දේශයේ ලකුණුත් එක්තරා ක්‍රමවේදයකට එකතු කිරීමෙන් තමා Z අගය නිර්ණය කරන්නේ.. එතකොට ඒ ලකුණු ඒකාබද්ධ කරන්නේ මෙන්න මෙහෙමයි..

ඇත්තටම බැරිද ?

මගේ මේ කෙටි ලිපියට පාදක වන්නේ මේ ලිපියයි....

“මේ සම්බන්ධව අදහස් ප්‍රකාශකළ විභාග කොමසාරිස් වරයා ප්‍රකාශකලේ “අසමසම විභාග අංකයක්” නිර්මාණය කිරීම අපහසු බවත් වෙනත් විභාග වල අංක එක සමාන වන අවස්ථා ඇති බවත් තමාගේ විභාග අංකය නිසි පරිදි ඇතුලත්කර ප්‍රතිඵල බැලීම සිසුන්ගේ වගකීමක් බවය.” උපුටාගැනීම ඉහත සබැඳියේ ලිපියෙනි…

සැබැවින්ම එසේද.. එදා සිට මෙදා දක්වා උපන් හැම දෙනාම අංක 9කින් නිරූපණය කළානම් විභාග අංකයට මෙවැන්නක් කළ නොහැකිද ?

මොකෙක්වත්ම නොවෙන මම කරන පුංචිම පුංචි යෝජනාව බලන්න…
මම මේ යෝජනා කරන ආකාරය 2999 දක්වාම… කැමතිනම් ඊටත් කල් භාවිතා කළහැකිය.

විභාග අංකය කොටස් හතරකි, අවුරුද්ද|විශය ධාරාව|පළාත|අංකය

අවුරුද්දේ මුල අගය වෙනස් වෙන්නේ තව අවුරුදු 988කට පසු නිසා ඒගැන සිතීම උවමනා නැතය යන්න මම සිතමි..

එසේනම් ඉලක්කම් තුනකින් අවුරුද්ද නිරූපණය කළ හැකිය.
දැනට පවතින විශය ධාරා 4 නිරූපණය කරන්නේ
කළා : A
වාණිජ : C
ගණිත : M
ජීවවිද්‍යා : B

පළාත් 9 ට වෙන වෙනම දක්වනවානම් වාහන වල නව අංක ක්‍රමය ආදේශකරගන්න හැකිය.. එනම්

WP, CP, EP, SP, NP, UP, NC, NW, SG. ලෙසය

අවසානයට සරල හැඳුනුම් අංකයක් ඉලක්කම් 5ක පමණ…

උදා: බස්නාහිර පළාතෙන් ගණිතයට ඉදිරිපත් වෙන සිසුවෙක්ට ඉදිරි වසරේ ලැබෙන අංකය සලකමු…

012MWP12569

අංකයේ මුළුදිග ඉලක්කම් 11ක් වුවත් විශේෂයෙන් මතක තබාගත යුතුවන්නේ අංක 5ක් පමණි.. ඉතිරි අංක එම සිසුවාගේ මිතුරන් සැමටම පාහේ පොදු වූවකි.. මෙම අංක ක්‍රමයෙන් එක පළාතක සිසුන් 99999ක් එක් විශයකින් විභාගයට ඉදිරිපත් වුවත් කිසිඳු ගැටළුවක් ඇතිනොවේ .. එම සීමාව ඉක්මවන කල්හී කළයුත්තේ අවසාන අංකය අංක 6ක් කිරීමය එවිට 999999ක් දෙනා පහසුවෙන් හැසිරවිය හැකිවන අතර පරිගණකගත කිරීමේදීද වඩා පහසුකම් සැලසෙනු ඇත.

එක පලාතක 999999 දෙනෙක් උසස්පෙළ එක් විශයකින් පමණක් ඉදිරිපත් වේනම් සාමාන්‍ය තත්ව යටතේ විභාග පැවැත්වීමට වඩා එම පළාතේ විසඳීමට දැඩි අර්බුදයක් තිබෙනු නොඅනුමානය.. :P .

Read more: http://www.gossip9.com/2011/12/blog-post_28.html#ixzz1hoKEP3aJ

Follow

Get every new post delivered to your Inbox.